කුමන ක්ෂේත්රයක වුණත් රැඳිලා ඉන්න හැමෝටම බැහැ
ගායන ක්ෂේත්රයට එකතු වීමට බලාපොරොත්තුවෙන් සිටින යෞවනියක් සමග ‘සාරවිට’ අපි අද කතා බහ කළේමු. ඇය නමින් මදුංකා නශාලි. ‘හිරු ස්ටාර්’ රියලටි තරගාවලියේ දකින්නට ලැබුණ අය මේ වනවිට මුළුමහත් ලංකාවම දන්නා හඳුනන යෞවනියක් බවට පත්ව සිටියි. මේ ඇය අප සමග කළ කතා බහයි.
ගායිකාවක් වෙන හිනයක් ඔබට තිබුණාද?
ඔව් පොඩි කාලේ ඉඳලම ගායිකාවක් වෙන්න ආසාවක් කැමැත්තක් මට තිබුණා. ඒත් මගේ විශ්වවිද්‍යාලයේ කටයුතු නිසා ඒක මගහැරුණා. ඊට පස්සේ.. ‘හිරු ස්ටාර්’ රියලටි තරඟාවලියට මම සම්බන්ධ වුණා. ඒ හරහා තමයි මගේ ගායන දිවියේ නැවත ආරම්භය සනිටුවහන් වෙන්නේ.
ගායිකාවක් විදිහට මුලින්ම කළඑළි බැස්සේ?
‘හිරු ස්ටාර්’ රියලටි වේදිකාවෙන් තමා මුළින්ම මාව මිනිස්සු දැනගත්තේ හා අඳුනගත්තේ.
දැනට තමන්ගේම නිර්මාණ කරලා තියෙනවාද?
මගේම කියලා නිර්මාණයක් කරන ගමන් ඉන්නේ. නුදුරේම මගේ අලුත්ම නිර්මාණය ලබා දෙන්න මම සූදානමින් සිටිනවා.
නවකයෙක් විදිහට මේ ක්ෂේත්රය ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම මම තාමත් හොඳම නවකයෙක්. මට අත්දැකීම් ගොඩක් නෑ. ඒත් මේ ක්ෂේත්රය කියන්නේ මගේ හීනයක් වෙලා තිබුණ දෙයක්.
අද ඕනෑම කෙනෙකුට මේ ක්ෂේත්රයට එන්න පහසුයි කියලා හිතනවාද?
ඕනෑම කෙනෙකුට ඕනිම ක්ෂේත්රයකට එන්න පුළුවන්. ඒත් ඒ කුමන ක්ෂේත්රයක වුණත් තුළ වුණත් රැඳිලා ඉන්න හැමෝටම බෑ.
දක්ෂතාවය විතරක් තිබුණෙත් ඇත්ද?
දක්ෂතාවයම වගේම වාසනාවත් තියෙන්න ඕනි කියලයි මම විශ්වාස කරන්නේ. ඒ වගේම කැපවීම, පුහුණුව මේ හැමදේම එකට එකතු උනාම ක්ෂේත්රය තුළ හදවතේ ගායකයෙක් හෝ ගායිකාවක් වෙන්න පුළුවන් කියලා හිතනවා.
කවුරු හරි ගායිකාවක් ඔබ අනුගමනය කරනවාද?
මම ලංකාවේ වගේම පිටරවල ගායක ගායිකාවන් අනුගමනය කරනවා. මොකද ඒ සියළු ශිල්පීන්ගේ ඔවුන්ටම ආවේණික වූ දක්ෂතාවන් තියෙනවා. මම ඒවා අධ්‍යනය කරනවා.
ගායනා කරන්න වැඩියෙන්ම කැමති ගීතය මොකක්ද?
එහෙම එකක් කියලා නෑ. මම හැම ගීතයක්ම රසවිඳිනවා. ඒ ඒ ගීතවලට වෙනස් වුණු විවිධ හැඟීම් තියෙනවා.ඉතින් මම ඒ හැම ගීතයකටම කැමතියි.
මොනවද ඉදිරි ඉලක්ක?
ඉදිරි ඉලක්ක විදියට මුලින්ම විශ්වවිද්‍යාලයේ කටයුතු හොඳින් අවසන් කරගැනීමේ අරමුණින් ඒ සඳහා වැඩකටයුතු කරනවා. හදවතේ ගායිකාවක් වෙන්න තමයි උපරිම උත්සාහ කරනවා.
උදව් කරපු අය කවුද?
මුලින්ම මට සංගීතය කියලා දුන්නේ මගේ තාත්තා. ඒවගේම හැමදේකමට ළගින් ඉන්න මගේ අම්මා. ඒ වගේම අක්කලා. මගේ යාළුවෝ හැමෝම. සංගීත වැඩ වලදි ගොඩක්ම උදව් කරන්නෙ මගේ යාළුවෝ.
බුද්ධික සේනාධීර