කොච්චර සල්ලි දුන්නත් නරක දෙයකට අතගහන්නේ නෑ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-11-21-ent-01

2012 මා ස්වාධීන රූපවාහිනියේ නැණ ගුණ පිරි ළිය වුණේ මාෂි. ඇය දැනට කටුනායක ගුවන්තොටුපළේ ඩියුටි ෆ්‍රී අංශයේ රැකියාව කරනවා. ඒ අතරේ ඇගේ නිරූපණ කටයුතුත් කරගෙන යනවා. මාෂි ඒ ගැන සාරවිටට කතා කළේ මෙහෙමයි.

 

මාෂි ගැන කිව්වොත්?

2017-11-21-ent-04මගේ නම මාෂි ජයනෙත්ති. මම එයාර්පෝට් එකේ වැඩ කරන්නේ. ඩියුටි ෆ්‍රී එකේ. ඒ අතර මොඩ්ලින් කරනවා වැඩ එන විදියට. මම 2012 ස්වාධීන රූපවාහිනියේ ‘නැණ ගුණ පිරි ළිය’ වුණා. ඊට පස්සේ ගොඩක් ආරාධනා ලැබුණා. ඒත් ඒ කාලේ උනන්දුවක් තිබුණේ නෑ. දැන් තමයි වැඩ කරන්න ගත්තේ. එතකොට මම රාජ්‍ය නැටුම් කණ්ඩායමේ හිටියා අවුරුදු 03ක්.

 

කොයි කාලේද ඔයා මේ නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ?

ලොකු කාලයක් නම් නෑ. දැනට අවුරුදු 02ක් විතර ඇති. ඊට කලින් නම් කමර්ෂල් කළා. ඒ කියන්නේ ITN එකේ නැණ ගුණ පිරි ළිය වුණාට පස්සේ. කවර් පේජ් කළා, ෆොටෝ ෂූට් නම් කරන්න පටන් අරන් අවුරුදු 02ක් විතර වෙනවා.

 

අපි කතා කළොත් වෙළෙඳ දැන්වීම පැත්ත ගැන,

ඩයලොග් එකේ ඩයලොග් කනෙක්ටඩ්, එතකොට HNB එකේ කරා, මම ඩියුටි ෆ්‍රී එකේ ප්‍රොමෝෂන්වල ඉන්නවා.

 

ඔයාගේ මේ වැඩවලට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

ඒ අයගෙන් අකමැත්තක් නැහැ. මම නිර්මාණ වැඩකට යනකොට අනිවාර්යයෙන් ගෙදරින් කවුරු හරි එනවා. මට වැඩ කරද්දී තෝරාගෙන කරන්න උපදෙස් දෙනවා. ගෙදරින් අකමැත්තක් නැහැ

 

නිරූපණය අද හොඳ ක්ෂේත්‍රයක්ද? මොකද අද නිරූපණය ගැන කතා කරන්නේ වෙනස් පැතිකඩක්...

මෙහෙමයි ඉතිං, නරක පැත්තට යන කෙනා යනවා. හොඳ පැත්තට යන කෙනා නිර්මාණ තෝරාගෙන කරනවා. ඒකේ දෙපැත්තක් තියෙනවා. තම තමන්ගේ දැක්ම අනුව ඒක වෙනස් වෙනවා. මම නම් මුදල් කොච්චර දෙනවා කිව්වත් නරක දේවල් කරන්නේ නෑ.

 

ඔයා නිර්මාණ තෝරා ගනිද්දී ඒකේ ප්‍රමිතිය බලනවාද?

ඔව්. මට වැඩකට කතා කළාම මම අහලා බලනවා. ඊට පස්සේ මට ගැළපෙනවද කියලා කල්පනා කරනවා. මොකද කොච්චර ලොකු මුදලක් ගෙවනවා කිව්වත් මට සුදුසු නැත්තම් මම බාර ගන්නේ නැහැ.

 

දැන් එතකොට ඔයාගේ රැකියාවත් එක්ක කොහොමද මේ දේවල් බැලන්ස් කරගන්නේ?

මම ෂිෆ්ට් එකට වැඩ කරන්නේ.එ තකොට මට සතියට දවස් දෙකක් නිවාඩු ලැබෙනවා. ඒ දවස්වලට තමයි මේ දේවල් කරන්නේ.

 

අපි කතා කළොත් ඉදිරි බලාපොරොත්තු ගැන?

රැකියාවයි මේ ක්ෂේත්‍රයයි දෙකම බැලන්ස් කරගෙන වැඩ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ගොඩක්ම බ්‍රයිඩල් ෂූට් කරන්න තමයි හිතාගෙන ඉන්නේ

 

අවසාන වශයෙන් කතා කලොත් උදවු කරපු අය ගැන?

පවුලේ අය කට්ටිය තමයි හැමදේටම උදවු කරන්නේ, එයාලට ස්තූතියි කරනවා.

 

  2017-11-21-ent-03 2017-11-21-ent-02