ගොඩක් ජනප්‍රිය පුද්ගලයන්ටත් ගොසිප් නිර්මාණය වෙනවා
නිතර දැන්වීම්වල සහ ගීත රූප රචනාවලට දක්නට ලැබෙන ඇය මේ වනවිට නිවේදිකාවක් වී සිටින්නීය. නිරූපණය තුළින් ක්ෂේත්රයට පැමිණි ඇය මියුසික් වීඩියෝ තුළින් ජනප්‍රියත්වයට පත් වූ අතර, වේ වනවිට සිරස රූපවාහිනිය තුළ නිවේදිකාවක වශයෙන් සේවය කරන්නීය. ෂෙහානි විජේතුංග අපත් සමග මෙලෙස එක්විය.
මේ දවස්වල කාර්යය බහුල නිවේදනයෙන්ද? නිරූපණයෙන්ද?
මේ දවස්වල නිවේදන කටයුතු ටිකක් අඩුවෙන් කරන්නේ. නිරූපණය පැත්තට තමයි වැඩිපුර යොමුවෙලා ඉන්නේ.
ඇයි නිවේදනයෙන් ඈත් වෙලා ඉන්නේ?
ඈත් වෙලා නැහැ. මම කරපු වැඩසටහන්වල මුල් අදියර ඉවර වෙලා තියෙනවා. ඊට අමතරව අධ්‍යාපනය කටයුතුත් කරන නිසා වැඩි කාලයක් ඒ සඳහා යොදවන්න වුණා.
නිවේදන කටයුත ගැන මතක් කළොත්?
"කෝටියක් වටිනා අදහසක්" කියලා රියලිටි වැඩ සටහනක් කළා. එකේ සීසන් වන් ඉවර කළා. "තාල සලාදේ" කළා. ඒක චාර්ට් ෂෝ එකක්. අවුරුදු එකහමාරක් එය සිදුකළා.
නිරූපණය පැත්ත?
මම රොසෑන් ඩයස් මහත්මයි ළඟ රූම්ප් ශෝ, බ්‍රයිඩල් සිදු කළා. ඊට අමතරව නිරූපණයෙන් මියුසික් වීඩියෝ සහ වෙළෙඳ දැන්වීම්වලට දායක වුණා.
රංගනයට කැමැති නැද්ද?
කැමැත්තක් තියෙනවා. හැබැයි සිනමාව පැත්තට එච්චර කැමැත්තක් නැහැ. ටෙලි නාට්‍යයට තමයි කැමතියි. ටික දවසකට කලින් රූපවාහිනියේ විකාශය වුණ %විමන්සා^ ටෙලි නාට්‍යයයේ චරිතයක් සඳහා දායක වුණා. ඉදිරියේ දී ටෙලි නාට්‍යවලින් මාව දකින්න පුළුවන් වෙයි. සිනමාව ගැන ටිකක් හිතන්න ඕනේ.
නිවේදනයටද? රංගනයටද වැඩියෙන්ම දක්ෂ?
ඇත්තටම මම දකින විදිහට නිවේදනයට වඩා රංගනයට මම දක්ෂයි කියලා මට හිතෙනවා. මොකද මට නිවේදනයට හැකියාව බොහොම අඩුයි. රංගනයට හැකියාව තියෙනවා කියලා බොහෝ අය පවසනවා. මොකද සිරස ටීවී එකේ අවුරුදුවලට පොඩි කොමඩි ටයිප් ඩ්‍රාමා එකක් කළා. අන්දරේ, රජතුමා ඒ වගේ චරිත එක්ක පැය දෙකක විතර වැඩසටහනක් කළා. ඒ වැඩසටහනේ මම අන්දරේගේ වයිෆ්ගේ චරිතේ තමයි කළේ. පස්සෙ තමයි මට ගොඩක් අය කිව්වෙ මට රංගනයට හැකියාව තියෙනවා කියලා.
සමාජ වෙබ් අඩවිවල මෙච්චර පෙනී ඉන්න බයක් නැද්ද?
මගේ වෘත්තිය විදිහට රංගනය, නිරූපණය සහ නිවේදනය කළත්, මම හදාරන්නේ තොරතුරු තාක්ෂණය. ඉතිං සමාජ වෙබ් අඩවි කියන දේ මොකක්ද කියලා මම හොඳට අඳුන ගෙන ඉවරයි. ඒක තුළින් කෙනෙක්ට කරන්න පුළුවන් උපරිම හානිය මොකක්ද? හොඳ මොකක්ද කියන මේ කාරණා ගැන මම හොඳට දැනුවත්. අද අවු 17, 18 වගේ වයසවල අය තමයි ෆේස්බුක් පේජ්වල ඇඩ්මින්ලා වෙලා ඉන්නේ. ඒ වගේ අයට ජීවිතේ වගකීමක් නැහැ. කිසිම දෙයක් බරපතළ විදිහට ගන්නේ නැහැ. මේ කාරණාව නිසා තමයි සමාජ වෙබ් අඩවිවල ප්‍රමිතියක් නැහැ කියන්නේ. අද ගොඩක් ජනප්‍රිය පුද්ගලයන්ට විවිධ වූ ගොසිප් නිර්මාණය වෙනවා. ඒක අද ට්‍රෙන්ඩ් එකක් වෙලා. අද ලංකාවේ ඒ පැත්තට නීතිරීති පැත්තේ අඩුවක් තියෙනවා. ඒ ගැනත් හිතන්න ඕන. හැබැයි මම අද මෙතන ඉන්නේ සමාජ වෙබ් අඩවි නිසයි. ඒ නිසා මම හිතන්නේ නැහැ බයේ ෆේස්බුක් වැනි දේවල් පාවිච්චි කරන්න ඕන කියලා. තමන්ට තියෙන නිදහසේ තවත් පැත්තක් සමාජ වෙබ් අඩවි භාවිතය කියලා ඕනම කෙනෙක් අද දන්න දෙයක්. හරි විදිහට භාවිත කරනවානම් වැරැද්දක් වෙන්නේ නැහැ.
ජීවිතේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවාද?
ලොකු බලාපොරොත්තුවක් නැහැ. මගේ ජීවිතේ ලොකු හීන නැහැ. හැබැයි මට මොකක් හරි දෙයක් කරන්න ආස හිතුනොතින් ඒක කරලා තමයි පස්ස බලන්නේ. ඒ හින්දා මං ආස දේවල් කරන්න තමයි මම කැමැතියි. මට ඕනේ මං වටේ ඉන්න අයට උදව් කරන්න. මම ආදරේ කරන අයට ශක්තියක් වෙන්න මං හිතනවා. ඒ දේවල් කරන්න පුළුවන් නම් ජීවිතේට ඇති. පොඩි පොඩි ඉලක්ක තියෙනවා. ලොකු හීන පස්සේ දුවන්න ආසාවක් නැහැ. මම දකින්නේ අපේ හීන ගැන කතා කරනවාට වඩා ඒ දේවල් කරලා පෙන්නුවාම තව කෙනෙක්ට දැනෙන විදිහ වැඩියි. ඒ නිසා මම කැමැතියි ඒවා කරන්නේ නැතුව කරලා පෙන්නන්න.
Hair and Makeup – Yadu Rana
Costume By – Dilan Warnakulasuriya
Dilan Chryshantha / Pix - Eshan Fernando