ක්‍රිකට් ක්‍රීඩකයෙක් මගේ ආදරවන්තයා වෙනවට මම කැමති නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-398

සියත රූපවාහිනී නාළිකාවේ විකාශය වූ ‘ඉත්තෝ’ දෙවැනි කථාංගයේ0 ප්‍රධාන චරිතය නිරූපණය කළ අමන්දා ජයරත්න මේ දිනවල විකාශය වන ‘හතේ කල්ලිය’ හා ‘ක්වීන්’ ටෙලි නාට්‍ය තුළද දකින්නට ලැබේ. ක්‍රිකට් ක්‍රීඩාවටද දැඩි සේ ප්‍රියතාවයක් දක්වන ඇයට අපි ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව ප්‍රශ්න කිහිපයක් යොමු කළා.2019-12-18-ent-399

 

ක්‍රිකට් ක්‍රීඩාවට අමන්දාගේ තියෙන්නේ මොන වගේ කැමැත්තක්ද?

තේරෙන කාලෙ ඉඳලා ක්‍රිකට් තරග නරඹනවා. මම හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම මෑත කාලයේ ක්‍රීඩා කරපු හැම ක්‍රිකට් තරගයක්ම මම නරඹලා තියෙනවා.

 

අන්තිමට බලපු ක්‍රිකට් තරගය මතකද?

ඔව්, ගිය වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමත් එක්ක ක්‍රීඩා කරපු විස්සයි 20 තරග සියල්ලම වගේ මම නැරඹුවා.

 

අමන්දා බලපු ක්‍රිකට් තරග අතරින් අමතක නොවන තරග තියෙනවාද?

එකක් කියල මට කියන්න බැහැ. ගොඩක් වෙලාවට මගේ මතකයේ තියෙනවා ලසිත් මාලිංග වැඩිපුර දක්ෂතා දක්වපු එක්දින හා විස්සයි 20 තරග.

 

කැමතිම ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඉන්නවාද?

ඔව්, මම ලසිත් මාලිංගට කැමතියි. ඔහු නිතරම දක්ෂතා අතර ඉන්න ක්‍රීඩකයෙක්. අනික ඔහු කණ්ඩායමේ ඉන්නවා නම් තරගය අන්තිම වෙනකම් ජයග්‍රහණය ගැන විශ්වාසය තියන්න පුළුවන්.

 

අමන්දා විදෙස් කණ්ඩායමක ක්‍රීඩකයන්ට කැමති නැද්ද?

නැහැ. මම කැමති ලංකාවේ ක්‍රීඩකයන්ට විතරයි.

 

ඔබ ක්‍රිකට් ක්‍රීඩා කරල තියෙනවද?

ඔව්, පාසල් යන කාලේ ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙනවා. පාසල් යන කාලේ අපිට විවේකයක් ලැබෙන්නෙ මොන වෙලාවෙද, යාළුවො කට්ටියත් එක්ක ක්‍රිකට් ක්‍රීඩා කරනවා.

 

ඔබ දක්ෂ පන්දුවට පහර දෙන්නද? පන්දු යවන්නද?

පන්දුවට පහර දෙන්න තමයි මම දක්ෂ.

 

ඔබේ ආදරවන්තයා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනවට ඔබ කැමතිද?

ක්‍රිකට්වලට කැමති වුණාට ක්‍රිකට් ක්‍රීඩකයෙක් මගේ ආදරවන්තයා වෙනවට මම කැමති නැහැ.

 

ඔබ කණ්ඩායමක් තෝරනවා නම් ඔබේ කණ්ඩායමේ සිටිය යුතු ක්‍රිකට් ක්‍රීඩකයන් කවුද?

කණ්ඩායමේ නායකයා ලසිත් මාලිංග. ඊට පස්සෙ ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, දිල්රුවන් පෙරේරා, ළහිරු කුමාර යන ක්‍රීඩකයන් මගේ කණ්ඩායමට තෝරනවා.

 

  2019-12-18-ent-400