ක්‍රීඩාවක් විදිහට මම ක්‍රිකට්වලට කැමැතියි
නිවේදිකාවක්, ගායිකාවක් මෙන්ම රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන නර්මදා ජයමහ වර්තමානයේ බොහෝ ප්‍රේක්ෂක පිරිසකගේ ආදරය දිනා ඇත්තේ දෙරණ රූපවාහිනි නාලිකාවේ විකාශය වන ‘සංගීතේ’ ටෙලිනාට්‍යයේ ‘දසුනි’ ලෙසිනි. එමෙන්ම ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙන ‘ට්‍රැවල් ගර්ල්’ සංචාරක වැඩසටහනද ඇය ඉදිරිපත් කරන්නීය. නිතර පෞද්ගලික හා කලා තොරතුරු විමසන නිසාම නර්මදා ‘සාරවිට’ අපි වෙනස්ම විදිහේ ප්‍රශ්න කිහිපයක් යොමු කළා.
ක්‍රිකට් ක්‍රීඩාවට ඔබ කැමැතිද?
ක්‍රීඩාවක් විදිහට මම ක්‍රිකට්වලට කැමැතියි. ලංකාවේ වැඩිපුරම ජනප්‍රිය ක්‍රීඩාව ක්‍රිකට්නේ. ඒ නිසා වෙන්න ඇති මමත් ක්‍රිකට් ක්‍රීඩාවට කැමැති.
අන්තිමට නරඹපු ක්‍රිකට් තරගය මොකක්ද?
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඉන්දියාවේ තිබුණ විස්සයි 20 තරගාවලිය. මුල් තරගය වර්ෂාව නිසා අවලංගු කළත් මම ඉතිරි තරග දෙකම නැරඹුවා.
ක්‍රිකට් ක්‍රීඩකයෝ මුණගැහිලා තියෙනවාද?
නැහැ. නමුත්, මගේ පාසලේ තිබුණ ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවයක ආරාධිත අමුත්තෙක් විදිහට ආවා කුමාර් සංගක්කාර. මම එදා නම් ඔහු සමග කතාබහ කළා.
කැමැතිම ලාංකේය ක්‍රිකට් ක්‍රීඩකයා කවුද?
සංගක්කාර තමයි. ඔහුට කැමති වෙන්න හේතු කිහිපයක්ම මට තියෙනවා. ඔහු ක්‍රීඩා කරන විදිහ, ඔහුගේ පෞරුෂත්වය, නිහතමානීකම, පෞද්ගලික ජීවිතේ ගෙවන විදිහ, ඔහු හා ඔහුට ආදර කරන පිරිස් සමග ගනුදෙනු කරන විදිහ. ඔහුගේ මේ හැම දේකටම මම කැමතියි.
කැමැති විදෙස් ක්‍රීඩකයෙක් ඉන්නවාද?
විරාත් කෝලි තමයි මගේ කැමැතිම විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයා. සංගක්කාරගේ වගේම ඔහුගේ පෞරුෂත්වය, නිතමානීකම, ඒ වගේම රසික පිරිස් ගනුදෙනු කරන විදිහ හරිම අපූරුයි. ඒ වගේම කෝලි විවාහ වෙලා ඉන්න සිනමා නිළියක්නේ. කෝලි හා අනුෂ්කා තමන්ට ආදරය කරන රසික පිරිස්වලට දක්වන ලෙන්ගතුකමට මම ගොඩක් කැමැතියි.
මතකයේ රැඳුණු ක්‍රිකට් තරගයක් නැද්ද?
කිහිපයක්ම තියෙනවා. නමුත්, මේ වෙලාවේ මගේ මතකයට එන්නේ නැහැ. ගොඩක් වෙලාවට මගේ මතකයේ රැඳුණු ක්‍රිකට් තරග වුණේ ශ්‍රී ලංකාව අන්තිම මොහොතේ ජය ගත් තරග තමයි.
ක්‍රිකට් ක්‍රීඩකයෙක් ආදරය යෝජනාවක් එහෙම ගෙනාවොත් ඔබ භාරගන්නවාද?
ඔව්. මම භාර ගන්නවා. මගේ අදහස්වලට ගැලපෙනවා නම් ක්‍රිකට් ක්‍රීඩකයෙක් නෙමෙයි ඕනෑම ක්ෂේත්‍රයක නියැලෙන කෙනෙක්ට මම ආදරය කරන්න කැමැතියි.
බුද්ධික සේනාධීර