ක්ෂේත්රයට සම්බන්ධ වෙන්නේ දෙරණ අවුරුදු කුමරිය හරහා
දෙරණ අවුරදු කුමරිය තරඟාවලිය හරහා නිරූපණය ක්ෂේත්රයට එකතු වුණු අමේෂා විදුභාෂිණී මේ වනවිට වෙළඳ දැන්වීම් කිහිපයකටම දායක වෙලා තිබෙනවා. නිරූපණ ක්ෂේත්රයට නවක ශිල්පිනියක් වන අමේෂා නිරූපණ ක්ෂේත්රය තුළින් ඉදිරියට යෑමට බලාපොරොත්තු වෙනවා. ඉතින් අමේෂා ව අප සාරවිටට සම්බන්ධ කර ගැනීමට අප සිතුවෙමු.
ඔබ ගැන හඳුන්වා දුන්නොත්?
මගේ නම අමේෂා විදුභාෂිණි. මම දැනට බැංකු ක්ෂේතුයේ රැකියාවක් කරනවා. ඊට අමතරව නිරූපණ ශිල්පිනියක් විදිහටත් ක්ෂේත්රයට සම්බන්ධ වෙලා ඉන්නවා.
අමේෂා ක්ෂේත්රයට එකතු වෙන්නේ කොහොමද?
2019 දෙරණ අවුරුදු කුමරිය හරහා තමයි මම ක්ෂේත්රයට සම්බන්ධ වෙන්නේ. දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ අවසන් දොළොස් දෙනා නියෝජනය කළා. නමුත් ඊට පෙර වෙළඳ දැන්වීම් කිහිපයකට සම්බන්ධ වුණා.
දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ අත්දැකීම් කොහොමද?
ඇත්තටම හොඳ අත්දැකීමක් ලැබුණා. අවසන් දොළොස් දෙනාම එක වගේ දක්ෂයි. ගොඩක් දේවල් ඉගෙනගත්තා. ඒක ජීවිතයට ගොඩක් වැදගත් වුණා.
මේ වනවිට දායක වෙලා තියෙන වෙළඳ නිර්මාණ මොනවාද?
සෝයා වෙළඳ දැන්වීමකට සම්බන්ධ වුණා. නෙස්ටමෝල්ට් වෙළඳ දැන්වීම්, රක්ෂණ සමාගමක වෙළඳ දැන්වීම් කිහිපයකුත් කළා. ඒ වගේ කිහිපයකටම සම්බන්ධ වෙලා තියෙනවා.
ටෙලි නාට්‍ය සහ මියුසික් වීඩියෝවලට සම්බන්ධ වෙලා තියෙනවාද?
නැහැ. ආරාධනා කිහිපයක්ම ලැබුණා. නමුත් මගේ රැකියාව නිසා ඒ වගේ ලොකු දේකට වෙලාව වෙන් කරගන්න අමාරුයි. මම වැඩියෙන්ම දායක වෙන්නේ බ්‍රයිඩ්ල් ෂූට් වලට විතරයි. දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියෙන් පස්සෙත් ආරාධනා වැඩිපුර ලැබුණා.
ඇයි වැඩිපුරම බ්‍රයිඩ්ල් ෂූට් වලටම දායක වෙන්නේ?
ඇත්තටම මට බ්‍රයිඩ්ල් වලින් තමයි ඉදිරියට යන්න ඕනේ. මොකද එක් පැත්තකින් මගේ රැකියාව නිසා තවත් දෙයකට කැප කරන්න කාලයක් වෙන් කරගන්න නොහැකි නිසා. අනිත් එක කිසිම ගැටළුවක් ඇති වෙන්නේ නැහැ. මම බ්‍රයිඩ්ල් ෂූට්වලට පෞද්ගලිකවම විශේෂයෙන් කැමතියි.
බ්‍රයිඩ්ල් ෂූට්වලින්ම පමණක් නිරූපණ ක්ෂේත්රයේ ඉදිරියට යා හැකිද?
ඔව්. මම හිතන්නේ අළුතෙන් නිරූපණයට සම්බන්ධ වෙන ඕනෑම කෙනෙක්ට හොඳ දෙයක් තමයි බ්‍රයිඩ්ල් ෂූට් කියන්නේ. මොකද ඇඳුම් නිර්මාණ ශිල්පියා සමග අපට කතාබහ කරලා වැඩ කරගන්න පුළුවන් වන නිසා. මේ පැත්තෙන් ඉදිරියට ගියොත් ගොඩක් ලොකු ගමනක් යන්න පුළුවන්.
ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
ඇත්තටම ගෙදරින් තමයි ලොකුම සහයෝගය ලැබෙන්නේ. අම්මයි තාත්තයි මගේ පස්සෙන්ම ඉඳලා මට ශක්තියක් වෙනවා. එයාලාගෙන් ලැබෙන සහයෝගය නිසා තමයි මම මේ ෆීල්ඩ් එකේ ගොඩක්ම ආසාවෙන් වැඩ කරන්නේ.
අද ගොඩක් රූමතියෝ ක්ෂේත්රයට එකතු වෙන්න බයයි කටකතා හැදෙනවා කියලා. ඇත්තටම මේ කතාව ඇත්තද?
හරි විදිහට හිටියොත් කිසිම ගැටළුවක් වෙන්නේ නැහැ. තමන් දැනගන්න ඕනේ තමන් කවුද, තමන් කරන්නේ මොකද්ද කියලා දැනගෙන වැඩ කරන්න.
නිරූපණය කියන්නේ පොඩි කාලේ තිබුණු හීනයක්ද?
මෙහෙමයි. මම එක වරක් ජනාධිපති කාර්යාලය මඟින් පැවැත්වුණු ජනාධිපති අවුරුදු කුමරිය තරඟාවලිය ජයග්‍රහණය කළා. ඒ හරහා තමයි මේ දේවල්වලට අසාවක් ඇති වුණේ. ඊට පස්සේ ගෙදර අයගේ මාර්ගයෙන් ක්ෂේත්රයට එකතු වුණා.
ඉදිරි වැඩ කටයුතු ගැන කිව්වොත්?
බ්‍රයිඩ්ල් පැත්තෙන් තමයි ක්ෂේත්රයේ පෙනී සිටින්න මට වුවමනාව තියෙන්නේ. නමුත් හොඳ නාට්‍යයක්, මියුසික් වීඩියෝවකට ආරාධනාවක් ලැබුණහොත් මම ඒ වගේ දෙයකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවකිනුත් ඉන්නවා.
විශේෂයෙන් මතක් කළ යුතු පිරිසක් සිටිනවාද?
මුලින්ම මගේ අම්මා, තාත්තා ඇතුළු නෑදෑයෝ මතක් කරනවා. එතකොට සජිත්, දේවා අයියා, නුවන් අයියා ඒ වගේම බ්‍රයිඩ්ල්වලට කතා කරපු හැම කෙනෙක්වමත් මතක් කරනවා. ඒ වගේම දෙරණ කාර්යමණ්ඩලයටත් මගේ රැකියා ස්ථානයේ ප්‍රධානියාවත් සහ කාර්යමණ්ඩලයත් ආදරයෙන් මතක් කරනවා.
කැළුම් දේවින්ද / ඡායාරූප - කවීත් මිලින්ද