ක්ෂේත්රයට කොතරම් අය පැමිණියත් කැපවීම නැත්නම් ඉදිරියට යන්න බෑ
අවුරුදු කුමරිය තරගයන් ඔස්සේ නිරූපණ කලාවට පැමිණි ඇය, ව්යාපාරික හා තාක්ෂණික උපාධිය හදාරමින් සිටින්නීය. තම දක්ෂතාව, කැපවීමෙන් නිරූපණ ක්ෂේත්රයේ දිගු ගමනක් යෑමට සැරසෙන ඇය නමින් ප්රසාදි රාජපක්ෂය. සිත් වසඟ කරවන සුළු සිනහාවකින් මුව සරසාගෙන ඇගේ ඉදිරි කටයුතු පිළිබඳව "සාරවිටට" පැවසුවේ මෙවැන්නකි.
ඔබ ගැන හැඳින්වීම කළොත්?
මගේ නම ප්රසාදි රාජපක්ෂ. වයස අවුරුදු 22යි. පදිංචි වෙලා ඉන්නේ කඳානේ. ව්යාපාරික සහ තාක්ෂණය පිළිබඳ SIBT ආයතනයේ උපාධියක් හදාරනවා. මගේ පවුලේ ඉන්නේ අම්මා, තාත්තා සහ අයියා විතරයි.
ක්ෂේත්රයට එන්නේ කොහොමද?
2014 වර්ෂයේදී දෙරණ අවුරුදු කුමරිය තරගයෙන් දෙවැනි තැනටද, 2015 වර්ෂයේදී සිරස කුමරිය තරගයෙන් අවසන් 09 දෙනා අතරටද, 2016 ස්වර්ණවාහිනි අවුරුදු කුමරිය තරගයෙන් අවසන් 12 දෙනා අතරටද තේරුණා. එතැනින් තමයි ක්ෂේත්රයට එන්නේ.
ක්ෂේත්රයට එන්න කැමත්තක් එන්නේ ඇයි?
පොඩි කාලෙ ඉඳලම ලොකු හීනයක් තිබුණා මිස් ශ්රී ලංකා, මිස් වර්ල්ඩ් වගේ තරග බලන්න. පොඩි කාලෙ ඉඳන්ම ඒ සඳහා ආසාවක් දැක්වුවා.
නිරූපණයෙන්ද ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නේ?
Bridal dressing තමයි ගොඩක්ම ආස. නමුත් නිවේදනය පැත්තෙන් ආසාවක් තියෙනවා.
රැකියාව වශයෙන් බලාපොරොත්තු වෙන්නේ?
මම තාම ඉගෙනීමේ කටුතු කරන ගමන් ඉන්නේ. ඒ කටයුතු අවසන් වුණාම ඒ ගැන හිතලා බලනවා.
නිරූපණ ක්ෂේත්රය ගැන මොකද හිතෙන්නේ?
හොඳ ක්ෂේත්රයක්. නමුත් පරිස්සමෙන් බුද්ධිමත්ව ඉස්සරහට යන්න ඕනේ.
අද නිරූපිකාවන් ප්රමාණයේ වැඩියක් තියෙනවා නේද?
දැනුම, කුසලතාවය, පළපුරුද්ද තියෙන ඕනෙම කෙනෙකුට ක්ෂේත්රයට එන්න පුළුවන්. නමුත් රැඳී සිටීමටනම් දක්ෂතාව තියෙන්න ඕනේ.
ඉදිරි වැඩ ගැන කිව්වොත්?
ෆොටෝ ෂූට්ස්, බ්රයිඩල් ෂූට්, ෆැෂන් ෂෝ කිහිපයක් සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. ඒවට මගේ උපරිම දායකත්වයක් දීමට බලාපොරොත්තු වෙනවා.
කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?
ඔව් අනිවාර්යයෙන්ම. මගේ අම්මා, තාත්තා, අයියා, සිරස කුමරිය තරගය සඳහා මට සහය දුන් සිරස කාර්යමණ්ඩලයට, දෙරණ අවුරුදු කුමරිය සඳහා සහාය දුන් දෙරණ කාර්යමණ්ඩලයට. ඒ වගේම මෙතක් ආ ගමනේදී ඡායාරූප සඳහා මාව තෝරා ගත් සැමටම සහ වචනයකින් හෝ මට උදව් කළ හැමෝටම ස්තූතිවන්ත වෙනවා.
Dilan Chryshantha / Pix - Chamara Lakruwan (illumination Photography - 0772 383825 )
Makeup by - Shehani sapna