ක්ෂේත්රයටම මම තවමම නවකයෙක්
රංගන ශිල්පිනියක් ලෙස දකින ශෂි දිල්රුක්ෂි ක්ෂේත්රයට තවමත් නවකයෙකි. ස්වාධින රූපවාහිනියේ විකාශය වෙන "සිහිනි" ටෙලි නාට්‍යය තුළින් මේ දිනවල දකින ශෂි රංගන ශිල්පිනියක් ලෙස දිගු ගමනක් යන්නට උත්සාහ දරන්නියකි. අද %සාරවිට^ කතා බහ ට අපි ශෂිව මෙසේ සම්බන්ධ කරගත්තේමු.
ක්ෂේත්රයට ඔබගේ පිවිසිම?
ක්ෂේත්රයටම මම තවමම නවකයෙක්. කොටින්ම කිව්වොත් ක්ෂේත්රයට ඇවිල්ලා මම තාම මාස 9 යි. ඇත්තටම ක්ෂේත්රයට ආවේ කොහොමද කියලා හිතාගන්න බැහැ. මට කලා ක්ෂේත්රයට එන්න ගොඩක් අය උදවු කළා. මන් අදටත් ඒ හැමෝටම ගොඩක් ගරු කරනවා.
පොඩි කාළේ ආසාවක් තිබුණද නිළියක් වෙන්න?
ඇත්තටම පොඩි කාලේ ඉදලා ආසාවක් තිබුණා. මගේ මාමාත් කලා ක්ෂේත්රයේ වැඩ කරපු කෙනෙක්. එයා මට පොඩි කාලේ මට අවස්ථාවක් අරන් දුන්නා රඟපාන්න. ඒත්, ගෙදරින් අකමැති වුණා. මොකද ඒ කාළේ මම අධ්‍යාපනය හදාරමින් හිටිය නිසා.
රංගන ශිල්පිණියක් වුණ එක ගැන සතුටුද?
ඇත්තටම ගොඩක් සතුටුයි. ක්ෂේත්රය ගැන විවිධ මත තිබුණත් මේ ක්ෂේත්රය තුළ එවැනි දේවල් නැහැ. වැඩ කරන්න ආස හිතෙන වෘත්තියක් තමයි මේක.
ඔබ දායක වුණ කලා නිර්මාණ මොනවද?
වෙළෙඳ දැන්වීම් තුනකට විතරයි මම දායක වෙලා තියෙනවා. මම මුලින්ම රංගනයට සම්බන්ධ වෙලා රඟපෑවේ %අහස් මාලිගා^ ටෙලි නාට්‍යය. ඊට පස්සේ ස්වාධින රූපවාහිනි නාලිකාවේ මේ දිනවල විකාශන වන 'සිහිනි' ටෙලි නාට්‍යයේ රඟපාන්න අවස්ථාවක් මට ලැබුණා. රංගනයට අමතරව මම නිරූපණ කටයුතුත් කරනවා. ගොඩක් වෙලාවට %බ්‍රයිඩ්ල්^ මොඩල් තමයි කරන්නේ.
නිළියකට අද ලොකු පිළිගැනිමක් නැහැ නේද?
ඇත්තටම ගොඩක් අය මේ ක්ෂේත්රය ගැන වැරදි විදියට හිතන් ඉන්නේ .ක්ෂේත්රයට ගිහිල්ලාම බලන්න ඕනි මේ දේවල් ඇත්තටම සිදු වෙනවාද නැද්ද කියලා. රංගන ක්ෂේත්රය කියන්නේ ගොඩක් හොඳ ක්ෂේත්රයක්. .තමන් හරියට හිටියොත් ඕනි කාලයක් මේ ක්ෂේත්රයේ රැඳිලා ඉන්න පුලුවන්.
රංගන ශිල්පියික් විදිහට ඉදිරියට යන්නද අදහස?
ඇත්තටම මන් මේක විනෝදාංශයක් විදිහට. මම තාම අධ්‍යාපනය ලබනවා. මගේ වයස අවුරුදු 18යි. ඉතින් මේ හැම දෙයක්ම සමබර කරගෙන යන්න තමයි මගේ අදහස.
ඒ කියන්නේ දිගටම මේ ක්ෂේත්රයේ වැඩ කරන්න කැමතියි කියන එකද?
ඔව්. මේ ක්ෂේත්රය තුළ දිගටම රැදෙන්න අදහසක් තියනවා. බලමු ඉතින් කොහොම වෙයිද කියලා දැන්ම මට කියන්න බැහැ.
උදව් කරපු අයත් මතක් කරමු?
මට ගොඩක් අය උදවු කලා නම් වශයෙන් කියන්න බැහැ. මොකද එක්කෙනෙක්ගේ හරි නම් කිය වුණේ නැත්නම් ඒක ලොකු අඩුපාඩුවක්. මට මේ ක්ෂේත්රවලට එන්න උදවු කරපු හැමෝටම මම ගොඩක් ස්තුති කරනවා .විශේෂයෙන් මගේ අම්මාටයි තාත්තටයි ගොඩක්. මට වගේම ඒ අයටත් ගොඩක් සතුටුයි මේ ක්ෂේත්රයට එන්න ලැබීම ගැන.
බුද්ධික සේනාධිර