කුරුළු නිසා ආදරවන්තියක් වූ තනාෂා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-10-11-ent-22

ආදරෙයි කියන්නෙ ගොඩක් පාරිශුද්ධ හා නිර්මල බැඳීමකට. ආදරය හරියට කෙනෙක්ගේ හදවතක් එක්ක කරන සියුම් සැත්කමක් වගෙයි. ආදරේදි බොරු කරන එක අනෙක් කෙනාව මුලාවෙන් රවට්ටන එක ගෙවා ගන්න බැරි පවක්. ඒ නිසා කවදාවත් ඒ වගේ පව් වැඩ කරන්න එපා.

තනාෂා සතරසිංහ ගැන මේ දිනවල වැඩි දෙනා කතා වන්නේ නීල පබළු නාට්‍යයේ ‘‘කුරුළුගේ ’’ චරිතය නිසයි.

 

කුරුළු වීම නිසා අද ඇයට ආදරෙත් ලැබෙනවලූ. තනාෂා මෙහෙම කියන්නේ ඇත්තටම ද?

 

තනාෂා කොහොමද ‘‘ආදරේ’’? 2018-10-11-ent-21

වැඩියෙනුත් එක්ක අද මට ආදරේ ලැබෙනවා. මොනවා හරි ගන්න කඬේට ගියත් මිනිස්සු ‘කුරුළු’ ගැන තමයි කතා වෙන්නේ.

 

ඒ කියන්නේ ඔබගේ සැබෑ ආදරය නෙවෙයිද?

නැහැ සැබෑ ජීවිතයේදී තවම මම ආදරවන්තියක නෙවෙයි.

 

මේ වයසට ආදාරයක් නැහැ කිව්වොත් ඒක බොරුවක් නේද?

ඇත්තම තමයි කිව්වේ.

 

ආදරේ ඉල්ලන් තරුණයින් වැඩියෙන් එන්නේ නැද්ද?

බොහෝ රසිකයින් වෙතින් තමයි ආරාධනා එන්නෙම. ෆේස්බුක් හරහා ලැබෙන ආදරණීය යෝජනා එමටයි.

 

ඉතින් කාට හරි ආදරෙයි කියලා තවම කියලා නැද්ද?

තවම නැහැ. ඒකට වයස තියෙනවනේ.

දැන් වයස 23යි.

 

විවාහය ගැන කතා වෙන්නේ නැද්ද?

ගෙදර කවුරුත් ඒ ගැන කතා වෙන්නේ නැහැ. මම මතක් කළොත් කතා කරනවා. එයාලා දන්නවා තවම ඒකට වයස තියෙනවා කියලා.

 

විවාහය ගැන කොහොමද හිතන්නේ?

කෙනෙක්ව හඳුනා ගත්තට පස්සේ එයාව ඇසුරු කරලා ගලපාගෙන හොඳට සොයලා බලලා තීරණ ගැනීම වැදගත්. ‘විවාහය’ කියන දේ කරන්න නම් දෙදෙනා අතර ලොකු විශ්වාසයක් තියෙන්න ඕනෑ. අද කාලයේ වෙන දේවල් එක්ක මම ඒ ගැන හරියට හිතනවා. ඉතින් විවාහය කියන්නේ ආවාට- ගියාට තීරණ ගන්න බැරි දෙයක්.

 

තනාෂාට කා ගැනවත් ආදරයක් ඇති වෙලාම නැද්ද?

දැනට නැහැ.

 

ඒ කියන්නේ කලින් තිබුණා?

හිත ගිය චරිත තිබුණා. ඒවා ඉතිං සාමාන්‍ය දේවල්නේ. හැමෝටම තාරුණ්‍යයේදී ඒ වගේ අදහස් එන්න පුළුවනි.

 

ක්ෂේත‍්‍රයේ සිත් ගත් චරිත කවුද?

බොහෝමයක් ඉන්නවා. ඒ අතරින් කමල් අද්දරආරච්චි මහතා සහ චාන්දනී සෙනෙවිරත්න මහත්මිය මා වඩාත් ප‍්‍රිය කරන දෙදෙනෙක්.

 

අද තනාෂා වෘත්තියෙන් රංගනයද කරන්නේ?

ඔව් අද මම වෘත්තියෙන් රංගන ශිල්පිනියක් සහ නිරූපන ශිල්පිනියෙක්. 2013 දී දෙරණ මිස් ශ්‍රී ලංකා තරගයේදී දෙවැනියා වුනාට පසුව දෙරණ කළ ‘‘නිම්තෙර’’ නාට්‍යයේ රඟපෑමට අවස්ථාව ලැබුනා. ඉන්පසුව නිරූපණය කරන අතරේ ‘‘රන් දේදුන්නක්’’ ඇතුළු චිත‍්‍රපට 4ක රඟපෑවා. ‘‘රන් දේදුන්නක් තිරගත වුණා. අනෙක්වා තිරගත වීමට නියමිතයි. මේ සියල්ල කරන අතරවාරයේදී තමයි මිස් ග්ලෝබ් වෙනුවෙන් ලංකාව නියෝජනය කරන්න ලැබුණා. එහිදි දක්‍ෂතා මනින වටවලදී මිස් ඇක්ට‍්‍රස් උප කිරුළ ලැබුවා. රංගනය ගැන දිගින් දිගටම හදාරමින් කරන්න ඕනැ කියලා හිතුවේ ඉන් පසුවයි. ක්ෂේත‍්‍රයේ සිටින ජ්‍යෙෂ්ඨයින්ගෙන් ලැබෙන අත් දැකීම් එක්ක රංගනය දියුණු කර ගැනීම මගේ අරමුණයි.

 

රඟපෑම වෘත්තිය නොවුවා නම්?

උසස් පෙළ කළේ වෛද්‍යවරියක වීමේ සිහිනය ඇතිවයි. නමුත් දෙරණ මිස් ශ්‍රී ලංකා තරගයට 2013 ආවාම ගමන වෙනස් වුණා. වෛද්‍ය අංශය සඳහා විශාල කැපවීමක් කළත් විභාග ජයගෙන යන ගමන ඒ නිසා අතරමග නැවතුණා.

 

රඟපෑම ගැන අද කොහොමද හිතන්නේ?

මේක ලෙහෙසි නැහැ. ජ්‍යෙෂ්ඨයින්ගෙ උදව්වෙන් ඉගෙන ගනිමින් චුට්ට- චුට්ට ඉස්සරහට යනවා.

 

සංචාරයටත් හරි ආසලූ නේද?

ඇත්තෙන්ම ආසයි. ශ්‍රී ලංකාව වටේ සංචාරයට හරිම ප‍්‍රියයි. නුවරඑළියට තමයි ආසම. අම්මයි නංගිලා තුන්දෙනයි එක්ක ඒ විදිහට සංචාරයේ යෙදෙනවා. අපි ඒ වෙලාවට සිංදු කියමින් සතුටින් කාලය ගත කරනවා.

 

ලෝකයේ මේ දක්වා ගිය තැන් අතරින් වඩා කැමති?

‘බාලි’ දුපතට ආසයි. එහි සිටින මිනිස්සු හරිම හොඳයි. මම ආසම කෑම වර්ග එහි තියෙනවා.

 

රඟපෑම, නිරූපණය හැර වෙන මොනවටද දක්ෂ?

පාසල් කාලයේ පිහිනීම කළා. පිහිනීමට දක්ෂයි.

 

‘තනාෂා’ ට අද ඔබ ගැන හිතන්නේ කෙහොමද?

අම්මගෙ උපදෙස්- තීරණ එක්ක සරලව ජීවත්වන කෙනෙක්. නංගිලාට වඩාත් ආදර්ශවත් අක්කා කෙනෙක් සතුටින් විනෝදයෙන් සිටින සාමාන්‍ය තරුණියක්.

 

කේන්ති යන අවස්ථා එහෙමත් ඇති.

කේන්ති යනවා අඩුයි. යම්කිසි අසාධාරණයක් වුණොත් හරියට දුක හිතෙනවා. එතකොට කේන්තිය වෙනුවට, අඬන එක තමයි කරන්නේ.

 

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

 

2018-10-11-ent-19 2018-10-11-ent-20