කාලෙන් කාලේට විවිධ රැළි එනවා
සංගීත ක්ෂේත්‍රයට මෑත කාලයේ නවකයන්ගේ පිවිසීම ඉතා වේගයෙන් සිදුවෙයි. විවිධ පරාසයන් අතර වෙනස්ම තේමා ඔස්සේ නව නිර්මාණද ඔවුන් අතින් එක්වන ප්‍රමාණය අතිවිශාලය. මෙලෙසින් සංගීත ක්ෂේත්‍රයේ දොරගුළු විවෘත කරගත් නවපරපුරේ යොවුන්ගායිකාවක් ලෙස තනුජා ගොහාගොඩ හඳුන්වාදිය හැක. ඇයගේ අලුත්ම ගීතය වන්නේ ‘දුර යාය’ ගීතයයි.
වැඩි කාලයක් නම් නැහැ ක්ෂේත්‍රයට ඇවිල්ලා. 2014 වසරේ තමයි මුලින්ම ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. ගීතයක් එළිදක්වන්න ගොඩ කාලයක ඉඳලා ආසාවක් මට තිබුණා. ‘සේන්ට්‍ර්ගේට්’ සංගීත කණ්ඩායමේ නායක තුසිත්ව මම මුණ ගැහුණා. ඔහු තමයි මගේ මුල්ම ගීතය ‘සඳරැල්ල’ ගීතයට තනුවක් නිර්මාණය කළේ.
දැනට නිර්මාණ කොපමණ ප්‍රමාණයක් කරලා තියෙනවාද?
ගීත දෙකයි. මුල්ම ගීතය ‘සඳරැල්ල’. කැලුම් ශ්‍රීමාල් තමයි ගීතය ලිව්වේ. සංගීතවත් කළේ තුසිත් නිරෝෂන. දෙවැනි ගීතය ‘දුර යාය’ ලිව්වේ ශේහාන් ගලහිටියාව. සංගීතවත් කළේ අමිත් ගුරු.
කරපු නිර්මාණවලට ලැබෙන රසික ප්‍රතිචාර කොහොමද?
ගොඩක් හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා. අලුත් හඬක් වගේම අලුත් මුහුණක් නිසා ගොඩක් දෙනෙක් මගේ ගීත නරඹලා තියෙනවා. ඒ වගේම ගීත නරඹපු බොහෝ පිරිසක් මට හොඳ ප්‍රතිචාර ලබා දීලත් තියෙනවා මට.
නවකයෙක් විදිහට අද යන රැල්ල ගැන මොකද හිතෙන්නේ?
එක එක කාලේට වෙනස් වෙනස් දේවල් එනවා යනවා. ඒක අපිට නතර කරන්න අමාරුයි. මම කැමතියි මිනිස්සුන්ට මතක හිටින විදිහේ කටහඬක් වෙන්න. මිනිස්සු ආදර කරන ආදරණිය ගායිකාවක් වෙන්න. අද තරුණ පිරිස් කරන නිර්මාණවලට මට චෝදනා කරන්න අයිතියක් නැහැ. හැම කෙනෙක්ටම තමන් කැමති විදිහේ නිර්මාණ කරන්න අයිතිය තියෙනවා.
ඉදිරියට කරන නිර්මාණ මොනවගේද?
මම ලියපු ගීතයක් ඉදිරියට කරන්න හිතාගෙන ඉන්නවා. බොහෝ විට ඒක වෙනස්ම ආරේක ගීතයක් වේවි කියලා හිතනවා.
උදව් කරපු අය?
මගේ සැමියා දර්ශන, අමිත් ගුරුගේ, ශේහාන් ගලහිටියාව, අජිත් සර්, හසිත මල්ලි. මගේ පවුලේ අය වගේම වචනයකින් පවා මට උදව් කළ මාව දිරිමත් කරපු මගේ ගීත රසවිඳපු හැමෝටම මේ වෙලාවේ ස්තුති කරනවා.
බුද්ධික සේනාධීර