කොටට ඇන්දට අතින් අතට යන්නෙ නෑ
නිලූ... නිරෑපණ ක්ෂේත්රයට යොමු වුණේ කොයි කාලේදීද...?
මම නිරෑපණ ක්ෂේත්රයට යොමුවෙලා දැන් අවුරැදු හතක් විතර වෙනවා. මුල් කාලේදී මම ඔය ෆොටෝ ෂූට් වගේ පොඩි පොඩි දේවල් කළා. ඊට පස්සේ මගේ යාළුවෙක් මට කිව්වා ඔහොම කරන්න එපා... ඒකට හොඳට ඉගෙනගන්න. ඒකට හොඳම කෙනා තමයි රොසෑන් ඩයස් මහත්මිය කියලා. ඉතින් ඊට පස්සේ මම රොසෑන් ඩයස් මහත්මියගේ මොඩල් ඇකඩමියට 2014 අවුරැද්දේ බැඳිලා බොහෝ දේවල් ඉගෙන ගත්තා. නිරෑපණ ක්ෂේත්රයේදී බොහෝ දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම මම ඉගෙන ගත්තා. ඒ වගේම ඒ ඇකඩමියෙන් මම මේ ක්ෂේත්රයේ බොහෝ අය හඳුනාගත්තා.
නිරෑපණ ක්ෂේත්රයට අමතරව නිලූ වෙන රුකියාවක් කරනවාද...?
මම වෙන රුකියාවක් කළා. ඒත්... මේ වැඩත් එක්ක මම ඒ රුකියාවෙන් අයින් වුණා. නිරෑපණයට අමතරව මම චැනල් C ආයතනයේ නිවේදිකාවක් විදිහටත් කටයුතු කරනවා. නිරෑපණ ක්ෂේත්රයට වගේම මම නිවේදන කලාවටත් කැමතියි.
රංගනයට නිලූට ආරාධනා නැද්ද...?
මියුසික් වීඩියෝවලට මේ වෙනකොට මම රංගනයෙන් දායකවෙලා තියෙනවා. ටෙලි නාට්‍ය කීපයකටත් මට ආරාධනා ලැබිලා තියෙනවා. තාම මම ඒ කිසිම දේකට යොමුවුණේ නෑ. ආරාධනාවක් විතරයි දැනට තියෙන්නේ. ඉදිරියේදී ඒ දේවල්වලටත් යොමු වෙන්න අදහසක් තියෙනවා.
නිරෑපණ ශිල්පිනියක් දිහා මේ සමාජයේ බොහෝ දෙනා බලන්නේ වෙනස් විදිහට. කල්බ් යන, කොටට අඳින, අඩනිරැවත් වෙන සල්ලිවලට අතින් අතට යන අය තමයි නිරෑපණ ක්ෂේත්රයේ වැඩිපුරම ඉන්නේ කියන මතයක් තියෙනවා. නිලූ මොකද ඒ ගැන කියන්නේ...?
ඇත්ත තමයි. බොහෝ දෙනා අපිව දකින්නේ එහෙම තමයි. ඒත් මේවගේ දේවල් කරන්නේ කෙනෙක් විතරක් නෙමේ. බොහෝ ගැහැනු ළමයි තමන්ගේ ජීවිතේට Free එකක් හම්බවුණාම යාළුවෝ එක්ක එළියට යනවා. විනෝද වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒක මොඩල් කෙනෙක්ටම සීමා වෙච්ච දෙයක් නෙමේ. මමත් එහෙම කොටට අඳිනවා. හැබැයි මම සුදුසු තැනට ඒ වගේ ඇඳුම් අඳිනවා. මම කොටට වගේම දිගටත් අඳින්න ආසයි.
එකේ මගේ වෙනසක් නෑ. අපි හරිනම් එච්චරයි... නේද...?
නිරෑපණ ක්ෂේත්රයට යොමුවෙනවට නිලූගේ ගෙදරින් කැමති වුණාද...?
එහෙම ගෙදරට කිව්වම නම් ගෙදරින් ඒකට එකපාරටම කැමති වුණේ නෑ. ෆීල්ඩ් එක ගැන මිනිස්සු හිතන ආකල්ප වැරදියිනේ. ඒ නිසා මගේ ගෙදරිනුත් මුලින්ම කැමති වුණේ නෑ. මගේ අම්මා නැතිවෙලා. මම ඉන්නේ පුංචි ගාව. ඉතින් මාත් එක්ක ගොඩාක් තැන්වලට යන්න පුංචි ආවා. ඒනිසා නිරෑපණ ක්ෂේත්රයේ ඉන්න බොහෝ දෙනා දැන් පුංචි එක්ක හිතවත්. ඒ නිසා දැන් ගෙදරින් මට කිසිම තහංචියක් නෑ. දැන් ඒ අය දන්නවා මේ ෆීල්ඩ් එක මොනවගේ තැනක් ද කියලා. ඒ නිසා දැන් ඒ ගැන කිසිම බයක් නෑ. මගේ පෞද්ගලික ජීවිතෙයි, මගේ නිරෑපණ ක්ෂේත්රයයි මම කවදාවත් පටලවාගෙන නෑ.
නිලූගේ පෙම්වතාත් මේ ක්ෂේත්රයේම කෙනෙක් නිසා ඔය ආදරේටත් නිරෑපණ ක්ෂේත්රය බාධාවක් වී නැතුව ඇති...?
ඒකනේ... ඒකනේ... මගේ පෙම්වතාත් මේ ක්ෂේත්රයේම කෙනෙක්. මේ ෆීල්ඩ් එකට ආවාට පස්සේ තමයි මට එයාව මුණගැසුණේ. අපි දෙන්නම එකම ක්ෂේත්රයේ දෙන්නෙක් නිසා අපි අතරේ ලොකු බැඳීමක් තියෙනවා. මම මොකක් හරි වැඩකට ගියත් එයා දන්නවා. මෙතන වෙන්නේ මේ වගේ දෙයක් කියලා. ෆීල්ඩ් එකේ අයත් එයාව දන්නවා. ඒනිසා අපේ ආදරේට මේ ෆීල්ඩ් එක බාධාවක් නෙවේ.
මොනවද නිලූගේ ඊළඟ බලාපොරොත්තුව...?
මම ආසයි රංගනයට එකතු වෙන්න. ආරාධනාවක් ලැබිලා තියෙනවා. බලමු... නේද...? ඊට අමතරව මේ ෆීල්ඩ් එකේ හොඳ ගමනක් යමින් නිවේදිකාවක් විදිහට වැඩකරන්න මම ආසයි.
Text – Dishani / Pic – Malaka Wailigodapala