ක්‍ෂේත්‍රයට අලුත් අය ආවේ නැතිනම් ක්‍ෂේත්‍රය අභාවයට යනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-07-17-ent-49

නිරූපණය තුළ වසර ගණනක අත්දැකීම් ඇති ඇය සැබැවින්ම දක්ෂතා සහිත නිරූපිකාවක්. නිරූපණ හැකියාවන් තුළින් තවමත් ක්‍ෂේත්‍රයෙහි රැඳී සිටින ඇය නමින් ධනුකි. ඇගේ ඉදිරි කලා කටයුතු පිළිබඳ සාරවිට සමගින් මෙලෙස අදහස් දක්වා සිටියාය.

 

ඔබ ගැන හැඳින්වීමක් කරන්න?

2017-07-17-ent-54මම මොඩ්ල් කෙනෙක් විදියට වැඩකරන්න පටන් අරන් අවුරුදු 5ක් විතර වෙනවා. 2012 මේ ෆීල්ඩ් එකට ආවේ. මොඩ්ලින් ගැන ඉගෙනගෙන තමයි මේ ෆීල්ඩ් එකට ආවේ.

 

අද පවතින තත්වය ගැන මොකද හිතන්නේ ක්ෂේත්‍රය තුළ?

නවකයන්ට මේ ක්ෂේත්‍රයට එන්න තියන අවස්ථාව දැන් වැඩියි. දැන් ෂෝෂල් මීඩියා පැත්තෙන් බලපුවාම ෆේස්බුක් ගිණුම් හදනවා දවස ගාණේ. ඒ හරහා බලපුවාම හැම කෙනෙක්ම මොඩ්ල් කෙනෙක්. ඒ විදියට ආවට ඇත්තටම පැවැත්මක් නැහැ. මොකද ක්ෂේත්‍රයේ වෘත්තීමය නිරූපිකාවන් ඉන්නේ ටික දෙනයි. ඒ ගොල්ලන් හැමදාම ඒ තැන ඉන්නවා. එන යන අය තමයි ගොඩක් ඉන්නේ. මම හිතන්නේ ඒක ක්ෂේත්‍රයට ලොකු හානියක්. මොකද කිසිම හැදෑරීමකින් තොරව එන අය තමයි ගොඩක් ඉන්නේ. ෆොටෝ ෂූට් එකක් දෙකක් කරපු පමණින් කෙනෙක්ට මොඩ්ල් කෙනෙක් වෙන්න බැහැ. හැදෑරීමක් තියෙන්න ඕනේ ක්ෂේත්‍රයේ එයා ගැන පිළිගැනීමක් තියෙන්න ඕනේ. විශාල ප්‍රමාණයක් එනවා දවසගාණේ. ඉතින් ඒක ගැන මට ලොකු පැහැදීමක් නැහැ. මේකට ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයෝ පිළියමක් යොදන්න ඕනේ. මොකද එහෙම වෙන්න ඕනෙම ක්ෂේත්‍රයක ප්‍රමිතිය අඩු වෙනවා. කට්ටියට ඉක්මනට ප්‍රසිද්ධ වෙන්න තියන උවමනාව නිසා ඕනෙම දෙයක් කරනවා. මොඩ්ල් කෙනෙක් වෙන්න හොඳ ෂේප් එකක් තියෙන්න ඕනෙ. හොඳ ටැලන්ට් එකක් තියෙන්න ඕනේ. ඇඟ පේන්න ෆොටෝ 2 ක 3ක් දැම්මා කියලා මොඩ්ල් කෙනෙක් වෙන්න බෑ. එහෙම තත්වයක් අද මේ ක්ෂේත්‍රය තුළ තියනවා. මේකෙන් ගොඩක් වෙලා තියෙන්නෙ නරක. ටැලන්ට් එකක් තියන කෙනෙකුට ෂෝෂල් මීඩියා නිසි ඉදිරියට යන්න පුළුවන්. කොහොම කළත් ටැලන්ට් එකක් තියන කෙනා ක්ෂේත්‍රය තුළ රැඳෙනවා. නැති කෙනා කොතන හරි තැනකින් කැපිලා යනවා.

 

ඔබ හිතනවද ඔබට ක්ෂේත්‍රය තුළ රැඳී ඉන්න අවස්ථාවක් තියනවා කියලා?

මම ඇවිල්ලා අවුරුදු 5ක් වෙනවා. මම අදටත් ක්ෂේත්‍රය තුළ ඉන්නවා. මම වැඩ කරන්නේ තෝරා බේරාගෙන. මම බ්‍රයිඩ්ල් මොඩ්ල් කෙනෙක් විදියට තමයි ගොඩක් වැඩකරන්නේ. මම මේ ක්ෂේත්‍රයට ආවේ හැදෑරීමක් කරලා නිසා මට ලොකු තරගයක් නැහැ. මගෙ හයියෙන් ගමනක් නෑ. හිමින් ගමනක් තියෙන්නේ. මම හොඳ නිර්මාණවලට දායකත්වය දෙමින් ක්ෂේත්‍රයේ අදටත් ඉන්නවා.

 

ඔබ නිරූපණය පැත්තෙන් දායක වුණ වැඩකටයුතු මොනවාද?

මම ක්ෂේත්‍රය තුළට එන්නේ බ්‍රයිඩ්ල් මොඩ්ල් කෙනෙක් විදියට. ශිරෝමි අක්කාගේ බ්‍රයිඩ්ල් එකක් කළේ මුලින්ම. ඒකත් රූපවාහිනියේ නුගසෙවණේ ලයිව් ෂෝ එකක්. එතන තමයි මගෙ ආරම්භය. ගොඩක් බ්‍රයිඩ්ල් ෂෝවලට සහභාගී වෙලා තියනවා. මේ ළඟදී තමයි මම නෝමල් ෂූට් පැත්තට ආවේ. මේ වෙද්දි මියුසික් වීඩියෝ කිහිපයකටම ආරාධනා ලැබිලා තියනවා. රඟපාන්නත් ආරාධනා ලැබිලා තියනවා. ඒ පැත්තට යන්න දැම්මනම් කැමැත්තක් නෑ. ඉස්සරහට වෙනස් වෙයිද කියන්න බෑ. වෙළෙඳ දැන්වීම්වලටත් ආරාධනා ලැබිලා තියනවා. ඒවටත් දායක වෙන්න බලාපොරොත්තුවෙනවා.

 

බ්‍රයිඩ්ල් මොඩ්ල් කෙනෙක් විදියට වැඩකරද්දී ඒ පැත්ත දැන් ටිකක් අඩුවෙලා තියනවා. මේ දේ එක්ක වෘත්තීය වශයෙන් ඒ ක්ෂේත්‍රය තුළ නියැළෙන්න හැකියාව තියනවාද?

මම වෘත්තීමය නිරූපණ ශිල්පිණියක් කියන තැන මම නැහැ. මොකද මේ ළඟදී මම මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගත්තා. මම නිරූපණය පැත්තෙන් වෘත්තීමය තියන තත්ත්වයක් හදාගන්න බලනවා ඉදිරියේදී. එහෙම නැතිවුණා කියලා ලොකු ගැටලුවක් නැහැ. මොකද තව මට ආදායම් මාර්ග තියන නිසා. බ්‍රයිඩ්ල් ෂූට් අඩු වීමක් කියන්නේ මෙහෙමයි සමහර අයට වැඩ අඩුවීමක් තියනවා මොකද බ්‍රයිඩ්ල් ෂූට්වලින් නිතර නිතර දකින කෙනෙක්ට අවස්ථා හම්බෙනවා. එයාලට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. ගොඩක් අලුතින් එන අයට තමයි ඔය ප්‍රශ්නේ ඇති වෙන්නේ. පරණ අයට එහෙම ලොකු බලපෑමක් වෙලා නැහැ.

 

ප්‍රවීණයන් කියපු කට්ටිය දැන් ක්ෂේත්‍රයෙන් ටිකක් ඈත් වෙලා ගිහින් තියනවා. මේකට හේතුව නවකයන්ද?

නෑ. නිරූපණය කරන්න ඇත්තටම කාලයක් තියනවා. නිරූපණයේ හැමදාම කෙනෙක්ට රැඳෙන්න බැහැ. වයස හා බොඩි ෂේප් එක මේන් ටේන් කරගෙන ඉන්න තාක්කල් ෆීල්ඩ් එකේ රැඳෙන්න පුළුවන්. ප්‍රවීණයෝ නෑ කියන කථාව ඇත්තටම කාලය ඉවර වුණාම එයාලා බලනවා මොඩ්ල් ස්කූල් එකක් කරන්න බලනවා. ප්‍රවීණයෝ වෙච්ච අය දැන් මොඩ්ල් ස්කූල් කරනවා. අලුත් අය එන්න ඕනේ. මේ ක්ෂේත්‍රයේ විතරක් නෙවෙයි හැම ක්ෂේත්‍රයකම එහෙමයි. නැත්නම් ඒ ක්ෂේත්‍රය අභාවයට යනවා. ඇත්තටම අලුත් අය ඕනේ.

 

ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මගේ ලොකුම බලාපොරොත්තුව මගෙ ව්‍යාපාරය සාර්ථක කරගන්න එක. ඒ වගේම මේ දවස්වල සත්ත්ව සංවිධානයක් එක්ක එකතුවෙලා ඉන්නවා. ඒකෙ වැඩ කටයුතුත් කරන්න බලාපොරොත්තු වෙනවා. නිරූපණ ක්ෂේත්‍රයේ හොඳ නිර්මාණවලට සහයෝගය ලබාදෙනවා. දැන් තියන ගොඩක් නිර්මාණවලට දායක වෙන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. මම කිසියම් සීමාවක ඉඳන් වැඩ කරන කෙනෙක්. ඒ නිසා මට ගැළපෙන හොඳ නිර්මාණවලට දායක වෙනවා.

 

ඔබට අතහිත දුන්න මතක්කළ යුතු පිරිසක් ඉන්නවාද?

ගොඩක් උදවු කරපු අය ඉන්වා. නමුත් කියන්න ඕනේ මම ගොඩක් බාධක මැද මගේ උත්සාහය නිසා ආපු ගමනක් මේක. විශේෂයෙන්ම මගේ පවුලේ අයව මතක් කරනවා. ගෙදරින් මේ දේවල්වලට සහභාගී වෙන්න මට අවස්ථාවක් දුන්න නිසා තමයි මම මේ ක්ෂේත්‍රයට ආවේ. ඒ නිසා ඒ අවස්ථාව වැරදි විදියට පාවිච්චි කරන්නේ නැතුව හොඳ නිර්මාණවලට දායක වෙනවා. මට උදවු කරපු හැමොටම මම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම ආදරයෙන් මතක් කරනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ශිරෝමි අක්කව. එයා තමයි මාව ක්ෂේත්‍රයට ගෙනාවේ. ඒ වාගේම ප්‍රසන්න අයියා. මංජු අයියා, රනුක විජේවර්ධන විශේෂයෙන් මතක් කරනවා. ගොඩක් ලොකු සහයෝගයක් දුන්නා ෂොටෝ ෂූට් පැත්තෙන්. තව ගොඩක් අය ඉන්නවා උදවු කරපු ඒ හැමෝම ආදරයෙන් මතක් කරනවා

 

ඩිලාන් ක්‍රිෂානත් / ඡායාරූප - කවීත් මිලින්ද

 

2017-07-17-ent-47 2017-07-17-ent-48  2017-07-17-ent-50 2017-07-17-ent-51 2017-07-17-ent-52 2017-07-17-ent-53