ගේ ලොකුම හීනය තිබ්බේ Counseling කරන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200409Anu-3Coffee with anu කියන්නේ යූ ටියුබ් මාධ්‍ය තුළ අතිශය ජනප්‍රිය වුණු වැඩසටහනක්. coffee with anuහි නිවේදිකාව අනූ ආකර්ෂා පහුගිය කාලය පුරාවටම දකින්න ලැබුණේ නැහැ. ඉතින් ඒ නිසා මෙවර 'සාරවිට' කතාබහට අනූ ආකර්ෂාව එකතු කරගත්තා.

 

අනූ, මේ දවස් වල වැඩ කටයුතු කොහොමද?

මම ටික කාලෙකට කොහොමත් මගේ නිවේදන කටයුතු නතර කරලා තිබුණේ. නමුත් දැන් මේ රටේ පවතින තත්ත්වය නිසා කොහොමත් වැඩ කරන්නේ නැහැනේ. ගෙදරට වෙලා තමයි ඉන්නේ.

ඇයි කාලයක් දකින්න ලැබුණේ නැත්තේ?

හැමෝටම කාලයක් එනවා වැඩ කරන්න පුළුවන් සහ වැඩ නතර කරන්න වෙන කාලයක්. ඉතින් මම අවුරුදු හතරක් චැනල් සී ආයතනයේ නිවේදිකාවක් විදියට වැඩ කරා. මූලිකවම මගේ අධ්‍යාපන කටයුතු නිසා තමයි වැඩ නතර කළේ. ඉතින් මට හිතුනා මගේ වෘත්තීයමය කටයුතු මදකට නවත්තලා මගෙ නවත්තල මගේ අධ්‍යාපන කටයුතුවලට මුල් තැන දෙන්න.

coffee with anu කියන්නේ යූ ටියුබ්වල අතිශය ජනප්‍රිය වුණු වැඩසටහනක්. coffee with anu හිටි හැටියේම නතර වුණේ ඇයි?

coffee with anu ප්‍රෝග්‍රෑම් එක කරේ එපිසෝඩ් විදිහට. ලංකාවේ ජනප්‍රියම තරු ගෙන්වල ඔවුන් සමග රසබර හෝරාවක් ගත කරන තමයි coffee with anu වැඩසටහනෙන් කළේ. ඒ ගැන මිනිස්සුන්ට සමීප වෙච්ච මිනිස්සු ආදරය කරපු වෙනස් චරිත තමයි හැම තිස්සෙම ගෙනාවේ. ඉතින් එහි පලවෙනි කොටස ඉවර වුණා. ලගදීම coffee with anu අළුත් විදිහකට, අලුත් එපිසෝඩ් එකකින් පටන් ගන්නවා.

ඔබ මොන ක්ෂේත්‍රය පැත්තෙන් ද අධ්‍යාපනය හදාරන්නේ ?

මම ළමා මනෝ විද්‍යාව පිළිබඳව තමයි හැදෑරුවේ. ඒ පැත්තට සම්බන්ධව මම විවිධ වැඩ කටයුතු වැඩකටයුතු කිහිපයක්ම කරා. ඒ වගේම ඉදිරියටත් වෘත්තීය වශයෙන් ඒ පැත්තට යොමු වෙන්න අදහසක් තියෙනවා.

නිවේදන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කොහොමද?

කවදාවත් නිවේදිකාවක් වෙනවා කියෙන තැනක මම හිටියේ නෑ. ඇත්තටම මම දැනගෙන හිටියේ නැහැ මට නිවේදනය කරන්න පුළුවන් කියලා. මොකද මගේ ලොකුම හීනය තිබ්බේ Counseling කරන්න. ඒ නිසාම මම ඒ පැත්තෙන් අධ්‍යාපනය හැදෑරුවා. මම අහම්බෙන් චැනල් C එකේ මියුසික් වීඩියෝ එකකට සම්බන්ධ වුණා. ඉන් පසුව ඔවුන් මට ආරාධනා කළා ඔවුන්ගේ ආයතනයේ නිවේදිකාවක් ලෙස වැඩ කරන්න. චැනල් C එකේ ප්‍රසංග සහ සුජිත කියන දෙන්න තමයි මාව මේ ක්ෂේත්‍රයට ගෙනාවේ.

 
20200409Anu-2

ඔබේ නමින් යූ ටියුබ් නාලිකාවක් පටන් ගන්න අදහසක් නැද්ද?

 

එහෙම් දෙයක් පටන් ගන්නත් අදහසක් තියෙනවා. දැනට ලංකාවෙ ඉන්න හොඳම යූ ටියුබස්ලත් මට කියලා තියෙනවා පටන් ගන්න කියලා. මටත් දැන් හිතෙනවා දැන් මගේම වැඩක් පටන් ගන්න. ඉදිරියේදි බලමු ඉතිං.

සෝෂල් මීඩියා එක ඇතුළේ ලංකාවේ නිවේදන ක්ෂේත්‍රය තියෙන්නේ මොන වගේ තැනකද?

සමහර යූටියුබ් චැනල් වල යන ප්‍රෝග්‍රෑම් බලන්න බැහැ. ඒ කියන්නේ මිනිස්සුන්ට බලන්න දෙයක් නැහැ. coffee with anu ප්‍රෝග්‍රෑම් එක ගත්තොත් ඒක කාලයක් ට්‍රෙන්ඩින් ආවා. මොකද අපි ආර්ටිස් කෙනෙක් එකතු කරගෙන එයාගෙන් දැනුමක් ලබා දුන්නා. නමුත් අද ගොඩක් නාලිකාවල දකින්න ලැබෙන්නේ නෑ පෞද්ගලිකත්වය අනවශ්‍ය විදිහට හුවා දක්වනවා. ඒකෙන් ඒ පුද්ගලයා ලොකු අපහසුතාවයකට ලක් වෙන අවස්ථා අපි දකිනවා. එහෙම බැලුවම සමහර යූටියුබ් චැනල් ගැන ලොකුවට සතුටු වෙන්න බැහැ. අද youtube channal දහයක් ගත්තොත් දහයෙන් අටක් ම රසවින්දනයක් නැති දේවල් තමයි කරන්නේ. අද ගොඩක් අය බලන්නේ හැමතිස්සෙම මොකක් හරි පොඩි දෙයක් හරි, විරුද්ධ දෙයක් කරල හරි ට්‍රෙන්ඩින් එන්න.

අනූ වැඩියෙන්ම කැමති කවුන්සලින් කරන්නද නිවේදනය කරන්නද?

කවුන්සලින් ගැන මනුස්සයෙක්ගේ හිතට සුවයක් ගෙනෙන දෙයක්. නිවේදනය කියන්නේ කියන්නෙත් ඒ හා සමානව යන දෙයක්. මම එක දෙයකට කැමතියි කියන්න අමාරුයි. මම මේ දෙකටම ගොඩක් ආදරේයි.

ඉදිරි වැඩ කටයුතු ගැන කතා කළොත්?

ඉදිරියේදීත් මගේ වෘත්තීමය රැකියාව කරගෙන යනවා. මගෙම යූ ටියුබ් චැනල් එකක් පටන් ගන්නත් බලාපොරොත්තු වෙනවා.

විශේෂ මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?

ඔව්. මුලින්ම මගේ අම්මා මගේ තාත්තා මතක් කරන්න ඕනේ. එතකොට අනූ ආකර්ෂා කියන චරිතය ක්ෂේත්‍රයට ගේන්න උදව් කළ අය, චැනල් සී එකේ අධිපති සුජිත, ප්‍රසංග යන අය සහ මට හැමපැත්තෙන්ම උදව් කළ අයට ස්තුති කරනවා.

මේ ඇතිවෙලා තිබෙන තත්ත්වය ගැන ඔබ නිවේදිකාවක් ලෙස මිනිස්සුන්ට දෙන පණිවිඩය මොකක්ද?

මුළු ලංකාවම අද නිහඬ වෙලා ඉන්නවා. අපි පහුගිය කාලෙම එලියට ගියා අපේ වැඩ නිසා බිසී වෙලා හිටියේ. නමුත් අද අපි අපේ ජිවිතය බේරා ගන්න අපිට ගෙදර ඇතුලට වෙලා ඉන්න සිද්ධ වෙලා තියෙනවා. මේ නිසා සමහර වෙලාවට සමහර අය මානසිකව වැටෙන්න පුළුවන්. මම කියන්නෙ එහෙම වෙන්නෙ නැතුව ගෙදරට මොනවා හරි දෙයක් ගැන ඉගෙන ගන්න. මේ කාලය ඔබේ දැනුමට යමක් එකතු කරගන්න උත්සාහ කරන්න.
ඒ වගේම ඔබ දෙවියන් වහන්සේව විශ්වාස කරනවනම් කිසිම කරදරයක් වෙන්නේ නැහැ. හොඳ දේවල්ම කරන්න. දෙවියන් ඔබව ආරක්ෂා කරනවා. අනිවර්යෙන්ම හැමවෙලේම ධනාත්මකව හිතන්න. බුදුදහමේ වුණත් හොඳ දේවල් විතරක් කරන්න කියලා තියෙන්නේ. ඉතින් මම ඒ පණිවුඩය දෙන්නේ අපේ රටේ සිටින සෑම ආගමකම, සෑම ජාතියකම මිනිස්සුන්ටයි.

කැළුම් දේවින්ද 

 
20200409Anu-1