ක්ෂේත්රය ගැන ලොකුවට මම දන්නේ නැහැ
වෙළෙඳ දැන්විම් මෙන්ම ගීත රූප රචනා හරහාද නිතර දකින තරූෂි සෙනෙවීරත්න තරුණ පරපුර අතර, ජනප්‍රිය යොවුන් කලා ශිල්පිනියකි. නිරූපණයට අමතරව රංගන ශිල්පිනියක් ලෙසද කටයුතු කරන ඇය මේ දිනවල කලා කටයුතු කිහිපයක් නිසාවෙන් කාර්යබහුලව සිටියි. මේ දි හැරෙන්නේ ඇය සමග කළ කතාබහයි.
අලුත් නිර්මාණ කිහිපයකට දායක වුණා නේද?
ඔව්, වැඩ කිහිපයක්ම කළා. ඒවා ඉදිරියට එන්න තියෙනවා. මේ දිනවල මම රංගනයෙන් දායක වුණ ‘වෝග් ජුවලර්ස්’ වෙළෙඳ දැන්වීම විකාශය වෙනවා.
නිරූපිකාවක් විදිහට දැන් ටිකක් ජනප්‍රියයි නේද?
නැහැ මම ජනප්‍රිය නිරූපිකාවක්කියලා කියන්න බැහැ. මොකද, තවමත් මම දායක වෙලා තියෙන්නේ නිර්මාණ අතළොස්සයි. ඒ හින්දා මම ලොකුවට මිනිස්සු අතර, ජනප්‍රිය නැහැ.
ක්ෂේත්රය ගැන මොකද හිතන්නේ?
ක්ෂේත්රය ගැන මම දකින විදිහට ලොකු වැරැද්දක් නැහැ. මමත් මේ ක්ෂේත්රයට අලුත් කෙනෙක්. ඒ නිසා මම ඒ ගැන වැඩිය මුකුත් කියන්න දන්නේ නැහැ.
අද තියෙන නිරූපණ ක්ෂේත්රය ගැන කළකිරීමක් නැද්ද?
කළකිරිමක් තිබුණා කියලා ඒවා වෙනස් වෙන්නේ නැහැනේ. ඒක නිසා වෙන දේවල් ගොඩක් වෙලාවට අහනවා දකිනවා. එතැනින් එහාට මම ඒවා පස්සේ එළවන්නේ නැහැ.
නිරූපිකාවක් විදිහට වැඩ කරන්නද කැමති?
නිරූපිකාවක් වෙන්න කියලා මම වැඩ කරන්නේ නැහැ. මට ලැබුණ වැඩ හරියට තෝරගෙන කරනවා එච්චරයි.
ඉදිරිය ගැන කතා කළොත්?
ඉදිරියට ලොකු වෙනසක් නැහැ. මොකද, මම වෘත්තිය නිරූපිකාවක් හෝ වෘත්තිය රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරන්නේ නැති නිසා. මගේ දැනට තියෙන ලොකුම ඉලක්කය තමයි මගේ අධ්‍යාපන කටයුතු හරියට අවසන් කරන එක. මට හොඳයි කියලා වැඩක් ආවොත් භාරගෙන කරනවා.
පුදුම කිරීමක් හරහා ජනප්‍රිය වෙන්න කැමති නැද්ද?
නැහැ. මාව යම් පිරිසක් අඳුන ගත්තා නම් මට ඒ හොඳටම ඇති. ගොසිෆ් එකක් වෙලා මිනිස්සු අතරට යන්න මට උවමනවාක් නැහැ.
බුද්ධික සේනාධීර
ඡායාරූප - දුලීත ශ්‍රිනාත්