ගොඩක් අය කිව්වාලු මම නිළියක් වෙයි කියලා
දුෂී ප්‍රභා කියන්නේ රංගන ශිල්පිනියක් ලෙස කාලයක් පුරාවටම කලා ක්ෂේත්රයේ රැඳී සිටින කෙනෙක්. දුෂී වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය සහ චිත්‍රපට යන අංශ තුනම ජයගත් රංගන ශිල්පිනියක්. ඉතින් දුෂීට අපි සාරවිට ඉඩක් වෙන් කිරීමට සිතුවා.
ඔබ ගැන මුලින්ම හඳුන්වා දුන්නොත්?
මගේ නම දුෂී ප්‍රහා. මගේ ගම බදුල්ලේ. මම වේදිකා නාට්‍ය හරහා තමයි ක්ෂේත්රයට එකතු වුණේ. මුලින්ම පාසල් නාට්‍ය හරහා ඇවිත් ඊට පස්සේ ජයසේකර අපෝන්සු මහතාගේ තටු වේදිකා නාට්‍යයට සම්බන්ධ වුණා. ඉන් පසු ආරාධනා කිහිපයක්ම ලැබුණා.
මේ වනවිට සම්බන්ධ වෙලා තියෙන නිර්මාණ ගැන කියමු?
සුනිල් ශ්‍රී මහතාගේ වේදිකා නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වුණා. ඒත් එක්කම සිරස තරු මංසල කියලා වැඩසටහනකට සම්බන්ධ වුණා. චායා, අපේක්ෂා, ඉරුදේව, කිරුළි, මේ අවුරුද්දේදී චිත්‍රපට දෙකකට සම්බන්ධ වුණා. ඒ සනත් අබේසේකර මහතාගේ ගුත්තිල සහ චන්දන එදිරිසිංහ අයියාගේ ශෙලීනා කියන චිත්‍රපට දෙකයි. ශෙලීනා චිත්රපයේ මම සෙකන්ඩ් රෝල් එකක් තමයි කරන්නේ. ඒ චිත්‍රපටය ලබන වසරේදී තිරගත වෙයි.
කලාවට එකතු වෙන්නේ කොයි කාලේද?
මම සිරස තරු මංසල වැඩසටහනට ගියේ 2007දී. එතකොට මම සාමාන්‍ය පෙළ ලියනවා. නමුත් මගේ පදිංචිය මට දුර වැඩි නිසා ඒ කාලයේදී මගේ කලා ගමන මදකට නැවතුනා. නමුත් උසස් පෙළ ලියලා අධ්‍යාපනය අවසන් කරලා 2013දි වගේ නැවතත් කලාවට එකතු වුණා. ඒ සිරස නාලිකාවේ විකාශය වුණු කොටස් විස්සක නාට්‍යයක් හරහා. ඊට පස්සේ දිගටම වගේ ආරාධනා ලැබුණා.
කලා ක්ෂේත්රය තෝරාගන්න හිතුවේ ඇයි?
පොඩි කාලේ ඉඳලා එක එක දේවල් ඇඟේ කරේ එල්ලා ගෙන රඟපානවාලු. එතකොට ගොඩක් අය කිව්වාලු මම කවදාහරි නිළියක් වෙයි කියලා. බදුල්ලේ මගේ පාසලේදී මට ගොඩක් වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න ලැබුණා. එහෙදී රාජ්‍ය ළමා නාට්‍ය, යොවුන් නාට්‍ය වැනි තරඟවලට සහභාගී වුණා. එහිදී මට සම්මාන පවා ලැබුණා. ඊටපස්සේ මට ආසාවක් ඇතිවුණා රංගනයට. මම නර්සින් වෘත්තීය විදිහට කාලයක් කළා. නමුත් කලා කටයුතු නිසා ඒක නවත්වන්නට සිදු වුණා.
ගෙදරින් කොහොමද ලැබුණු සහයෝගය?
අම්මා, තාත්තාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා මුල ඉඳලාම. එයාලාගේ අකමැත්තක් තිබුණේ නැහැ. ගෙදරින් ලැබෙන ආශිර්වාදය නිසා තමයි මෙතරම් දුරක් එන්න ලැබුණේ.
කලාව තුළින් මේ ආපු ගමන ගැන මොකද හිතන්නේ?
කලාව මගේ තැන් තුනකදී නතර වුණා. මගේ හොඳම කාලේදී විදේශ ගත වන්නට වුණු නිසා කලාව නවත්වන්නට වුණා. නැවත කලාවට එකතු වෙන්නට නම් ටිකක් අපහසු වුණා. මොකද අළුත් අය ඇවිත්. කලාව වෙනස් වෙලා තිබුණා. මං හිතන්නේ මේ ආපු ගමන ගැන මට සතුටුයි. මම විනෝදාංශයක් විදිහට තමයි කලාව කළේ. මගේ ඉලක්කය වන්නේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමයි.
ඉදිරි වැඩ කටයුතු ගැන කිව්වොත්?
ඉදිරියේදී නිර්මාණ දෙකක් එන්න තියෙනවා. එතකොට සනත් අබේසේකර මහතාගේ අළුත් ටෙලි නාට්‍යයකට සහ චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. ඊට අමතරව ෆොටෝෂූට්වලටත් සම්බන්ධ වෙනවා.
කැළුම් දේවින්ද