ක්ෂේත්‍රයට අළුත් දක්ෂ අය එනවා. ඒ ගැන සතුටුයි.
වේදිකාව, පුංචි තිරය, සිනමාව කියන මේ ක්ෂේත්‍ර තුනම ජයගත් තරුණ රංගන ශිල්පිණියක් තමයි තක්ෂිලා කියන්නේ. මේ දිනවල විකාශය වන නාටක මාරයි නමය හාමාරයි නාට්‍ය තුලින් ඔබ හමුවට එන තක්ෂිලා වේදිකාව තුල නිතර නිතර දකින්න ලැබෙනවා. තක්ෂිලාගේ වැඩකටයුතු ගැන එයා සාරවිටට කිව්වේ මේ විදිහට.
මේ දවස්වල දෙරණ ටී.වී එකේ වැඩ වගයක් කරා. ඊට අමතරව වාර්තාමය වැඩ කිහිපයකුත් කරා. තව ටෙලි නාට්‍ය දෙකකටත් ආරාධනා ලැබුණා. ඒවට සම්බන්ධ වෙන්නත් බලාගෙන ඉන්නවා. ගොඩක් දුරට මේ අවුරුද්ද ඇතුළත මෙගා ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න අදහසක් නැහැ. මම මෙගා නාට්‍ය දෙකකට විතර සම්බන්ධ වෙලා තිබුණා. නමුත් දැන් මෙගා නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා තමයි හිතාගෙන ඉන්නේ.
ඇයි මෙගා ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ නැහැ කියන්නේ?
මෙගා නාට්‍ය සාමාන්‍යයෙන් කොටස් 500-800ක් වගේ රූ ගත කරනවා. එතකොට අපිට ඇක්ට් කරන්නත් අපහසුයි. එක චරිතයක් දිගට ඇක්ට් කරනවා කියන්නේ හරිම බෝරින්. අනිත් එක ලොකු කාලයක් යනවා මෙගා නාට්‍යක් නිර්මාණය කරන්න. කාලය පිළිබඳ ගැටළුවකුත් බලපානවා.
මෙගා නාට්‍ය තුලින් ඉක්මනින් ජනප්‍රිය වෙන්න පුළුවන්. කාලයක් ඒ ජනප්‍රියත්වය මත රැඳී ඉන්න පුළුවන්. ඒක වාසියක් නෙවෙයිද?
නැහැ. රංගන ශිල්පියෙක්ට හෝ ශිල්පිනියකට වඩා වටින්නේ ජනප්‍රියත්වයට වඩා දක්ෂතාවයයි.
තක්ෂිලා වෘත්තීමය රංගන ශිල්පිණයක්ද?
නැහැ. මම වෘත්තීමය රංගන ශිල්පිණියක් නෙවෙයි. මට ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒකට වටපිටාව නිර්මාණය කරගෙන යනවා.
ඔබ දායක වෙලා තිබෙන නිර්මාණ නිසා ඔබ තෘප්තිමත්ද?
ඔව් මම තෘප්තිමත්. ආනන්ද අබේනායක මහතාගේ අප්පච්චි ටෙලි නාට්‍යයේ මම ලොකු චරිතයක් කරා. ඒක තමයි මම වැඩියෙන්ම තෘප්තිමත් වුණු චරිතය. තව වේදිකා නාට්‍යත් කරනවා. මේ දේවල්වලින් මම ලොකු තෘප්තියක් ලබනවා.
අපි කතා කරමු දායක වෙලා තිබෙන නිර්මාණ ගැන?
මම ටෙලි නාට්‍ය 05ක්, මෙගා නාට්‍ය 02ක් චිත්‍රපට 07කට විතර දායක වෙලා තියෙනවා. මේ දවස්වල නාටක මාරයි නමය හාමාරයි නාට්‍යයයේ වැඩ කරගෙන යනවා. වැඩියෙන්ම දායක වෙලා තියෙන්නේ ටී.වී. කමර්ෂල්වලට තමයි.
මියුසික් වීඩියෝවලට දායක වෙලා නැද්ද?
මම අනිල් භාරතී මහත්මාගේ මියුසික් වීඩියෝ එකකට දායක වුණා. මට මියුසික් වීඩියෝවලට කතා කරනවා අඩුයි. වේදිකා නාට්‍යවලට තමයි මට වැඩියෙන් ආරාධනා ලැබෙන්නේ.
මේ දේවල් කරන්නේ රංගනය ගැන හදාරලාද?
ඔව් මම ප්‍රියන්ත ලලිත් සර්ගෙන් සහ සනත් චන්ද්‍රසේකර සර්ගෙන් හදාරලා තියෙනවා. ඉස්සරහටත් හදාරන්න බලාපොරොත්තු වෙනවා.
නවකයෝ ක්ෂේත්‍රයට එනවා. එතකොට තරඟකාරීත්වයක් නිර්මාණය වෙනවා. කොහොමද එතකොට මෙහි පැවැත්ම?
ඔව්. ක්ෂේත්‍රයට අළුත් දක්ෂ අය එනවා. ඒ ගැන සතුටුයි. මම ගොඩක් දුරට ප්‍රවීණයන් සමග වැඩ කරන නිසා ආධුනික අයව මග හැරෙනවා. අළුත් අය දක්ෂතා පෙන්වද්දි එයාලට ඉදිරියට යන්න අවස්ථාව ලැබෙනවා.
සමහරු චෝදනා කරනවා තරුණ අය මේ ක්ෂේත්‍රයට එන්නේ මේක පහසු ක්ෂේත්‍රයක් නිසා කියලා. ඇත්තටම ඒක ඇත්තද?
මෙහෙමයි. රංගනය කියන්නේ පහසු ක්ෂේත්‍රයක් නෙවෙයි. හැම ක්ෂේත්‍රයක්ම පහසු නැහැ. ගොඩක්ම මොඩ්ලින් කරන්න එන අය රංගනය ලෙහෙසියි කියලා රඟපාන්න එනවා. එයාලා ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ තාවකාලික ජනප්‍රියත්වයක්. දක්ෂතාවය තියෙන අය ජනප්‍රියත්වය බලාපොරොත්තු වෙන්නේ නැහැ. එයා බලන්නේ හැමතිස්සෙම දක්ෂතාවය දියුණු කරගන්න.
වේදිකාවේ නිරත වෙන කෙනෙක් විදිහට ඉස්සරට වඩා වේදිකාවට ඉල්ලුමක් තිබෙනවාද?
පේන විදිහට නම් ඉස්සර තරම් දැන් වේදිකාවට ඉල්ලුමක් නැහැ. හෝල්වලට ඇවිත් නාට්‍යක් බලන ප්‍රේක්ෂකයෝ දැන් අඩුයි. ගෙදර තියෙන ටී.වී. එකෙන් ටෙලි නාට්‍ය බලන්න තමයි දැන් පුරුදු වෙලා තියෙන්නේ. ටෙලි නාට්‍යක් බලනවාට වඩා වේදිකා නාට්‍යක් බලන එක මිනිස්සුන්ගේ රසවින්දනයට ලොකු රුකුලක් වෙනවා.
ටෙලි නාට්‍යයකට වඩා වේදිකා නාට්‍යක් බලද්දි කාලය වැය වෙනවා වැඩියි. එතකොට මිනිස්සුන්ට මේක තුලින් පහසුවක් ඇතිවෙන්නේ කොහොමද?
මිනිස්සු එදිනෙදා ගොඩක් වැඩ කරනවා. එයාලා මනස රිලැක්ස් කරගන්න ටෙලි නාට්‍ය, ෆිල්ම්ස්, වේදිකා නාට්‍ය බලනවා. වේදිකා නාට්‍යවල රඟපාන්නේ දක්ෂයෝ. වේදිකාව තුල සියළු දේ වෙන්නේ සජීවීව. හැමදේම බලන්න ඕනේ. ඒත් වේදිකා නාට්‍යක් තුල ලොකු රසවින්දනයක් ඇති කරනවා.
අපි ඉදිරි වැඩ කටයුතු ගැන කතා කරමු?
රංගන වැඩ කටයුතු කරගෙන ලොකු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ව්‍යාපාරයකටත් දායක වෙන්න අදහසක් තිබෙනවා.
අවසන් වශයෙන් කිව්වොත් අතහිත දීපු අය ගැන?
මුලින්ම මතක් කරන්න ඕනේ මගේ අම්මා, නංගි, අයියා. ඊට පස්සේ මගේ පාසලේ විදුහල්තිතුමා ඇතුළු ගුරුමණ්ඩලයට. ඒ වගේම සනත් චන්ද්‍රසේකර සහ ප්‍රියන්ත ලලිත් සර්ට ස්තූතියි කරනවා.
Dilan Chryshantha