ක්ෂේත්රය තුළ කියන තරම් වරදක් මම දකින්නේ නැහැ
රංගන ශිල්පිනියක් ලෙස මේ දිනවල නිතර දකින අමා සිරිවර්ධන සමගින් අපි අද කතා බහා කළේමු. මේ වනවිට රංගන ශිල්පිනියක් ලෙස පූර්ණකාලීනය කටයුතු කරන ඇය මෙම ක්ෂේත්රය හරහා දිගු ගමනක් යන්නටද අපේක්ෂාවෙන් පසුවේ. මේ අමා, ඇය ගැන අපට පැවසු තොරතුරු..
රංගන ක්ෂේත්රයට ඔබගේ ආගමනය සිදුවන්නේ කොහොමද?
රංගනයට මම යොමු වන්නේ 2016 අවුරුද්දේ. මුලින්ම සිනමාවෙන් තමා මගේ කලා දිවිය ආරම්භ කරන්නේ. ඒ ‘ශ්‍රී වික්‍රම’ චිත්‍රපටයට සම්බන්ධ වෙමින්.
රංගන ශිල්පිනියක් වෙන්න ආසාවක් තිබුණාද?
පොඩි කාලේ ඉදලා නම් අදහසක් තිබුණේ නැහැ.. නමුත්, ‘ශ්‍රී වික්‍රම’ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණාට පස්සේ ඉබේම වගේ ආසාවක්, කැමැත්තක් මතු වුණා රංගනය පැත්තට යොමු වෙන්න. ‘ශ්‍රී වික්‍රම’ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලබා දුන් එහි අධ්‍යක්ෂකවරයාට මා පළමුව මේ අවස්ථාවේදී ස්තූති කරන්න කැමැතියි.
රංගන ක්ෂේත්රය ගැන මොකද හිතෙන්නේ?
කියන්න තරම් වරදක් මම දකින්නේ නෑ. මට නම් හොදයි.
දායක වුණ නිර්මාණ මොනවද?
ගීත රූප රචනා නම් කිහිපයකට මම සම්බන්ධ වුණා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් හා ටෙලි චිත්‍රපටියකට සම්බන්ධ වුණා. මා රංගනයෙන් දායක වුන ටෙලිනාට්‍යයක් ඉදිරියේදී තව විකාශනය වීමටත් නියමිතයි. තවත් එක් ටෙලිනාට්‍යක් විකාශනය වුණා. මේ දිනවල ස්වාධින රූපවාහිනියේ සතියේ දිනවල රාත්‍රී 8.00 විකාශනය වන ‘සිහිනි’ නාට්‍යය හා සම්බන්ධ වෙලා ඉන්නවා.
රංගන ශිල්පිනියකට අද තියෙන පිළිගැනීම කොහොමද?
මන් හිතනවා තමන් කරන නිර්මාණය අනුව පිළිගැනීමක් ලැබෙනවා කියලා
මේක ඔබේ වෘත්තියද? නැත්නම් වෙනත් වෘත්තියක වැඩ කරනවාද?
නැහැ.මම දැනට උසස් අධ්‍යාපනය හදාරනවා. ඒ තුළින් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත්, මම කලාවට ගොඩාක් කැමතියි. ඒ නිසා මම කලා කටයුතුත් ලැබෙන කාලය කළමනාරණය කරගනිමින් වැඩ කරනවා.
රංගන ක්ෂේත්රය තුළ දිගටම රැඳෙන්නද අදහස?
ඒක ඉදිරියට බලමු. හැමදාම මේ ක්ෂේත්රය තුළ රැඳෙන්න බැහැ.
උදව් කරපු අය?
මම දායක වුන නිර්මාණ වල සියළුම අධ්‍යක්ෂවරුන්වත් සහය අධ්‍යක්ෂවරුන්වත් මතක් කරන්න අවශ්‍යයි මුලින්ම. ඊට අමතරව නිෂ්පාදක කණ්ඩායම් මට ගොඩාක් උදවු කළා. ඒ වගේම මාත් එක්ක රංගනයෙන් එකතු වුණු ප්‍රවීන රංගන ශිලිපීන් මට ලොකු සහයෝගයක් දුන්නා. ඒ වගේම අඩුපාඩු පෙන්වලා දීලා ඒවා හදලා මාව රංගනයට සූදානම් කළා. මේ මොහොතේදී වීශේෂයෙන් මගේ පවුලේ අයත්, එරංග තිලකරත්න අයියාවත් මතක් කරනවා.
බුද්ධික සේනාධීර