කොටට අදින්න මම කැමතියි, හැබැයි තැනට ගැළපෙන විදිහට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘හිරු අවුරුදු කුමරිය’ ලෙස කිරුළ පළන් පූජනි භාග්‍යා මේ දිනවල බොහෝ කලා නිර්මාණවල දකින්නට ලැබේ. සුනිල් ටී ප්‍රනාන්දුගේ ‘දරුවනේ’ චිත්‍රපටය හරහා කුඩා කාලයේම කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වනවිට බොහෝ කලා නිර්මාණ ප්‍රමාණයක දකින්නට ලැබේ. මෙවර ‘සාරවිට’ තරු කතාබහ දිග හැරෙන්නේ ඇය සමගිනි.

 

20181223Poojani-3පූජනිට වැඩ ගොඩක් හම්බ වෙලා කියන්නේ ඇත්තද?

මේ දවස්වල සනත් අබේසේකර මහත්මයාගේ අලුත්ම ටෙලි නාට්‍යයක වැඩ කරනවා. ඉදිරියේදී රූපගත කෙරෙන තවත් අලුත් ටෙලි නාට්‍යය දෙකක් සඳහා සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඊට අමතරව දායක වුණ ගීත රූප රචනා කිහිපයක් මේ දිනවල විකාශය වෙනවා වගේම තවත් කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා.

 

මේ වැඩ ඔක්කොම ඔබට ලැබුණේ ‘හිරු කුමරිය’ වීමත් සමග?

අනිවාර්යයෙන්ම ඔව්, නමුත්, මම  කලාවට සම්බන්ධ වෙන්නේ මට වයස අවුරුදු 12ක් වෙද්දි. ඒ සුනිල් ටී. ප්‍රනාන්දු මහත්මයාගේ ‘දරුවනේ’ චිත්‍රපටය හරහා. හැබැයි මාව ගොඩ දෙනෙක් අඳුනන ගත්තේ ‘හිරු අවුරුදු කුමරිය’ තරගයෙන්. ඒක හේතුවක් වුණා මට කලා කටයුතු ගොඩකට සම්බන්ධ වෙන්න.

 

ඒ කියන්නේ පූජනි කුඩා කාලේ ඉඳලා හීන මවලා තියෙන්නේ රංගන ශිල්පිනියක් වෙන්න?

නැහැ, තෙරේන කාලේ ඉඳලා මගේ කැමැත්ත තිබුණේ පාංශූ වෛද්‍යවරියක් වෙන්න. සතුන්ට නොමිලේ බෙහෙත් කරන්න. පස්සේ ටිකක් ලොකු වෙන කොට මගේ එකම හීනේ වුණේ ගුවන් සේවිකාවන් වෙන්න. මාව දැකපු හැමෝම කිව්වා මගේ පෙනුමට, උසට ගැළපෙන්නේ ඒ රැකියාව කියලා. ඒත්, පවුලේ අයගේ කැමැත්තක් තිබුණේ නැ මාව ඒ රැකියාවට යවන්න.  මගේ වාසනාවටද මන්දා මට කලා ක්ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබුණා. හැබැයි පුංචි කාලේ නම් කණ්නාඩිය ඉස්සරාහට ගිහිල්ලා රඟපාපු කාලයකුත් මට තිබුණා.

 

දිගටම කලාවට කැපවෙන්නද අදහස?

දැනට මම කලාව පැත්තෙන් මට යන්න පුළුවන් උපරිමයට යන්න බලාපොරොත්තු වෙනවා. නමුත්, මම හිතන්නේ නැ ජීවිත කාලයටම මේ ක්ෂේත්‍රය තුළ අපිට රැදිලා ඉන්න පුළුවන් වේවි කියලා. ඒක නිසා ගේ ඊළඟ ලොකුම හීනය මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන එක.

 

පූජනි කියන්නේ ජනප්‍රිය චරිතයක්ද?

එහෙම කියන්න බැහැ ඉතින්. මොකද, ජනප්‍රිය වීම තුළ තියෙන්නේ යම් කිසි තෘප්තියක් විතරයි. ඒත්, හැමෝම ආදරය දිනා ගන්න පුළුවන් රංගන ශිලිපිනයන් වෙන්න ආසයි. කවදාහරි සම්මානයක් ලබාගන්න තියෙනවා නම් ඒක තමයි මගේ ලොකුම සතුට වෙන්නේ.

 

නිර්මාණ භාර ගැනීමේදී ඔබට යම් යම් සීමාවන් තියෙනවාද?

ඔව්, තියෙනවා. ටෙලි නාට්‍යයවලදී නම් මට ඒ වගේ ප්‍රශ්න ඇති වෙලා නැහැ. ඒත්, ගීථ රූප රචනා හා පොටෝ ෂුට් වගේ දේවල් වලදී නම් ඒ වෙග් දේවල් ගොඩක් බලන්න වෙනවා. මම කොටට අඳිනවා. නමුත්, තැනට තමන්ට නොගැළපෙන විදිහට නම් කවදාවත් ඇඳලා නැහැ. නිරුවත්, අඩ නිරුවත් දර්ශන කවදාවත් භාර ගන්නේ නැහැ.

 

ඉදිරි ගමන කොයි වගේද?

මම  දායක වුණ ගොඩක් කලා නිර්මාණ ඉදිරියේදී හැමෝටම නරඹනන් පුළුවන් වේවි. මට ගැළපෙන හොඳ නිර්මාණවලට දායක වෙන්න තමයි මගේ බලාපොරොත්තුව. ඒ වගේම අසරණ සතුන්ට හැකි උපරිමයෙන් මම උදව් කරනවා. මොකද, ඒක මගේ පුංචි කාලේ ඉඳලා හිතේ තිබුණ ආසාවක්. අදටත් අපේ ගෙදර බල්ලෝ පුසෝ ගොඩක් මම ඇති කරනවා.

 

බුද්ධික සේනාධීර / ඡායාරූප- කවීත් මිලින්ද

20181223Poojani-1 20181223Poojani-2