ක්ෂේත්රයට අද ඇවිල්ලා ඉන්න ගොඩ දෙනෙක් දැනුමක් නැති අය
නිරූපණ ක්ෂේත්රයට නවකයෙකු වන නවෝදා කුමුදුනි සමගින් "සාරවිට" අපි මෙවර කතා බහා කරමු. කෙටි කාලයක් තුළදී නිරූපණ ක්ෂේත්රය තුළ නමක් දිනා ගැනීමට සමත් වූ ඇය ඉදිරියේදී විවිධ කලා නිර්මාණ ඔබට දැකගත හැකි වෙයි.
ක්ෂේත්රයට ආවේ කොහොමද? කොයි කාලේද?
ඊට අමතරව %මිස් සිනේස්^ තරගාවලියට පෙනී හිටියා. ඊට පස්සේ නිරූපණ ක්ෂේත්රයට එකතු වෙන්න අවස්ථාව ලැබුණේ. දැනට නිරූපණ කටයුතු කියලා ගොඩක් වෙලාවට සහභාගි වෙලා තියෙන්නේ පොටෝ ෂුට්වලට.
නිරූපිකාවක් වෙන්න ආසාවක් තිබුණද? නැත්නම් අවස්ථාව ලැබුණේ අහම්බෙන්ද?
ආසාවක් තිබුණා පොඩි කාලේ ඉඳලාම. මගේ පුංචිත් නිරූපිකාවක්. එයා නිරූපණ වැඩවලට සම්බන්ධ වෙන කොට ඒ පිළිබඳව ආසාවක් ඇති වුණා.
වර්තමාන නිරූපණ ක්ෂේත්රය ගැන මොකද හිතෙන්නේ?
කියන්න කණගාටුයි. ක්ෂේත්රය තුළ වර්තමානයේ ඉන්න පිරිසක් කරන වැඩ නිසා හැමෝම වැරදි කෝණයකින් තමයි මේ ක්ෂේත්රය දිහා බලන්නේ. ක්ෂේත්රයට ගොඩක් ඇවිල්ලා ඉන්නවා ක්ෂේත්රය ගැන කිසි දැනුමක් නැති අය. නිරූපණයට දක්ෂ කෙනා පැත්තකට දාලා වැඩකට නැති කෙනා අද විවිධ ලේසි ක්රමවලින් ඉදිරියට ඇවිල්ලා.
නිරූපණ වැඩවලට අමතරව වෙනත් කලා කටයුතුවලට දායක වෙලා නැද්ද?
ආරාධනා නම් ගොඩක් ආවා. සමහර ඒවා භාර ගන්න බැහැ. මොකද ඒ නිර්මාණවල කිසිදු ප්රමිතියක් තිබුණේ නැති නිසා. ඉදිරියේදී හොඳ නිර්මාණයක් ලැබුණොත් භාර ගන්නවා.
නිරූපිකාවකට අද තියෙන පිළිගැනීම කොහොමද?
නිරූපිකාවක් අද බොහෝ දෙනෙක් ගණිකාවකට සමාන කරනවා. මොකද ඒ තැනට අද ඉන්න නිරූපිකාවන් පත් කරලා තියෙනවා. ඒ තත්ත්වය ඇති කරලා තියෙන්නේ මේ දැන් මේ ක්ෂේත්රය තුළ රැඳිලා ඉන්න වැඩක් නැති නිරූපිකාවන් කියලා කියාගන්න පිරිසක් නිසා. අද අපිට ආඩම්බරයෙන්, සතුටින් කියන්න බැහැ අපි නිරූපිකාවන් කියලා. 2009 වසරේන් පස්සේ මම හිතන්නේ ලංකාවේ සාර්ථක නිරූපිකාවක් බිහි වුණේ නැහැ කියලා.
මේක ඔබගේ වෘත්තියද?
නිරූපණය කියන්නේ මම ආසාවෙන් කරන දෙයක්. මම වෙනත් රුකියාවක නිරත වෙමින් ඉන්න අතරේ තමයි නිරූපණ කටයුතු කරන්නේ. මම දැනට %සොෆ්ට්ලොජික් ලයිෆ්^ ආයතනයේ සේවය කරනවා.
මේ ක්ෂේත්රය තුළ දිගට වැඩ කරන්නද අදහස?
ඔව්, ක්ෂේත්රය තුළ දිගටම රැඳිලා වැඩ කරන්න ආසයි. ඒත්, ඉදිරියේදී මේ ක්ෂේත්රය මොන වගේ තත්ත්වයක තියෙයිද දන්නේ නැහැ. හොඳ තත්ත්වය තිබුණොත් දිගටම මමත් මේ ක්ෂේත්රය තුළ ඉඳියි.
උදව් කරපු අය?
මේ වෙනකම් මගේ පස්සෙන් ඉඳගෙන මේ වැඩවලට මට ගොඩක් උදව් කළේ මගේ අම්මා. අම්මාට අමතරව යාළුවෝ තමයි මේ ක්ෂේත්රය තුළ වැඩ කරද්දි මට උදව් කළේ. ඒ හැමෝටම ස්තුතියි.
බුද්ධික සේනාධීර