කොටට අඳින නිරූපිකාවන්ට සමහරු කියන්නේ වෙනත් නමක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-12-18-ent-31

නිරූපිකාවක් විදියට වැඩ කරන දිල්රුක්ෂිකා චිත්‍රපට කිහිපයකටම නර්තනයෙන් දායක වෙලා තියෙනවා. තමන්ගේම සැලෝන් ව්‍යාපාරයක් පවත්වාගෙන යාම ඇගේ එක් අරමුණක්. ඒ ගැන දිල්රුක්ෂිකා සාරවිටට පැවසුවේ මෙහෙමයි.

 

ඔයා ගැන පොඩ්ඩක් විස්තර කිව්වොත්?

2017-12-18-ent-34මගේ නම දිල්රුක්ෂිකා. මම විවාහකයි. මට මාස 10ක බබෙක් ඉන්නවා. ඒක නිසා මේ දවස්වල වැඩ කටයුතුවලට වැඩිය දායක වෙලා නැහැ. කලින් මම බ්‍රයිඩ්ල් තමයි ගොඩක් කළේ.

 

නිරූපණ ක්‍ෂේත්‍රයට එන්නේ කොයි කාලේදීද?

දැනට අවුරුදු හතරහමාරක් විතර වෙනවා.

 

ඔයා දැනට දායක වෙලා තියෙන නිර්මාණ ගැන කිව්වොත්?

‘කුස පබා’ ෆිල්ම් එකේ ඩාන්සින්වලට දායක වුණා. ‘කූවේනි’ එකේ ඩාන්සින් කළා. මම ඩාන්සින් තමයි වැඩියෙන් කරන්නේ. මට රඟපාන්න ආරාධනා ලැබුණා නාට්‍යවලට. ඒත් මම ආස නැහැ. නමුත් ටී.වී. කමර්ෂල් කිහිපයට දායක වුණා.

 

ටී.වී. කමර්ෂල් ගැන කිව්වොත්?

සිග්නල් ඇඩ් එකක් කළා, රක්ෂණ සමාගමක කමර්ෂල් එකක් කරා. කැන්ඩි ඇඩ් එකකට දායක වුණා. තව දෙක තුනක්ම කරා.

 

අද නිරූපණ ක්‍ෂේත්‍රය පිළිබඳ මිනිස්සු කතා වෙන්නේ වෙනස් ආකල්පයකින් නේද?

ඔව් ඒක තමයි. මොඩ්ලර් කෙනෙක් කොටට ඇන්දොත් මිනිස්සු වැරදි කතා කියනවා. එයා එතකොට මොඩ්ලර් කෙනෙක් විදියට නෙවෙයි හඳුන්වන්නේ. වෙන නමකින්. එහෙම වෙන්න හොඳ නැහැ. නිරූපිකාවක් වුණාම හැම ඇඳුමක්ම වගේ අඳින්න සිද්ධ වෙනවා.

 

දිල්රුක්ෂි නිරූපණය ගැන හදාරලාද ක්‍ෂේත්‍රයට ආවේ?

නැහැ. මම නිදහස් නිරූපිකාවක් විදියට තමයි වැඩ කරන්නේ.

 

හදාරන්න බලාපොරොත්තුවක් නැද්ද?

ඉගෙන ගන්නවා නම් හොඳයි. ඒත් දැනට එහෙම බලාපොරොත්තුවක් නැහැ.

 

අපි කතා කළොත් අනාගත බලාපොරොත්තු ගැන?

මගේ අදහසක් තියෙනවා සැලෝන් එකක් කරන්න. ඒක කරන්න උත්සාහ කරනවා. මොඩ්ලින් පැත්තෙන් ඉදිරියටම යන්න තමයි තියෙන ලොකුම බලාපොරොත්තුව.

 

අවසාන වශයෙන් මේ ආපු ගමනට උදවු කරපු අය ගැන කතා කරමු?

මගේ අම්මාව මතක් කරන්න ඕනේ මුලින්ම. ඊටපස්සේ මට හොඳ සැමියෙක් ඉන්නවා. එයා මට ගොඩක් සහයෝගය දෙනවා. බබා ලැබුණට පස්සේ මේ දේවල් කරගන්න ඒ දෙන්නා මට ගොඩක් උදවු වෙනවා. එයාලට ස්තූතියි කරනවා මේ වෙලාවේ.

 

කැළුම් විශ්වනාත් / ඡායාරූප - කවීත් මිලින්ද

 

2017-12-18-ent-29 2017-12-18-ent-30  2017-12-18-ent-32 2017-12-18-ent-33  2017-12-18-ent-35