ක්‍ෂේත්‍රයට මුලින්ම එන්නෙ ෆේස්බුක් නිසා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-01-31-ent-271

නිරන්තරයෙන් දැන්වීම්වල සහ ගීත රූප රචනාවල දක්නට ලැබෙන ඇය මේ වනවිට නිවේදිකාවක ලෙස කටයුතු කරන්නීය. නිරූපණය තුළින් ක්‍ෂේත්‍රයට පැමිණි ඇය, මියුසික් වීඩියෝ තුළින් ජනප්‍රියත්වයට පත්විය. මේ දිනවල සිරස රූපවාහිනිය තුළ නිවේදිකාවක ලෙසද ඇය කටයුතු කරන්නීය. ඇය නමින් ෂෙහානි විජේතුංගය.

 

ලොකු වැඩකට සූදානම් වෙනවා නේද?

2017-01-31-ent-272ඔව්, මම මේ දවස්වල රියලිටි වැඩසටහනක් ඉදිරිපත් කරනවා. ඒ තමයි %කෝටියක් වටිනා අදහසක්^ කියලා. මේ මාසයේ එහි අවසන් තරගය පවත්වන්න කියලා තමයි ඔවුන් සැලසුම් කරලා තියෙන්නෙ. ඒ පටිගත කිරීම් එක්ක සහ වෙළෙඳ දැන්වීමකුත් කළා. දැන් ඒවා ප්‍රචාරය වෙනවා. ඊට අමතරව නිරූපණය පැත්තට වඩා නිවේදනය කටයුතු තමයි මම වැඩිපුරම කරන්නේ. මියුසික් වීඩියෝ දෙකක් කළා. ඒවත් මේ මාසය වෙද්දි දකින්න පුළුවන් වෙයි.

 

කොහොමද රියලිටි වැඩසටහනත් එක්ක ලැබුණු අත්දැකීම්?

අලුතින් මම කරන වැඩසටහනත් එක්ක මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම මෙතෙක් කල් කළේ සජීවී වැඩසටහන්. මේ කරන රියලිටි වැඩසටහනත් එක්ක ගොඩක් දේවල්වලට මුහුණදෙන්න පුළුවන් වුණා. අපි කන්ටෙස්ට්ලාගේ ගෙවල්වලට ගියා. ඒ මිනිසුන්ගේ ජීවිතවල තියෙන අත්දැකීම අපිත් එක්ක බෙදා ගත්තා. තව ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා. මම හිතනවා ඒ දේවල් මගේ නිවේදන කටයුතු සහ අනෙකුත් දේවල්වලට රුකුලක් වෙයි කියලා.

 

නිරූපණය සහ නිවේදනය සමබරව කරගෙන යන්න පුළුවන්ද?

මම හිතන්නෙ ඒක ටිකක් අමාරුයි. මොකද මම අධ්‍යාපන කටයුතු මේ වෙද්දි ඉවර කරලා තිබුණනම්, මට සම්පූර්ණ කාලය යොදවන්න තිබුණා නිරූපණය සහ නිවේදනය වෙනුවෙන්. මම තාම අධ්‍යාපන කටයුතු කරන නිසා ටිකක් අමාරුයි කාලය කළමනාකරණය කරගන්න.

 

ඒ කියන්නේ ඉගෙනීම් කටයුතු තවම අවසන් නැද්ද?

තාම අවසන්වෙලා නැහැ. හැබැයි මම තුන්වැනි වසරේ තමයි ඉන්නෙ. ඒ වැඩ ටිකත් ඉවරකර ගන්න පුළුවන් වෙයි කියලා තමයි මම හිතන්නෙ.

 

අධ්‍යාපන කටයුතුත් සමග රංගනය සහ නිරූපණය කියන කටයුතු එක්ක වෘත්තීය වශයෙන් කවුරු වෙන්නද බලාපොරොත්තු වෙන්නේ?

මම වෘත්තීය වශයෙන් නිවේදිකාවක් වෙන්න හිතලා තිබුණෙ නැහැ. මම හිතනවා මේ ලැබෙන අවස්ථා එක්ක සහ මම කරන වැඩත් එක්ක මාව ගොඩක් දෙනෙක් දන්නෙ නිවේදිකාවක් විදියට. ඉතිං මම නිවේදිකාවක් විදිහට කටයුතු කරනවද, නැත්නම් රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරනවද කියලා තාම තීරණය කරලා නැහැ.

 

දායක වන නිර්මාණ සහ ඒ සඳහා ඇති කැමැත්ත?

දැනටමත් සමහර නිර්මාණවලට ආරාධනා ලැබෙනවා. හැබැයි මම තෝරගන්නෙ මට පුළුවන් සහ මට ගැළපෙන දේවල් විතරයි. ඒ නිසා මම හිතනවා මට ගොඩක් දේවල් මඟහැරෙනවා. ඒ මගේ රුචිකත්වයට නැති දේවල් නිසයි. ඒ මොකද ඒ දේවල් පිළිබඳව මගේ කිසිදු කැමැත්තක් නැහැ. ඒ දේවල් කළා නම් මට මීට වැඩිය මුදල් හොයන්නත් තිබුණා. මීට වැඩිය ජනප්‍රිය වෙන්නත් තිබුණා. මම මාධ්‍ය කරන්න පටන් ගත්තෙ විනෝදාංශයක් විදිහට. ඒකේන් මට ලැබුණෙ ආත්මතෘප්තියක්. මට බලාපොරොත්තුවක් නැහැ ඒ දේවල්වලින් මුදල් උපයන්න. මම විශ්වාස කරනවා එහෙම මුදල් උපයන්න පෙළඹුණොත් තමයි අපි අපේ ආත්මගරුත්වය ගැනවත් හිතන්නෙ නැතුව එක එක දේවල් කරන්න පෙළඹෙන්නෙ කියලා.

 

ඔබ සමාජ වෙබ් අඩවිවල නිතර දකින චරිතයක්? මෙහිදී කෙනෙකුගේ චරිතයට යම්කිසි හානියක් වෙන්නෙ නැද්ද?

සාමාන්‍යයෙන් හොඳට ඉන්න කෙනෙක්ට සමාජ වෙබ් අඩවිවලින් බොරු කතා ගොතලා දානවා මම දැකලා නැහැ. සමහර වෙලාවට වෙන වෙලාවලුත් ඇති. නමුත් මට එහෙම කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. ලංකාවෙ ඇතුළෙ සමහර දේවල්වලදි සමාජ වෙබ් අඩවි භාවිත කරන විදිහ වැරදි. ඒක් ඕවර් යනවා කිව්වොත් තමයි හරි. නමුත් මේ ක්ෂේත්‍රයට මුලින්ම එන්නෙ ෆේස්බුක් නිසා. මගේ ෆොටෝස් දැකලා මට මියුසික් වීඩියෝවක් කරන්න අවස්ථාවක් ලැබුණා. ඒ දේවල් හරි විදිහට යොදාගත්තොත් ජීවිතය වරදින්නෙ නැහැ. දැනටත් මගේ රසිකයන් මාත් එක්ක එකතු වෙන්නෙ මේ ෆේස්බුක් හරහයි. මං ගැන ඒ අය හිතන දේ, මම කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල් වැනි ගොඩක් දේවල් මේ අය මාත් එක්ක ෆේස්බුක් සමග සම්බන්ධ වෙද්දි කියනවා. මම හිතන්නෙ සමාජ වෙබ් අපි අයින් කරන්න ඕනෙ නැහැ. ඒකෙන් හානිවෙනවා වගේම හොඳ පැත්තකුත් තියෙන්න පුළුවන්. ඒක තෝරලා බේරලා හරිදේ කරන්න හැමකෙනාටම බුද්ධියක් තියෙනවා. ඒ නිසා එය හරි විදිහට භාවිත කළා නම් හරි.

 

දායක වූ වෙළෙඳ දැන්වීම් සහ මියුසික් වීඩියෝ ගැන කිව්වොත්?

මම දැනට "ටියාරා" වෙළෙඳ දැන්වීමක් සඳහා දායක වෙලා ඉන්නවා. ඒක නොබෝ දිනකින් ප්‍රචාරය වෙයි. "කෝටියක් වටිනා අදහසක්" කියන වැඩසටහනත් එක්ක ටීවී දැන්වීමක් කළා. ඊට පස්සෙ සිරස සුපර් ස්ටාර් වුණු පියත් රාජපක්ෂගේ ගීතයක් සඳහා දායක වුණා. තවත් මියුසික් වීඩියෝ කිහිපයක් සඳහා දායක වුණා.

 

ඉදිරි බලාපොරොත්තු?

ඉදිරි බලාපොරාත්තු කියන්නෙ වෙන්නෙ 2017 අවුරුද්ද ගැනනේ. නමුත් මට එහෙම ලොකු බලාපොරොත්තු නැහැ. නමුත් මම මුලින්ම කැමැති මගේ අධ්‍යාපන කටයුතු ඉවර කරන්න. මම අනික් දේවල් එක්ක කාලය බෙදාගනිද්දි ටිකටික මගේ ඉගෙනීමේ කටයුතු පස්සට ගිය වෙලාවල් තිබුණා. මං කැමැති අධ්‍යාපනය‍ට මූලිකත්වයක් දීලා බොහොම ඉක්මනට ඒ කටයුතු ඉවර කරන්න. ඊට පස්සෙ මට තීරණය කරන්න පුළුවන් කොහොමද මම රැකියාව කරන්නෙ කියලා. තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න තමයි මම කැමති. ඒ නිසා ඒදේත් කරන ගමන් නිරූපණය, නිවේදනය කියන දේවල් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.

 

Dilan Chryshantha / Pix - Kaveeth Milindha

 

2017-01-31-ent-270
2017-01-31-ent-269
2017-01-31-ent-268
2017-01-31-ent-267
2017-01-31-ent-266
2017-01-31-ent-265