ක්ෂේත්රය වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ කරනවා
හිරු අවුරුදු කුමරිය ඔස්සේ නිරූපණ ක්ෂේත්රය පැමිණි චතුරානි පෙරේරා මේවනවිට නිරූපිකාවක් ලෙස ක්ෂේත්රය තුළ කටයුතු කරයි. නවකයෙකු වූවත් ඇය මේවනවිට වෙළෙඳ දැන්වීම සහ චිත්‍රපටයක් සඳහාද සිය දායකත්වය ලබා දී තිබේ. තම කලාකටයුතු පිලිබඳව කතාබහ කිරීමට ‘සාරවිට’ සමග මෙලෙස එක්විය.
මුලින්ම ඔයා ගැන කිව්වොත්?
මම චතුරානි පෙරේරා. කැළනිය විශ්ව විද්‍යාලයේ කළමණාකරණ අංශයෙන් උපාධිය හදාරනවා.
නිරූපණ කරන්න ගත්තේ කොයි කාලේ ඉඳන්ද?
දැනට මාස 08ක් පමණ වෙනවා.
ඇයි නිරූපණයට එන්න හිතුනේ?
හිරු අවුරුදු කුමරිය හරහා තමයි නිරූපණයට යොමු වුණේ. පොඩි කාලේ ඉඳන් තිබුණු ආසාවක්.
නිරූපණය පැත්තෙන් කරලා තියෙන වැඩ ගැන කිව්වොත්?
ශ්‍රී සිද්ධා චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා. එහි අධ්‍යක්ෂණය සරත් වීරසේකර සර් කරේ. ඊට අමතරව වෙළෙඳ දැන්වීම වලට දායක වුණා. අහස් මාලිගා ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වුණා. ඉස්සරහට ටෙලි නාට්‍යය කිහිපයක රූපගත කිරීම් තියෙනවා.
ගෙදරින් කැමති වුණාද මේ ක්ෂේත්රයට එනවාට?
ගෙදරින් කැමති . ප්‍රශ්ණයක් නෑ නිරූපණ කටයුතු කරනවාට.
මේ ක්ෂේත්රය ගැන මොකද හිතෙන්නේ?
ක්ෂේත්රය හොඳයි. මම ක්ෂේත්රයට ආදරෙයි. ක්ෂේත්රය වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ කරනවා.
වෘත්තීය විදිහටද නිරූපණ කටයුතු කරන්නේ?
මම තවම ඉගෙන ගන්නවා. අධ්‍යාපන කටයුතු වලටත් මම මූලික තැන දෙනවා. මට ඉඩ ලැබෙන සෑම වේලාවක්ම නිරූපණ කටයුතු වලට තමයි යොමු කරන්නේ.
ඉදිරි බලාපොරොත්තු?
මගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව නිමා කරමින් රංගන වැඩ කටයුතු ඉදිරියට කරගෙන යාමට බලාපොරොත්තු වෙනවා.
මේ ගමනට උදව් කරපු අය ගැන කිව්වොත්?
මගේ අම්මා, තාත්තා, නංගී, මගේ ගුරුවරු, යාළුවෝ වගේම මගේ ලගින් ඉන්න හැමදෙනාටම ස්තූති වන්ත වෙනවා. වචනයකින් හරි උදව් කරපු හැමෝටම මම ස්තූති වන්ත වෙනවා.