ගැළපෙනවා කියලා හිතෙන චරිත විතරයි මම භාරගන්නේ
රංගන ශිල්පිනියක ලෙස බොහෝ කලා කටයුතුවල දැක ඇති සුදර්ශි ධර්මසිංහ සමගින් තරු කතා බහ අපි ඇරඹුවෙමු. මේ වනවිට ටෙලි හා සිනමා නිර්මාණ බොහොමයක දායතක්වය සපයා ඇති ඇය ඉදිරියේදීත් ටෙලි හා සිනමා නිර්මාණ බොහෝමයකින් ප්‍රේක්ෂක ඔබ හමුවීමට සූදානමින් සිටියි.
සුදර්ශි කියන්නේ රංගන ශිල්පිනියක්ද?
නිරූපිකාවක් විදිහට තමයි ක්ෂේත්රයට ආවේ. ඒත්, ලොකුවට මම නිරූපණ වැඩවලට දායක වුණේ නැහැ. මනාලියන් දැක්ම සඳහා පමණයි පෙනී හිටියේ. ඔය අතරේ තමයි රංගනයට අවස්ථාව ලැබුණේ. අද වෙන කොට වැඩි දායකත්වයක් දීලා තියෙන්නේ රංගන කටයුතුවලට.
දායක වූ කලා නිර්මාණ ගැන කිව්වොත්?
මා රංගනයෙන් දායක වුණ "ඇලඩින් හා පුදුම පහන" කියන චිත්‍රපටය මේ දිනවල ප්‍රදර්ශනය වෙනවා. ලබන මාසේ චිත්‍රපටයක රූපගත කිරීම් සඳහා එකතු වෙන්න සූදානමින් ඉන්නවා. පසුගිය දවස්වල හර්ෂ උඩකන්ද මහත්මයාගේ "කොළඹ සන්නිය" කියන චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු සඳහා දායක වුණා. ඒ චිත්‍රපටයේ මම රංගනයෙන් දායක වෙන්නේ රජිත අයියාගේ (පිපොං) පෙම්වතිය විදිහට. "කොළඹ සන්නිය" චිත්‍රපටයට අමතරව මා රඟපෑ තවත් චිත්‍රපට දෙකක් ඉදිරියේදී එන්න තියෙනවා. එකක් සිරිතුංග පෙරේරා මහත්මයා අධ්‍යක්ෂණය කළ "පෝරිසාදයා", අනෙක් චිත්‍රපටය හර්ෂ උඩකන්ද මහත්මයාගේ %ෆේස් ටූ ෆේස්^ චිත්‍රපටය. ඊට අමතරව චතුර හෙට්ටිආරච්චි ගායනා කරන "අත්වැරදීමක්" කියන ගීතයේ රූප රචනාවටත් මම පෙනී හිටියා. ඊට අමතරව හිරු රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන %ආටක නාටක^ හාස්‍යමය ටෙලි නාට්‍යයේ චරිත කිහිපයකටත් රංගනයෙන් දායක වුණා.
රංගනය පැත්තෙන්ද ඉදිරියට යන්න බලාපොරොත්තුව?
ඔව්, හැබැයි මට ගැලපෙනවා කියලා හිතන චරිත තමයි මම භාරගෙන වැඩ කරන්න හිතාගෙන ඉන්නේ. වෘත්තිය මට්ටමේ රංගන ශිල්පිනියක් වෙලා ලංකාවේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිනියක් වෙන්න තමයි මගේ අදහස. ඒ වගේම බියුටි ඇන්ඩ් හෙයාර් පාඨමාලාවක් හදාරන්නත් අදහසක් තියෙනවා. ඒ සම්බන්ධව වැඩිදුර ඉගෙන ගෙන මගේම කියලා රූපලාවණ්‍යාගාරයක් අරඹන්නත් සැලසුමක් තියෙනවා.
ක්ෂේත්රය ගැන මොකද හිතෙන්නේ?
ක්ෂේත්රය ගැන කිව්වොත් දැන් තත්ත්වේ ටිකක් වෙනස්. මොකද මේ ක්ෂේත්රයට එන අලුත් අය නිසා මේක ගැන ගොඩක් අය බලන්නේ වැරදි විදිහට. ඒත්, හැමෝම වැරදි කරන්නේ නැහැ. යම් පිරිසක් තමයි වැරදි කරන්නේ. ඒ පිරිස නිසා තමයි ක්ෂේත්රයේ හැමෝම දිහා එකම කෝණයෙන් බලන්නේ. මට කියන්න තියෙන්නේ රංගන ක්ෂේත්රය කියන්නේ නරක තැනක් නෙමෙයි කියලා. මේක නරකයි කියන තත්ත්වයට දාගන්නේ අලුතෙන් එන පිරිසයි. හොඳ නරක කියන දේ තෝරා බේරා ගෙන කළොත් මොන රැකියාව වුණත් හොඳින් කරන්න පුළුවන්.
උදවු කරපු අය?
සිරිතුංග පෙරේරා, හර්ෂ උඩක්නද , උපේඛා උඩකන්ද, මහේෂ් කරුණාරත්න, ධනංජය මංචනායක, නවීන් පෙරේරා, ඩිල්ශාන් ගමගේ ඇතුළු නම් නොකියූ සැම දෙනාටම මේ වෙලාවේදී මගේ කෘතවේදීත්වය පිරිනමනවා. ඒ වගේම මගේ පවුලේ අයටත් මගේ මිතුරු මිතුරියන්ටත්, %මුහුණ පොතේ^ හැමදෙනාටත් වචනයකින් පවා මාව දිරිමත් කරන හැම දෙනාටමත් මගේ ස්තුතිය පිරිනමන්න කැමතියි.
බුද්ධික සේනාධීර
ඡායාරූප - හසිත මලික්