ක්ෂේත්රයට ආවේ 'දෙවෙනි ඉනිමේ' මිහිරි කියන චරිතය තුළින්
"දෙවැනි ඉනිම" ටෙලි නාට්‍යයේ "මිහිරි" චරිතය හරහා කලා ක්ෂේත්රයට පිවිසි සචිනි වික්‍රමසිංහ මේ දිනවල ටෙලි නාට්‍යය කිහිපයකින්ම රසික ඔබ මුණගැසෙයි. රංගන ශිල්පිනියකට අමතරව වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙසද කටයුතු කරන ඇය සමග මෙවර කතාබහ කිරීමට අපි සිතුවෙමු.
කෙටි කාලයකදී ඔබ වැඩ ගොඩක් කළා කියලා හිතෙන්නේ නැද්ද?
ක්ෂේත්රයට ආවේ 2017 අප්‍රේල් 22 වැනිදා, මගේ උපන්දිනය දවසේ. ඒ "දෙවෙනි ඉනිම" ටෙලි නාට්‍යයේ "මිහිරි" කියන චරිතය තුළින්. දැනට මම ටෙලි නාට්‍යය කිහිපයකම රඟපාලා තියෙනවා. ඒ වගේම ඉදිරියට තවත් ටෙලි නාට්‍යය කිහිපයකටම සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. ඊට අමතරව ස්වර්ණවාහිනි නාළිකාවේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහටත් කටයුතු කරලා තියෙනවා.
ක්ෂේත්රයට සම්බන්ධ වෙන්නේ අහම්බෙන්?
ඔව්, සාරංග අයියා, චාමිකා අක්කා දෙන්නම මගේ %ෆේස්බුක්^ එකේ ඉන්නවා. මම එකවුන්ට එකට දාන පින්තූර දැකලා චාමිකා අක්කා කිව්වා %දෙවැනි ඉනිම^ ටෙලි නාට්‍යයේ චරිතයක් තියෙනවා කරමුද කියලා. රූපගත කරන දිනයකදී මම සාරංග අයියයි, චාමිකා අක්කායි මුණගැහිලා තිර පරීක්ෂණයකට මුහුණ දුන්නා. ඔය විදිහට අහම්බෙන් තමයි මම රංගන ශිල්පිනියක් විදිහට කලාවට එකතු වෙන්නේ. ඊට කලින් මම 2015 වසරේ සිරස රූපවාහිනි නාළිකාව විසින් සංවිධානය කළ %සිරස කුමරිය^ තරගයේ අවසන් තරගකාරියන් හයදෙනා අතරට ආවා.
"මිහිරි" කියන චරිතයට දැනටත් ප්‍රතිචාරවලින් අඩුවක් නැද්ද?
"මිහිරි" කියන චරිතය නපුරු චරිතයක්. ඒ නිසා බොහෝ දෙනෙක්ගේ මතකයේ ඒ චරිතය අදටත් රැඳිලා තියෙනවා. නමුත්, අද වනවිට බොහෝ ප්‍රතිචාර ලැබෙන්නේ %සිරස^ රූපවාහිනියේ විකාශය වෙන %නීල පබළු^ ටෙලි නාට්‍යයේ %රවිනි^ චරිතයට. ඒ චරිතය ගොඩක් අහිංසක චරිතයක්. "මිහිරි" වගේ නපුරු කෙල්ලෙක් කොහොමද %රවිනි^ වගේ අහිංසක වුණේ කියලා බොහෝ දෙනෙක් අද මගෙන් අහනවා.
රඟපාන හීනයක් තිබුණාද?
හීනයක් තිබුණා. නමුත්, මේ තරම් ඉක්මනට ඒ හීනය දළුලයි කියලා හිතුණේ නැහැ. රංගන ශිල්පිනියක් වගේම, මම අද රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහටත් කටයුතු කරනවා. කෙටි කාලයකින් වැඩ ගොඩක් කළා කියලත් මට හිතෙනවා.
ඔබ වේදිකාවටත් සම්බන්ධ වුණ කෙනෙක්?
ඔව්, කුමුදු නිශාන්ත අයියාගේ "කළුම කළු මහත්වරු" කියන වේදිකා නාට්‍යයට මම සම්බන්ධ වුණා. දැනටත් එය දර්ශන ගත වෙනවා. රංගනය කියන දේ මට හොඳින්ම හදාරන්න ලැබුණේ වේදිකාවෙන් කිව්වොත් හරි. කුමුදු අයියා මාස 06ක් විතර මගේ "වොයිස් ට්‍රේනින්" කළා වේදිකාවට ගැළපෙන විදිහට.
"නීල පබළු" ටෙලි නාට්‍යයෙන් පස්සේ?
තවත් නොබෝ දිනකින් විකාශය වෙන්න නියමිතයි මා රංගනයෙන් දායක වුණ "ඉත්තෝ" කියන ටෙලි නාට්‍යය. එහි මා රඟපෑවේ %අමන්දා^ කියන චරිතය. ඊට අමතරව ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වීමට නියමිතයි %නෝ පාර්කින්^ කියලා තවත් ටෙලි නාට්‍යයක්. එහි මම දායක වෙන්නේ %නිෂු^ කියන චරිතයට. ඒ අතර තවත් ටෙලි නාට්‍යය කිහිපයකටම සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. ඔය අතරේ සතියේ සෑම දිනකම ස්වර්ණවාහිනියේ දහවල් 11.00ට විකාශය වෙන %රිදම් ෆෝ ලන්ච්^ කියන සංගීතමය වැඩසටහන මම සිදු කරනවා.
කලාව පැත්තෙන්ම ඉදිරියට යන්නද අදහස?
දැනට නම් එහෙම තමයි. නමුත්, රඟපාන්න වගේම ගුවන් සේවිකාවක් විදිහට වැඩ කරන්නත් මගේ කැමැත්තක් තියෙනවා. ඉදිරියේදී වෘත්තියක් විදිහට ඒ පැත්තටත් යොමු වෙන්න අදහසක් තියෙනවා.
කලා ක්ෂේත්රය තුළ සිදුවෙන විවිධ සිදුවීම් එක්ක ක්ෂේත්රයට එන්න බයක් තිබුණේ නැද්ද?
නැහැ. මොකද, මට ජනප්‍රිය වෙන්න හෝ සල්ලි හොයන්න ලොකු උවමනාවක් තිබුණේ නැහැ. මේ දෙකම අවශ්‍ය අය තමයි ඉතින් විවිධ දේවල් කරන්නේ. මම සාමාන්‍ය ජීවිතයක් ගෙවෙන කෙනෙක්. ඒ නිසා කෙටි ක්‍රමවලින් මම කලා ක්ෂේත්රය තුළ රැඳෙන්න කැමති නැහැ.
පවුලේ අයගෙන් බාධා ඇතිවුණේ නැද්ද?
තිබුණා. තාත්තා තමයි කලා කටයුතුවලට යන්නම එපා කිව්වේ. ඒත්, අද තාත්තාට ගොඩක් සතුටුයි. මම මේ ක්ෂේත්රය තුළින් ඉදිරියට ඇවිල්ලා ඉන්න එක දැකලා. තාත්තා තමයි මට ප්‍රතිචාර දක්වන මුල්ම ප්‍රේක්ෂකයා. මගේ නිර්මාණ හැම එකක්ම තාත්තා නරඹනවා. අඩුපාඩු කියලා දෙනවා. හොඳට කළොත් ඒ ගැන ගොඩක් කතා කරනවා. අම්මා තමයි ගොඩක් වෙලාවට මාත් එක්ක කලා කටයුතුවලට යන්නේ. හැමෝම මට ගොඩක් උදව් කරනවා.