ගොඩක් මිනිස්සු බලන් ඉන්නෙ ඉහළට යන අයට මඩ ගහන්න
නර්තන ශිල්පිනියක් ලෙස කලා ලෝකයට එක්වූ ෂේනු විහංසා මේ වනවිට නිරූපිකාවක් මෙන්ම රංගන ශිල්පිනියක් ලෙසද කටයුතු කරමින් සිටියි. ස්වාධින රූපවාහිනියේ විකාශය වන %ජීවිතය ඇතු තුරා^ ටෙලි නාට්‍යය තුළද නිතරම දකින විහංසා සිය කලං ගමන අපට මෙසේ විස්තර කළේය.
ඔබ කලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?
මම කලාවට එන්නේ නර්තන ශිල්පිනියක් විදිහට. ඒ "Thushi with Session One Dancing Group" කියන නර්තන කණ්ඩායම හරහා. නර්තන ශිල්පිනියක් විදිහට වැඩ කරන කොට බොහෝ දෙනෙකු අඳුන ගන්න ලැබුණා. විශේෂයෙන්ම %ෆේස්බුක්^ එකෙන්. ඒ අයගේ අඳුනාගැනීම් මත විවිධ කලා නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඔය විදිහට තමයි ක්ෂේත්‍රයට ආවේ.
දැනට ඔබ දායක වුණ කලා නිර්මාණ මොනවද?
"Thushi with Session One Dancing Group" මම වැඩි කාලයක් ගත කළේ. දැනට මම ඒ නර්තන කණ්ඩායමෙන් ඉවත් වෙලා රංගනය පැත්තට වැඩිපුර යොමු වෙලා තියෙනවා. මේ දිනවල ස්වාධින රූපවාහිනි නාලිකාවේ විකාශය වෙන %ජිවීතය ඇතු තුරා^ ටෙලි නාට්‍යය තුළින් දකින්න පුළුවන්. ඊට අමතරව මා දායක වුණ ගීත රූප රචනා කිහිපයක් ඉදිරියට එන්න තියෙනවා.
ඔබ ක්ෂේත්‍ර කිහිපයකම කටයුතු කරන කෙනෙක්?
ඔව්, නර්තනයට මට සුවිශේෂි හැකියාවක් තියෙනවා. දැනට මම රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම නිරූපිකාවක් විදිහට ඒ වැඩවලටත් දායක වෙනවා.
පුංචි කාලේ තිබුණ හීනයක්ද කලාවට සම්බන්ධ වෙන එක්?
කලාව තෝරාගත්තේ මං කලාවට ගොඩක් කැමතියි. ඒ වගේම ආදරේයි. මට පුංචි කාලේ ඉදන් හිනයක් තිබුණා කලාවට සම්බන්ධ වෙලා ඒ පැත්තෙන් ඉදිරියටම යන්න. ඒ හීනේ මගේ තාත්තටත් තිබුණා. අද වෙන කොට මම තාත්තාගේ හීනේ යම් තරමක් සඵල කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම මම බලාපොරොත්තු වෙනවා මේ ක්ෂේත්‍රය තුළින් ඉහළම තැනට යන්න.
ක්ෂේත්‍රය ගැන විවිධ කතා ඇහෙනවා. බයක් නැද්ද ක්ෂේත්‍රයට සම්බන්ධ වීම ගැන?
ඕනැම දෙයක හොද සහ නරක දෙපැත්තක් තියෙනවා. ගොඩක් මිනිස්සු බලන් ඉන්නෙ ඉහළට යන අයට මඩ ගහන්න. මානසිකව වට්ටන්න. ඉතින් මිනිස්සු කියන දේවල්, හදන කටකතා වලට අපි නතර වුණොත් අපි පරදිනවා. මම කටකතා වලට බය නැහැ. මොකද, මට කටකතා හදන අයට තියන්නෙ ඒ හැකියාව විතරයි. ඒත් මට එහෙම නෑ. මට තියන හැකියාව ඒ අයට නැහැ.
නවකයන් විවිධ බලපෑම් මේ ක්ෂේත්‍රය තුළ එල්ල වෙනවා?
ඕනෑම කෙනෙක්ට අයුතු බලපෑම් එල්ල වෙනවා. ඒත්, එවට මුහුණ නොදී ඉස්සරහට යන්න බෑ. අයුතු බලපෑම් නොකර උදව් කරන හොඳ මිනිස්සුත් මේ ක්ෂේත්‍රය තුළ ඉන්නවා මා දකිනවා.
ප්‍රේක්ෂයෝ ඔබව දැන් අඳුනනවාද?
නැහැ. මොකද, නිර්මාණ හරහා ප්‍රේක්ෂයෝ මාව දැකලා තියෙන්නේ අඩුවෙන් නිසා. යම් පොඩි පිරිසක් මාව දන්නවා. ඒ මේ දිනවල විකාශය වෙන %ජිවීතය ඇතු තුරා^ ටෙලි නාට්‍යය තුළින්.
අත දුන්න පිරිසත් මතක් කරමු?
%ෆේස්බුක්^ එකේ ඩිල්ශාන් කියල අයිය කෙනෙක් තමයි මට මුලින්ම උදව් කළේ. චාමර අයියා, ශාන් අයියා, අනුර අයියා, ශාන්ත අයියා, ගයාන් අයියා, චතු අක්කා, ක්‍රිෂ්නා අක්කා, වාසනා අක්කා මේ හමෝම මතක් කරන්න ඕනි. ඒ වගේම විශේෂයෙන් මගේ නර්තන ගුරුතුමිය තුෂි මහත්මියත් මතක් කරන්න ඕනි. අම්මා, තාත්තා ඇතුළු මගේ පවුලේ හැමෝමත්, සසිත් සංජිව අයියාවත් මේ අවස්ථාවේදී මතක් කර සිටිනවා.
බුද්ධික සේනාධීර