ගොඩක් අය මට කතා කරන්නේ නේත්‍රා කියල
වෘත්තීය වශයෙන් වෙනත් ක්ෂේත්‍ර පිළිබඳව අදහසක් ඇතිවුවද, විනෝදාංශයක් ලෙස නිරූපණ ක්ෂේත්රයට ඇතුළු වූ ඇය දිනේත්‍රා සමරසිංහ නම් වෙයි. මේ දිනවල බොහෝ වෙළෙඳ දැන්වීම් ප්‍රමාණයකින් දක්නට ලැබෙන ඇය මෙවර තරු කතාබහට අපි එක්කරගනු ලැබුවෙමු.
නේත්‍රා කියන්නේ කවුද?
නේත්‍රා කියන්නේ මම ෆේස්බුක් එකේ භාවිත කරන නමයි. නේත්‍රා වීරසිංහ කියල මම දාගෙන ඉන්නෙ මගේ අම්මගෙ වාසගමත් එක්කයි. මගේ නම දිනේත්‍රා සමරසිංහ. ගොඩක් අය මට කතා කරන්නේ නේත්‍රා කියල තමයි.
ඔබ වෘත්තීය වශයෙන් නිරූපිකාවක්ද?
නැහැ. මම දැනට Under Graduate කෙනෙක්. මම NSBM එකේ Accounts and Finance තමයි Degree එකට කළේ. දැන් Graduation එක තියෙනකත් බලාගෙන ඉන්නවා. ඒ Field එකෙනුත් ඉස්සරහට යන්න තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ.
නිරූපණයට එකතු වෙන්නේ කොහොමද?
මම පටන් ගත්තේ NSBM එකේ තිබ්බ Talent Show එකකින්. ඊට කලින් මට Bridal වලට එහෙම කතා කරල තියෙනවා. නමුත් ඒ දවස්වල මම ඒ සඳහා දායක වුණේ නැහැ. NSBM එකේම එකක් නිසා ඒ සඳහා දායක වුණා. NSBM එකේ ඒ කටයුත්ත සඳහා මට කතා කළේ Event Coordinate කරන දිලුක්ෂි කියන අක්කි. එතැන ෆැෂන් ෂෝ එකක් කළා We Got Talent එකේ කෞෂික හේවගේ කියලා NSBM එකේම සිසුවෙක්. එයාගේ ෆැෂන් ෂෝ එකේ ෆොටෝස් එහෙම දැකලා මට රෑම්ප් ෂෝ සඳහා කට්ටිය කතා කළා. ඊට පස්සෙ රෑම්ප් ෂෝ වලට, බ්‍රයිඩල් වලට මම දායක වුණා.
එතැනින් ඇරඹූ නිරූපණ ගමනේ මේ වනවිට දායකවෙලා තියෙන වැඩකටයුතු ගැන කිව්වොත්?
මම ලංකා බැංකුව, මොබිටෙල් ඇතුළු වෙළෙඳ දැන්වීම් තුනක් සඳහා දායකවෙලා තියෙනවා. ඊට අමතරව Press Ad ගොඩක් කරල තියෙනවා. ඒ මොබිටෙල්, AIA, බ්‍රව්න්ස් හෝස්පිටල්, ආසිරි, නෝර් චිකන් කියුබ් ඒ වගේ තවත් Press Ad සඳහා දායක වුණා. තව ඉස්සරහටත් කරන්න තියෙනවා. මියුසික් වීඩියෝ ගැන කිව්වොත් මගේ විශ්වවිද්‍යාලයේම යාළුවෙක් වන ශිහාන්ගේ මියුසික් වීඩියෝවට දායක වුණා. ඒ දැනට අවුරුදු දෙකකට කලින්. ඉස්සරහට එන්න තියෙන මියුසික් වීඩියෝ දෙක තුනක් තියෙනවා. ඊට අමතරව මේ දවස් වල මම ටෙලි ෆිල්ම් එකක ඉන්නවා. ඒ ගැන විස්තර පස්සෙ කියන්නම්. ඒක ඉදිරියේදී එයි. තව මිස් ස්කූබා ශ්‍රී ලංකා කියල පැජන්ට් එකක මම ඉන්නවා. ඒ වැඩ අතරේ තමයි කාලය ගෙවෙන්නේ.
උපාධිධාරිනියක් වන ඔබ ඉදිරියේදී කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ මොන අංශයෙන්ද?
මම කටයුතු කරන අංශ දෙකටම කැමතියි. මගේ Carrier එක අතින් කැමති Accounts and Finance පැත්තෙන් යන්න තමයි. මගේ විනෝදාංශය සහ ආසාව විදිහට මේක කරගෙන යන්නත් කැමතියි.
නිරූපණය සහ කලාව කියන ක්ෂේත්රය අද හොඳද?
ඔව්, එක් හරියට කළොත් සහ අපි ඉන්න විදිහෙන් තමයි තීරණය වෙන්නේ. කිසි නරකක් නැහැ. මට නම් මෙච්චර කාලෙකට නරකක් වෙලත් නැහැ. කෙනෙක්ට මිනිස්සු අඳුනගන්න පුළුවන් වෙනවා වගේම ගොඩක් අය එක්ක වැඩකටයුතු කරන්න හැකියාව ලැබෙනවා. ඒ දේවල් හොඳයි කියල මම හිතනවා.
නවකයන් නිසා ක්ෂේත්රයට යම්කිසි හානියක් වෙනවා කියලා ප්‍රවීණ නිරූපිකාවන් චෝදනා කරනවා නේද?
සමරහ වෙලාවලට එහෙම දේවල් වෙනවා කියලා පේනවා. ගොඩක් අය සමාජ වෙබ් අඩවි වලින් ෆොටෝස් දාල හෝ හරි අවබෝධයකින් නැතිකමින් ගියොත් එවැනි දෙයක් සිදුවෙන්න පුළුවන්. එහෙම නැතුව අවබෝධයක් ඇතිව සහ තේරුම් අරගෙන, ඉගෙනගෙන එහෙම ගියොත් ඒකෙ ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. අවබෝධයක් නැතිකමින් ගියොත් සමහර කට්ටිය නිසා හානිවෙන තැන් තියෙනවා කියල කියන්න පුළුවන්.
නිරූපණය කියන ක්ෂේත්රය අධ්‍යයනය කිරීමට යම්කිසි ප්‍රමිතියකට ඇති තැනක් ගොඩනැගිලා තියෙනවාද?
තියෙනවා. නමුත් තාම ස්ථාවර මට්ටමේම නැහැ. එහෙම තියෙන තැන් මම දැකල තියෙනවා. ඒ දේවල් තවත් ඉස්සරහට අරන් යන්න ඕන කියලා මම හිතනවා. ගොඩක් අයට හරියට ඉගෙන ගන්න කියලා ගොඩක් තැනුත් නැහැ.
නිරූපණ ශිල්පිනියන්ට ගෙවීම් අතින් සාධාරණ මිලක් හිමි වෙනවාද?
ඇත්තටම කියනවා නම් නැහැ. අපි කැප කරන මහන්සියට, අපි කරන වැඩේට සහ කරන දේට මේ දවස්වල ගෙවීම් කරනවා නම් මදි. නමුත් සමහර තැන්වලින් නම් හොඳ ගෙවීමක් කරනවා. අපේ මහන්සිවෙලා කැපවීමෙන් කරනදේට ගොඩක් කේවල් කරන අවස්ථාවල් තියෙනවා, මේ දේ මේ ගාණට අඩුකරන්න පුළුවන්ද කිය කිය.
ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?
ඉදිරියේදී තවත් අධ්‍යාපන කටයුතුවල නිරත වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඊට අමතරව මේ ක්ෂේත්රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. මම මේ ක්ෂේත්රයට ඇවිත් අවුරුද්දක් වගේ කාලයක් තමයි ගතවෙලා තියෙන්නේ. මේ ගැන වැඩිදුර ඉගෙනගෙන ඉස්සරහට යන්න බලාපොරොත්තුවක් තියෙනවා.
කෙටි කාලයක් තුළ ඔබ ඉන්න ස්ථාවර මට්ටම පිළිබඳ අදහස?
මම හෙමින් ගමනක් ආව කෙනෙක්. ඉතිං මට දැනට තියෙන තැන ගැන මම සතුටුයි.
සහයෝගය දැක්වූ පිරිසක් ඇති නේද මතක් කරන්න?
ඔව් අනිවාර්යෙන්ම. මගේ අම්මා, තාත්තා, නංගි, මල්ලි. ඒ වගේම නෑදෑයෝ. දිල්රුක්ෂි අක්කි, කෝෂික, ඉන්ද්‍රානි ආන්ටි, තේෂිනි ආන්ටි, මගේ NSBM එකේ ගුරුවරු සහ මට වචනයකින් හරි සහයෝගය දුන් හැමෝම මතක් කරනවා මේ මොහොතේ. ඒ වගේම ඒ අයට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද