‘ගින්දරි’ දෙකත් එක්ක මේ දවස්වල වැඩ
සඳුන් රාජකරුණාගේ ‘පැහැසරා’ ටෙලි නාට්‍යය හරහා රංගනයට පිවිසි තරින්දි ප්‍රනාන්දු වර්තමානයේ නිතර දකින රංගන ශිල්පිනියක ලෙස හැඳින්විය හැක. ඇයගේ ටෙලි නාට්‍යය කිහිපයක්ම මේ දිනවල රූපවාහිනි නාළිකාවල දිගහැරෙන අතර, තරින්දි උදයකාන්ත වර්ණසූරියගේ ‘ගින්දරි’ දෙවැනි චිත්‍රපටය හරහාද ප්‍රේක්ෂක ඔබට සමීප වීමට සූදානමින් සිටින්නීය’
වර්තමානයේ ඔබ නිතර දකින මුහුණක්?
ඔව්, මම රංගනයෙන් දායක වන ටෙලි නාට්‍යය කිහිපයක්ම මේ දිනවල විකාශය වෙනවා. දෙරණ නාළිකාවේ ‘දෝන කතරිනා’, ස්වාධීන රූපවාහිනියේ ‘සඳ හැංගිලා’ ටෙලි නාට්‍යවල මාව දකින්න පුළුවන්. ‘පැහැසරා’ ටෙලි නාට්‍යයෙන් පස්සේ ‘නේත්‍රා’, ‘දංකුඩු බණ්ඩා’ යන ටෙලි නාට්‍යවලත් මම රඟපෑවා.
රංගන ශිල්පිනියක් විදිහට මේ දිනවල කාර්ය බහුලද?
ඔව්, මගේ දෙවැනි චිත්‍රපටයේ වැඩ කටයුවලට මේ දිනවල දායක වෙනවා. උදයකාන්ත වර්ණසූරිය මහත්මයාගේ ‘ගින්දර -2’ තමයි මගේ දෙවැනි චිත්‍රපටය. ඊට අමතරව අකිල සඳකැළුම් අයියාගේ ‘ඉන්දීවරි’ හා ගිවන්ත අර්ථසාද් අයියාගේ ‘කාසී’ ටෙලි නාට්‍ය නිර්මාණ දෙකෙත් රූපගත කිරීම්වලට දායක වෙනවා.
කෙටි කාලයක් තුළ දී රංගන ශිල්පිනයක් විදිහට ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා නේද?
එහෙම හිතනවා. නමුත්, මම කලා ක්ෂේත්රය තුළ ඉන්නේ තවමත් ප්‍රාථමික අවදියේ. තව ලොකු ගමනක් මේ ක්ෂේත්රය තුළින් යන්න තියෙනවා. රංගන ශිල්පිනියක් විදිහට හොඳ ගුණාත්මක නිර්මාණ කිහිපයක් හරහා ප්‍රේක්ෂකයන් අතර මේ කෙටි කාලය තුළ දී යන්න මට පුළුවන් වුණා. මම හිතනවා ඒක එක්තරා වාසනාවක් කියලා.
‘පැහසරා’ ටෙලි නාට්‍යයේ ‘උපමාලි’ වගේම ඔබ දායක වුණ අනෙකුත් ටෙලි චරිතත් ගොඩක් ජනප්‍රිය වුණා කිව්වොත් හරි?
දැනට මම දායක වුණ නිර්මාණ අතළොස්ස ගත්තොත් ඒ ලැබුණ හැම චරිතයක්ම එකිනෙකට වෙනස් චරිත. ඒ නිසා නිතර මාව ප්‍රේක්ෂකයන් දුටුවත් මගේ චරිතවල තියෙන විවිධත්ව නිසා ඔවුන්ට මාව එපා වුණේ නැහැ. අනික මම ගොඩක් වාසනාවන්තයි කියලා හිතෙනවා එකම රාමුවකට කොටු නොවී එකිනෙකට වෙනස් විවිධ චරිත හරහා ප්‍රේක්ෂකයන් අතරට යන්න ලැබුණු නිසා.
රංගන ශිල්පිනියක් විදහට අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?
ගොඩක් සතුටු වෙනවා. මගේ අම්මා නැහැ. අක්කා තමයි හැමදේටම මට ඉන්නේ. තාත්තා වුණත් අක්කත් එක්ක ඉන්නේ. කලා ක්ෂේත්රයේ වැඩවලට වුණත් මම එන්නේ තනියම. වෙනත් කලා ශිල්පිනියන් එයාලාගේ තනියට අම්මලා එක්ක එද්දි මම හැම තිර පරීක්ෂණයකටම, රූපගත කිරීමකටම ගියේ තනියම. මේ ගමන මම ආවේ මගේම ධෛර්යෙන්. ඒ ගැන මට ගොඩක් සතුටුයි.
කලා ක්ෂේත්රය ගැන බයක් තිබුණේ නැද්ද?
තිබුණා. නමුත්, අපි දන්නවා නම් ඉන්න තැන හොඳට හැසිරෙන්න අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. මම මගේ චරිතයට හානියක් වෙන වැඩක් කවදාවත් කරන්නේ නැහැ. කවුරුත් අපිව බලහත්කාරයෙන් අපිව ඔය වැඩවලට සම්බන්ධ කරගන්නේ නැහැ. ඒ නිසා අපි දැනගන්න ඕනි අපේ ආත්මගරුත්වය ආරක්ෂා කරගෙන නමට කැළලක් නොවී වැඩ කරන්න.
ප්‍රවීණයන්ගෙන් ලැබුණ උපදෙස් මොන වගේද?
කලා ක්ෂේත්රයට ඇවිල්ලා මම මුලින්ම රඟපෑවේ රම්‍යා වනිගසේකර හා මාධනි මල්වත්ත කියන ප්‍රවීණ රංගන ශිල්පිනියන් එක්ක. මගේ අම්මා නැති අඩුව මට මුලින්ම සම්පූර්ණ කළේ ඔවුන් දෙදෙනා. ඊට පස්සේ හෂිණිකා කරලියැද්ද, මොරුන් චාරුණි යන ප්‍රවීණ රංගන ශිල්පිනියන් එක්කත් මම වැඩ කළා. ඔවුන් සමග වැඩ කරද්දි මේ ක්ෂේත්රය තුළ වැඩ කරන්නේ කොහොමද කියලා උපදෙස් ලැබුණා.
බුද්ධීක සේනාධීර