ගායනය පැත්තට තමයි දැන් වැඩිපුරම හිත යොමුවෙලා තියෙන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20201105Nadeesha (3)

රංගන ශිල්පිනියක් ලෙස ඔබේ ආදරය දිනාගත් නදිශා දයාරත්න මේ දිනවල වඩත් කතා බහට ලක්ව ඇත්තේ ගායිකාවක් විදිහටය. ඒ ඇයගේ දෙවැනි ගීතය වූ ‘ඔබ ආ දා සිට..’ මේ වනවිට එළිදක්වා තිබිමය. ඒ පිළිබඳව හා නදිශාගේ අලුත්ම කලා කටයුතු පිළිබඳව ‘සාරවිට’ අපි ඇයගෙන් මෙසේ විමසුවෙමු.

අලුත් ගීතය ගැන මුලින්ම කතා කරමු?

‘ඔබ ආ දා සිට..’ මේ මා විසින් මගේම කියලා තනිවම ගායන කළ දෙවැනි ගීතය. ගීතය ලිව්වේ ගයානි අකින්තලා පියඳිගම. සංගීතය නිර්මාණය කළේ ජගත් රත්නායක(JR). මේක ආදරය විරහාව සම්බන්ධව ලියැවුණ ගීතයක්. මේ ගීතයේ ප්‍රචාරකපටය පසුගියදා නිකුත් කළා. ඒක නිර්මාණය කළේ රොෂාන් වඩුගේ. දැනට මේ ගීතයට හොඳ ශ්‍රාවක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

වර්තමානයේ නම් ගීතයක් ජනප්‍රිය කරවන්න අනිවාර්යයෙන්ම රූප රචනාවක් අවශ්‍යයි නේද?

ඇත්තටම, රූප රචනාවක් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. නමුත්, මේ රටේ තියෙන තත්ත්වයත් එක්ක එහෙම දේකට යොමු වෙන්න අමාරුයි. මේ තත්ත්වය පහව ගියාම ඒ දේට යොමු වෙන්න බලනවා.

ඔබ ක්ෂේත්‍රයට ආවේ රංගන ශිල්පිනියක් විදිහට කිව්වොත් හරි?

ඔව්, නමුත්, දැන්නම් මගේ අවධානය වැඩිපුර යොමු වෙලා තියෙන්නේ මගේ ගායනය පැත්තට. පසුගිය කාලයේදී මම ගීත කිහිපයක්ම නිර්මාණය කළා. දැනට ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වෙන ‘හදවතේ කතාව’ ටෙලි නාට්‍යයේ තේමා ගීතය ගායනා කරන්නෙත් මම.

ඉදිරියට ඔබේ ගීත කිහිපයක්ම නිකුත් වෙන්න තියෙනවා නේද?

ඔව් දැනට තවත් ගීත 2ක වැඩ ඉවර කරලා තියෙනවා. ‘ඔබ ආ දා සිට..’ ගීතය නිකුත් කරලා රටේ තියෙන තත්ත්වයත් තරමක් දුරට පහවුණාම මේ ගීත දෙක නිකුත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. තව ගීතයක් නිර්මාණය කරන්න සැළසුම් කරමින් ඉන්නවා. එකේ වැඩත් ඉක්මණටම ආරම්භ කරන්න තමයි සැළසුම් කරලා තියෙන්නේ.

දැන් රඟපාන්නේ නැද්ද එතකොට?

රඟපානවා. නමුත්, මුලීකම අවධානය යොමු කරලා තියෙන්නේ ගායනය පැත්තට. අන්තිමට මම රඟපෑවේ ‘හදවතේ කතාව’  ටෙලි නාට්‍යයේ. දැනටත් කිහිපයකට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. රටේ වර්තමානයේ තියෙන තත්ත්වයත් එක්ක ඒ දේවල්වලට යොමු වෙන්න පුළුවන්කමකුත් නැහැ දැනට. අනික් කාරණය තමයි මම ඉන්නේ පොළෙන්නරුවේ. පොළොන්නරුවේ ඉදලා මේ වැඩවලට එනකොට කාලය සොයා ගැනීමේ අපහසුවකුත් තියෙනවා.

කලාවට යොමු වීම ගැන සතුටුද ඔබට?

ඇත්තටම. මොකද, මම කලාවට සම්බන්ධ නොවුණා නම් බොහෝ විට නදිශා දයාරත්න කියලා අද මාව කවුරුත් අඳුනන්නේ නැති වෙන්න පුළුවන්. මේ හැමදෙයක්ම මට ලැබුණේ කලාව නිසා. ඉතින් ගොඩක් සතුටු වෙනවා කලාවට යොමු විම ගැන.

බුද්ධික සේනාධීර

20201105Nadeesha (1) 20201105Nadeesha (2) 20201105Nadeesha (4)