ගිය වසරේදීත් මගේ නම ජනප්‍රිය නිළියන්ගේ ලැයිස්තුවේ තිබුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-07-05-ent-97

රංගන ශිල්පිනියක සේම, ගායිකාවක ලෙසද එකසේ ජනප්‍රිය ශනුද්‍රි ප්‍රියාසාද් සමගින් "සාරවිට" තරු කතා බහ අරඹන්නට අපි සූදානම් වුණෙමු. පසුගියදා පැවැති "රයිගම්" ටෙලි සම්මාන උලෙළේදී වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය බවට පත්වූ සාරංග මෙන්ඩිස්ගේ "දෙවෙනි ඉනිම" ටෙලි නාට්‍යයේ "සමල්කා" චරිතයට පණ පොවන ශනුද්‍රි, වර්තමානය වනවිට ඒ හරහා බොහෝ දෙනාගේ කතාබහට ලක්ව සිටියි.

 

ශනුද්‍රි මේ දිනවල ජනප්‍රිය චරිතයක් නේද?

2017-07-05-ent-99ඔව්, ඒ "දෙවෙනි ඉනිම" ටෙලි නාට්‍යය නිසා. මේ දවස්වල මා රඟපාන %සමල්කා^ කියන චරිතය ජනප්‍රිය වෙලා තියෙනවා. මගේ අධ්‍යාපන කටයුතු නිසා පසුගිය වසර කිහිපයේදී මම කලා කටයුතුවලින් තාවකාලිව ඈත් වෙලා හිටියා. දැන් අධ්‍යාපන කටයුතු ගොඩක් දුරට අවසන් නිසා කලා කටයුතුවලට වැඩි කාලයක් යොදවන්න හිතුවා. ඒ නිසා තමයි "දෙවෙනි ඉනිම" ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ.

 

"සමල්කා" කියන්නේ පෙම්වතියකගේ චරිතයක්?

ප්‍රථම වරටයි පෙම්වතියගේ චරිතයක් ලැබුණේ. ඒ පිළිබඳව අත්දැකීම් නැති වුණත්, පුංචි කාලේ ඉඳලා මම රඟපෑම් කටයුතුවල නිරත වෙලා හිටිය නිසා මේ චරිතයත් සාමාන්‍ය විදිහට රඟපෑවා. %සමල්කා^ කියන චරිතයට ලැබෙන රසික ප්‍රතිචාර මත හිතෙනවා මම මේ චරිතයට ලොකු සාධාරණයක් කළා කියලා. ඒ වගේම මේ වෙලාවේ දී මතක් කරන්න ඕන අධ්‍යක්ෂක සාරංග මෙන්ඩිස්ගේ ඉඳලා %දෙවෙනි ඉනිම^ ටෙලි නාට්‍යයේ සිටින හැම දෙනාම මේ චරිතයට උපරිමය කරන්න ලොකු සහයෝගයක් ලබා දුන්නා.

 

වර්තමානයේ ඉන්න ජනප්‍රිය නිළියන් අතළොස්සෙන් කෙනෙක් නේද ඔබ?

ඔව්, ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. පසුගිය %රයිගම්^ ටෙලි සම්මාන උලෙළේ දී ජනප්‍රියතම නිළියන් අතරට මගේ නමත් තේරිලා තිබුණා. ගිය වසරේදීත් එහෙමයි. කලා කටයුතුවලට දායක නොවුණට මම ප්‍රේක්ෂකයන් අතර ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා කියලා හිතෙනවා. එළැඹෙන වසරේදී ජනප්‍රියතම සම්මානයක් මට ලැබෙයි කියලා හිතනවා.

 

අලුත් ගීතයක් එහෙම කළේ නැද්ද?

ගීතයක් දැනට පටිගත කරලා තියෙනවා. මනුරංග අයියා තමයි ලිව්වේ. දිනේෂ් කියලා අයියා කෙනෙක් තමයි සංගීතවත් කළේ. මේ ගීතය ආදර ගීතයක්. ගීත රූප රචනාවකුත් එක්ක එළිදක්වන්න තමයි හිතාගෙන ඉන්නේ. මේ දවස්වල රූප රචනාවේ වැඩ කරගෙන යනවා. ඉතා ඉක්මනින් මගේ අලුත්ම ගීතය අහන්නත්, දකින්නත් ලැබෙයි.

 

"දෙවෙනි ඉනිම" ටෙලි නාට්‍යයෙන් පස්සේ?

ටෙලි නිර්මාණ කිහිපයකටම කතා කරලා තියෙනවා. නමුත්, තවමත් ඒවා සාකච්ඡා මට්ටමින් තියෙන්නේ. හොඳ නිර්මාණයක් ලැබුණොත් රඟපානවා. මේ දවස්වල නම් වැඩිපුරම තැනක් දීලා තියෙන්නේ %දෙවෙනි ඉනිම^ ටෙලි නාට්‍යයේ වැඩවලට. මගේ තාත්තා කරපු චිත්‍රපටයක මම රඟපෑවා. ඒක ඉදිරියේ දී තිරගත වීමට නියමිතයි.

 

රංගනයටද? ගායනයටද? වැඩිය කැමති?

රංගනයට. ගීත ගයන එක මම කරන්නේ විනෝදයට. නිළියක් විදිහට මිනිස්සු අතර ජනප්‍රිය වෙන්නයි කැමතියි. ගායනයට නම් යොමු වුණේ අහම්බෙන්. විස්සයි 20 ලෝක කුසලානයට ටෙහන් අයියත් එක්ක කරපු ගීතයකින් තමයි ගීත ගායනයට යොමු වුණේ. ඊට පස්සේ ගීත කිහිපයක් කළා. ඒත්, ගායිකාවකට වඩා මාව ප්‍රේක්ෂකයන් හඳුන ගත්තේ නිළියක් විදිහට.

 

2017-07-05-ent-96  2017-07-05-ent-98