ගිය අවුරුද්දෙ ෆිල්ම් එකක රඟපාන්නත් ආරාධනා ලැබුනා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-10-03-ent-87

ඇය ෂනාලි ප‍්‍රනාන්දුය. නමුත් වැඩි දෙනෙක් අද ඇයව දන්නේ ආලියා නමිනි. ආලියා අපට හමුවන්නේ ”සල් සපුනා” නාට්‍යයේය. විහඟ ආලියාගේ පෙම්වතාය. ”විහඟ” ලෙස රඟපාන්නේ මාධව විජේසිංහය. ”සල් සපුනා” නාට්‍යයේ පෙම්වතුන් වූ මේ දෙදෙනා අතර සැබෑවටම ඇත්තේ මොනවගේ හාදකමක්ද? මේ ආලියා වූ ෂනාලි ප‍්‍රනාන්දු ‘සාරවිට’ ට ගොඩ වැදුනු මොහොතකි.

 

ෂනාලි ප‍්‍රනාන්දු

 

2017-10-03-ent-86ෂනාලි දැන් මේ ”සල් සපුනා” විතරද රඟපාන්නෙ.

ඔව්.

 

එතැනින් එහාට ආරාධනා ලැබුණෙ නැද්ද?

ආවා, ඒත් කර ගන්න බැරි වුණා. ගිය අවුරුද්දෙ ෆිල්ම් එකක රඟපාන්නත් ආරාධනා ලැබුනා. ඒත් සම්බන්ධ වෙන්න බැරි වුණා. රූ රැුජින තරගයකට පෙනී සිටීම නිසා ඒ වෙනුවෙන් කාලය වැය වුණා.

 

ක්ෂේත‍්‍රයට ආවෙත් රූ රැුජිණ තරගයකින් නේද?

ඔව්, 2006, දී මිස් ග්ලෝබ් බියුටි ක්වීන් ලෙසයි.

ඉන්පසුව නර්තන ක්ෂේත‍්‍රයට පැමිණියා. නර්තන ක්ෂේත‍්‍රයේදී 2014 දී තමයි මුල්ම ෂෝ එකට සහභාගී වුණේ. ඒ අවස්ථාව මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ.

 

ඇයි නිරූපිකාවක් වෙන්න හිතුවෙ.

අපේ අම්මා මෝස්තර නිර්මාණ ශිල්පිණියක් වගේම රූපලාවන්‍ය ශිල්පිණියක්. මම පොඩි කාලයේ ඉඳලාම දැක්කේ ඒ පරිසරයේ සිද්ධ වෙන දේවල්. කවදා හරි මටත් නිරූපිකාවක් වෙන්න ඇත්නම් කියන සිතිවිල්ල ඇති වුණෙත් ඒ පරිසරය නිසායි.

 

අද මේ වෘත්තිය ගැන සෑහීමකට පත් වෙනවද?

ඇත්තෙන්ම ඔව්.

 

ඔබට නර්තන ක්ෂේත‍්‍රයේදී, බලාපොරොත්තු වූ පරිදි වටිනා කමක් ලැබුණාද?

ඔව්

 

අද නිරූපිකාවන් බොහෝමයි. නිරූපන ක්ෂේත‍්‍රය ගැන හිතන්නෙ කොහොමද?

නිරූපිකාවකට සමාජයේ ලොකු තැනක් නැහැ. අද පේස් බුක් මොඞ්ල්ස්ලා තමයි ගොඩක්ම ඉන්නෙ. පේස් බුක් නිසා හැමෝටම මොඞ්ල්ස්ලා වෙලා. නමුත් වටිනාකමක් ලැබෙන්නේ ඒ ක්ෂේත‍්‍රය ගැන හරියට හදාරපු කෙනෙකුට විතරයි.

 

”ආලියාට” ලැබෙන ප‍්‍රතිචාර?

ලංකාවේ නිරූපන ශිල්පිණියකට ලැබෙන ජනප‍්‍රියත්වය අඩුයි. නමුත් ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයට ආවාම තමයි පත්තරවලයි විද්‍යුත් මාධ්‍යවලයි අපි ගැන විස්තර පළවන්නෙ. ඒ නිසා දැන් නම් බොහෝ දෙනෙක් හමුවෙනවා. ”ආලියා” ගැන විස්තර අහනවා. මට වඩා ආලියාට ලැබෙන ප‍්‍රතිචාර වැඩියි.

 

ආලියාගේ පෙම්වතා විහඟ ගැන හිතන්නෙ කොහොමද?

මම දන්නා විදියට විහඟලා ඉන්නෙ මේ විදියට කතාන්දරවල විතරයි.

 

විහඟ ලෙස රඟපාන මාධව මොන වගේ කෙනෙක්ද?

විහඟ හරි බොළඳයි. මාධව හරි හොඳ කෙනෙක්.

 

ටෙලිතිරයේ ඔබගේ මේ පෙම්වතා ගැන හිතන්නෙ කොහොමද?

මම කොහේ හරි ගියාම කෝ විහඟ කියලා රසිකයින් අහනවා. ඔය දෙන්නා හරියට මැච් වෙනවා කියලා තමයි කියන්නෙ.

 

සැබෑ ජීවිතයේදීත් එහෙම වේවිද?

නෑ. මං හිතන්නෙ නැහැ.

 

විහිළුවටත් දෙන්නා ඒ ගැන කතා කරලා නැද්ද?

කොහොමටවත් නැහැ.

 

ෂනාලි කාගෙන්ද ආදරය අහලා තියෙන්නෙ?

පෙරදිග රටක තරුණියක් කිසිවිටෙකත් ඒ විදියට ආදරය ඉල්ලා නොයා යුතුයි.

 

ඔබ සිංහල භාෂාව හොඳින් කතා කරනවා කියලයි යාළුවෝ කියන්නෙ?

මගේ අම්මා මැලේ. තාත්තා සිංහල. සිංහල භාෂාවට ඇත්තටම මම හරි කැමතියි.

 

එතකොට හිංදි ඉගෙන ගත්තෙ කොහොමද?

ඉන්දීය සංස්කෘතික ආයතනයට ගියා. නමුත් හිංදි ඉගෙන ගනිමින් සිටින අතරේ. මේ විදියට රඟපෑමට ආව නිසා. ඒක මගදී නතර වුණා.

 

ෂනාලිගෙන් ආදරය ඉල්ලාගෙන එන තරුණයින්ට ෂනාලි කොහොමද ප‍්‍රතිචාර දක්වන්නෙ?

තව ටිකක් කල් ගිහින් ඒකට උත්තරයක් දෙන්න පුළුවන් වේවි.

 

ක්ෂේත‍්‍රයේ නළුවොත් ආදරණීය යෝජනා ගෙනැල්ලා තියෙනවාද?

තියෙනවා. නමුත් ක්ෂේත‍්‍රයේ කෙනෙක් බාලාපොරොත්තු වෙන්නෙ නැහැ.

 

ජීවිතේ ගැන කොහොමද හිතෙන්නෙ?

එක් එක් අවස්ථාවලදී. හිතෙන විදිය වෙනස්. දුකේදී ඇයි ජීවත් වෙන්නෙ කියලා හිතෙනවා. සතුටේදී ජීවිතය සුන්දරද මෙතරම් කියල හිතෙනවා. මම හරි නිදහසේ ඉන්න කැමති කෙනෙක්. රසිකයින්ට ගරු කරනවා. නමුත් බැඳීම් නැතිව නිදහස් ජීවිතයකට හරි ප‍්‍රියයි. සමහරවිට මම දිගටම රඟපාන එකකුත් නැහැ.

 

ඇයි ඒ.

යම් යම් දේ නිසා කළකිරීමකට පත් වුණා. සමහරු හිතුවෙ මට රඟපාන්න බැහැ කියලයි. රඟපෑම සඳහා වාසනාව එක්ක මට අවකාශය ලැබුනා. ඇත්තටම රඟපෑම කියන්නෙ හරි අසීරු දෙයක්. ඒකට ලොකු කැපවීමක් කරන්න ඕනෑ. නමුත් මට සෑම දෙයක්ම ලෙහෙසියෙන් ලැබී තිබෙන නිසා. ඒ කැප කිරීම් ටිකක් අසීරුයි වගෙයි.

 

 

මාධව විජේසිංහ

 

මාධව, මේ දිනවල හරිම කාර්ය බහුලයි වගේ, අල්ලා ගන්නත් හරිම අමාරුයි මොකද මේ?

රංගන ශිල්පියකු, නිවේදකයකු සහ නිර්මාණ ක්ෂේත‍්‍රයටත් සම්බන්ධ කටයුතු නිසා කාර්ය බහුල වුණා.

 

නිර්මාණ කටයුතු කිව්වේ?

මගේම නිෂ්පාදන ආයතනයක් පටන් ගත්තා. ෂබබදඩx8 නමින්. වෙළඳ දැන්වීම් නිර්මාණකරණය, වාර්තාමය වැඩ සටහන්, මියුසික් වීඩියෝ ඇතුළු රූප මාධ්‍යයට අදාළ සියලූ නිර්මාණ කටයුතු සිද්ධ වෙනවා.

 

මේ දිනවල රඟපෑම් නිසා කාර්ය බහුල වෙලා සිටින්නේ?

සල් සපුනා නිසයි. නාලන් මෙන්දිස් මහතාගේ අධ්‍යක්ෂණයෙන්, සුසිල නිෂ්පාදනයක් ලෙස නිර්මාණය වූ එය ඇත්තටම පවුලකට නැරඹිය හැකි ඉතා සාර්ථක නිර්මාණයක්. මිනිස්සු බොහෝම ආදරයෙන් වැළඳගෙන ඇති වග පෙනෙනවා.

 

එහි ඔබගෙ චරිතය ගැන හිතන්නේ කොහොමද?

මම රඟපාන්නේ එහි විහඟ යන චරිතයයි. විහඟට පෑහෙන චරිතය ආලියායි. ඇයගේ පවුලේ උදවිය ගැන තේරුම් ගනිමින්, තමන්ගේ කටයුතු මොන විදියට සිදු වුණත්, ආලියාව බලා කියා ගන්න උත්සාහ ගන්න තරුණයෙක්.

 

හැබෑටම මේ ආලියා ලෙස රඟපාන ‘ෂනාලි’ ගැන කොහොමද හිතන්නේ?

මට මතක විදියට ඇය මට මුලින්ම හමුවුණේ. දෙරණ ලිට්ල් ස්ටාර් වැඩ සටහන නිවේදනයට මම සම්බන්ධ වූ මුල් කාලයේදීමයි. එතකොට ඇය ළමා තරඟ කාරියක් ලෙස (අවුරුදු 12න් පහළ* නර්තන ඉසව්වට සහභාගී වුණා. ඉන්පසුව ඇය හමුවුණේ මෙම සුසිල නිෂ්පාදන කණ්ඩායම එක්කයි. මේ කණ්ඩායම ඇත්තටම හරිම එකමුතුව රංගනයේ යෙදෙන නාට්‍ය කණ්ඩායමක්.

 

ආලියා යන ගමන් වලදී කෝ විහඟ කියලා අහනවලූ? මොකද හිතෙන්නේ ඒ ගැන?

ඒ චරිත දෙක එකකට එකක් සම්බන්ධ වෙලා යන නිසාත්. චරිත දෙකට සාපේක්ෂව මිනිස්සු බලාපොරොත්තු වන දේ තියෙනවා. ඒ රසිකත්වයේදී මම මග තොට යද්දීත්, මිනිස්සු කෝ ආලියා, කියලා අහන අවස්ථා තියෙනවා.

 

මාධවගෙ ආදර කතාව ගැනත් අහන අය සිටිනව නේද?

තවම ආදර කතාවකට මුල පුරලා නැහැ.

 

මේ සල් සපුනා කතාවේ ෂනාලිගෙ ගැලපීම ගැන හිතන්නේ කොහොමද?

මම මේ කතාවට සම්බන්ධ වුණේ, කතාවෙ කොටස් කීපයක් විකාශය වූ පසුවයි. කොහොම වුණත් රංගනයට නවක වුණත් ෂනාලි ඉදිරියේදී අත්දැකීම් ලබමින් හොඳ ගමනක් යාවි කියා හිතෙනවා. රංගනය කියන්නේ නිතරම හැදැරීමක් කළ යුතුව තියෙන විෂයයක්. හැදෑරීමෙන් යුතුව කරන දේ වෙතින් සාර්ථක ඵල නෙලා ගන්න පුළුවනි.

 

විහඟට සාපේක්ෂව මාධව කොහොම කෙනෙක්ද?

විහඟ බොහෝම අහිංසක චරිතයක්. මව්පියන්ගේ වැරදි නිසා විහඟ අපහසුතාවයට පත්වන චරිතයක්. සැබෑ ජීවිතයේදී මට එහෙම නැහැ. මගේ ජීවිතයට අම්මා, තාත්තා බෙහෙවින්ම බැඳුණු චරිත දෙකක්. අම්මා මගේ ගමනට යෝධ හෙවනැල්ලක් වුණා. පවුලේ අයියයි, මමයි, අම්මයි තාත්තායි. අපි හරිම සමීප පවුලක්. පුංචි කාලයේ ඉඳලම මගේ හැකියාව හඳුනාගෙන කලා අංශයෙන් ගමනක් යාමට මාව හුරු කළේ අම්මා. එහෙම නැතුව මම කලා පවුලකින් ආ කෙනෙක් නෙවෙයි.

 

ඔබගේ ඒ පවුලේ තොරතුරු කිව්වොත්?

තාත්තා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ, සහකාර සාමාන්‍යාධිකාරිවරයකු වුණා. අම්මා චිත‍්‍රපට සංස්ථාවේ ඔඩිට් නිලධාරිණියක ලෙස කටයුතු කළා. නමුත් අම්මා රස්සාවෙන් අයින් වුණේ මාවයි, මල්ලිවයි බලා ගන්න ඕනෑ නිසයි. එයාට රස්සාවට වඩා අපේ ආරක්ෂාව, රැුකවරණය ගැන බලන්න ඕනෑ වුණා. මම හිතන්නේ අම්මා අපි වෙනුවෙන් විශාල කැපකිරීමක් කළ චරිතයක්.

 

ඔබ මේ නළු වෘත්තියට ආවේ නැති නම්?

මගේ ආසාව වුණේ චිත‍්‍රපට අධ්‍යක්ෂණය වැනි අංශයකින් ඉහළට යාමටයි. මගේ විෂය වුණේ වාණිජ අංශයයි. උසස් පෙළ සමත් වී උසස් අධ්‍යාපනය සඳහා මම විදෙස් ගත කරවන්න මව්පියන් කටයුතු යෙදුවා. චිත‍්‍රපටකරණය ගැන විදේශීයව හැදෑරීමට. නමුත් ඒ වන විට දෙරණට සම්බන්ධව සිටිය නිසා. මට ඒ අවස්ථාව මඟහැරුණා. ඉන්පසුව මට මගේ ගමන ස්වධීනව හොයාගෙන කලාව වෙතින් ගමනක් යාමට සිදුවුණා.

 

නිවේදනයට ආවේ.?

මුලින්ම මේ ක්ෂේත‍්‍රයට ආවේ නිවේදන අංශයට වුණත්, ඊට පෙර 1993 මට වයස අවුරුදු 5 දී විතර අශෝක හඳගම මහතාගේ ‘චන්න කින්නරී’ චිත‍්‍රපටයේ රඟපෑමට ලැබුණා. ඒක පවුලක් වටා ගෙතුණු කතාවක්. එහි ඒ පවුලේ බාලම ළමයා ලෙස රඟපෑවේ මමයි. පසුව වෙළඳ දැන්වීම්වලට පෙනී සිටීමට අවකාශය ලැබුණා. වසන්ත ඥාණප‍්‍රිය සර් යටතේ වැඩ සටහන් නිවේදනය හා රංගනය ගැනත් හැදැරීම් කලා. එදා ඒ විදියට වසන්ත සර් යටතේ හැදෑරීමට ඔල්ගා, හර්ෂණ, ධනුක ඩිල්ශාන්, මම සහ ලිට්ල්ස්ටාර් මෙහෙයවන සචිනිත් හිටියා. ඉන්පසුව මම ආචාර්ය රෝහණ වීරසිංහ සර් සහ ලක්ෂ්මන් විජේසේකර සර් යටතේ ‘කලාභූමි’ ආයතනයේ සංගීත හැදැරීම්වලට ගියා. අද අපි තැනකට ඇවිත් සිටිනවා නම්? ඒ රෝහණ සර්, ලක්ෂ්්මන් සර්ලා ඇතුළු ඉහත කී අයගේ ආභාෂය නිසයි.

 

මාධවට ජීවිතය දැනෙන්නේ කොහොමද?

මම හිතන්නේ කර්මය ගැනයි. කර්මය ගැන හොඳින් විශ්වාස කරන කෙනෙක්. අපි හොඳ දෙයක් කළොත්, හොඳ දේ වේවි. නරක දෙයක් කළොත් නරකදේ වේවි. කාටවත් කරදරයක් නොවන විදියට ජීවත් වීම මගේ පරමාර්ථයයි. අපි හැමෝම මේ ඉන්නෙ තාවකාලික නවාතැන්පලකයි. හොඳින් ඉඳලා යන එක හරිම වැදගත්. ජීවිතය අරුත්බර වන්නේ එවිටයි.

 

සටහන සහ ඡායාරූප - සඳුන් ගමගේ

 

2017-10-03-ent-84   2017-10-03-ent-85