ක්ෂේත්‍රය ගැන තියෙන කතා බොරු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-18-ent-87

විවිධ කලා නිර්මාණ හරහා ඔබ දකින තාරුකා හෙට්ටිආරච්චි සමගින් අපි මෙවර කතා බහා කළේමු. වසර තුනක කාලයක් තිස්සේ නිරූපිකාවික්, රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන ඇය මේ ක්ෂේත්‍රය හරහා දිගු ගමනක් යන්නට අපේක්ෂාවෙන් පසුවේ. මේ දිග හැරෙන්නේ ඇය සමග කළ කතා බහයි.

 

ක්ෂේත්‍රයට ඔබගේ පැමිණිම සිදුවෙන්නේ?

මුලින්ම මන් funky dirt මියුසික් බෑන්ඩ් එකේ music video එකකින් තමයි feeld එකට ආවේ. දැනට මම ක්ෂේත්‍රයට ඇවිල්ලා වසර තුනක කාලයක් වෙනවා.2019-09-18-ent-89

 

නිරූපිකාවක් විදිහට වැඩ කරන්න ආසාවක් තිබුණාද?

මුලින් මට ආසාවක් තිබුණේ නෑ. යාළුවෙක් මාර්ගෙන් තමයි මට ඒ අවස්ථාව ලැබුණේ. කොටින්ම කිව්වොත් මේක මට අහම්බෙන් ලැබුණ දෙයක්.

 

ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

මේ feeld එක ගැන එක එක අය විවිධ කතා කියනවා. ඒ මේ feeld එකේ ඉන්න අය නෙමේ. මාත් මේ feeld එකට එන්න කළින් විශ්වාස කළා මේ දේවල් . ඒත් දැන් හිතෙනවා ඒවා ඇත්ත නෙමෙයි කියලා. feeld එකේ එළියේ ඉඳගෙන මේ දේවල් කියන්නේ නැතුව feeld එකට ඇවිල්ලා හොඳද නරකද කියලා බැලුවොත් හොඳයි.

 

ඔබට දැනට දායක වුණ නිර්මාණ මොනවද?

මේ වෙනකොට මම ගීත රූප රචනා 13කට විතර දායක වෙලා තියනවා. තව වෙළෙඳ දැන්වීම් 2ක් හා ටෙලි නාට්‍යය 4කට විතර රංගනයෙන් දායක වෙලා තියනවා.

 

නිරූපිකාවකට අද තියෙන පිළිගැනීම කොයි වගේද?

ඒකනම් හරියටම කියන්න බෑ. මොකද අපි ඉන්න තැන හොඳ පිළිගැනීමක් තියනවා නැති තැන තවත් විදියකට. ඒක හින්ද හිතා ගන්න බෑ.

 

මේක ඔබගේ වෘත්තියද?

මම මේක වෘත්තීයක් විදියට කරන්නෙ කරන්නෙ නෑ. දැනට MAS Rapid ආයතනයේ මම රැකියාවක නිරත වෙන ගමන් තමයි ලැබෙන වැඩ කරගෙන යන්නේ.

 

උදව් කරපු අය?

මගේ අම්මට තාත්තට. ආපු මුල් කාළේ රසිදු අයියා ගොඩක් උදව් කළා. ඒ වගේම . මන් රැකියාවක් කරන ගමන් මේ feeld එකේ වැඩ කරන්නේ. ඒක එච්චර ලේසි දෙයක් නෙමේ. මට ඒකට ගොඩක් උදව් කල MAS Rapid ආයතනයේ චම්පික මහතා. ඔහුටත් ගොඩක් ස්තූතියි.

 

 2019-09-18-ent-88