කළු අයත් ලස්සනයි
රිතු ආකර්ශා ඔබේ ආකර්ශනය නොඅඩුව ලබන දක්ෂතා පරිපූර්ණ නව පරපුරේ රංගන ශිල්පිනියක්. ඕනෑම චරිතයකට සාධාරණයක් ඉටුකරමින් තම වෘත්තියේ යෙදෙන රිතූව අද අපි මුණගැසුණේ රඟපෑම් ගැන කතා කරන්න නම් නොවේ. දින දින ලස්සන වෙන රහස දැනගැනීමටය.
මේ දවස්වල මොකද කරන්නේ.
අලූත් ටෙලි නාට්‍ය තුනක වැඩ මේ දිනවල කෙරෙනවා. ඒ නිසා ටිකක් විතර කාර්යබහුලයි.
කොච්චර බිසී වුණත් ලස්සනේ නම් අඩුවක් නෑනේ
මා නියැලෙන වෘත්තිය අනුව සුන්දරත්වය රැුකගැනීම අතවශ්‍ය දෙයක් නිසා උපතින් ලැබුණ සුන්දරත්වය ලස්සන ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා.
අපිත් ආසයි ලස්සනට ඉන්න රහස දැනගන්න.
පත්තරෙන් අහන නිසාම නෙමෙයි මම මේක කියන්නේ. ඇත්තටම මම කරන දේවල් උදේ නැගිට්ට ගමන්ම ලොකු වතුර වීදුරුවක් බොනවා. ඊට පස්සේ මම වතුර බොන බෝතලයට විටමින් සී පෙත්තක් දාලා ඒක බොනවා. බෙහෙත් පෙති බොන්න මම හරිම අකමැතියි.
ඒ නිසයි විටමින් සී පෙත්ත වතුර එකකට දාලා බොන්නේ. අපේ හමේ පැහැයට අත්‍යවශ්‍යම විටමින් වර්ග දෙකක් තමයි විටමින් සී විටමින් ඊ. ඊට අමතරව මම දෛනිකව ෆිෂ් ඔයිල් කරලක් බොනවා.
හැමදාම පලතුරු යුෂ විදුරුවක් බොනවා. ගෙදර ඉන්නවා නම් කැරට්, ගොටුකොළ වගේ ජූස් හදලා දෙනවා අම්මා.
ගෙදර ඉන්න දවසට එළවළු පලතුරු නම් ගොඩක් කනවා. බීට්, කැරට්, වට්ටක්කා, බෝංචි වගේ එළවළුවලට මම ගොඩක් ආසයි. ගොටුකොළ, මුගුණුවැන්න වගේ පලාවර්ගත් මම ගොඩක් ආසාවෙන් කනවා. කොමඩුයි, ගස්ලබුයි දිනපතාම වගේ ආහාරයට එක්කර ගන්නවා.
පුරුද්දක් විදිහට සුමානයට දින දෙක තුනක් ව්‍යායාමවල නිරත වෙනවා. වෙලාව තියෙනවා නම් දිගටම ජිම් එකට යනවා.
ඇෙඟ් හැඩය සුන්දරව තියාගන්න ඕනේ නිසා රෑට කෑම පාලනයට නම් මම ගොඩක් මුල්තැන දෙනවා. මගේ ඇඟ පොඞ්ඩක් උෂ්ණ ගතියෙන් යුක්තයි. ඒ නිසා සුමානයට දින කිහිපයක් කස කසා ටිකක් වතුරට දාලා ටික වෙලාවකින් බොනවා. ඊට අමතරව හිස කෙස්වලට ගෙදර ඉන්න හැම දවසකම තෙල් දාලා සාත්තු කරනවා.
රෑට නාන නිසාද දන්නේ නෑ මගේ කොණ්ඬේ ගොඩක් යන්න ගත්තා. තෙල් සාත්තුව නිසා සෑහෙන දුරකට හිසකෙස් යෑම පාලනය වුණා. ඒ වගේම ගොටුකොළ ඉස්මත් කොණ්ඩෙට ගොඩක් හොඳයි.
මම ඉස්සර ඉදලාම පුරුදු වෙලා හිටපු දෙයක් තමයි සබනුයි සීනි එකට එකතු කරලා ස්ක්‍රබ් කරන එක එයින් සමේ කුණු ¥විලි හොඳින් ඉවත් වෙලා සමට පැහැපත් බවක් ලැබෙනවා.
ඊට අමතරව විවේකී දිනවලට කස්තුරි කහ වෙනිවැල් ගැට කුඩු, සුදු හඳුන් කුඩු එකට එකතු කරලා ඒකට යෝගට් හරි, රෝස වතුර හරි දාලා මිශ්‍ර කරලා මුහුණේ ගානවා.
තව ගස්ලබු මදයක් ඉඳහිට මුහුණේ ගානවා රාත්‍රියට සමට පෝෂණ සත්කාරයක් ලෙස ‘විටමින් සී සිරම්’ එකක් ආලේප කරනවා. එම ආලේපනයෙන් සමට හොද පෝෂණයක් ලැබෙනවා වගේම සමේ රැුළි වැටීම් ආදියත් ඉවත් වෙනවා.
සාමාන්‍යයෙන් නම් මම ක්‍රීම් වර්ග ආලේප කරනවා හරිම අඩුයි. නමුත් හිරු එළියට නිරාවරණය වන හැම මොහොතකම හිරු ආරක්ෂණ ආලේපනයක් භාවිත කරනවා.
රංගන ශිල්පිනියක් ලෙසට ඔබ හිතනවාද සුන්දරත්වය ඉතාම වැදගත් කියලා.
ඔව් මාගේ වෘත්තියට සුන්දරත්වය ඉතාම වැදගත්. නමුත් පොදුවේ ගත්තාම ගැහැනු පිරිමි බේදයක් නැතුව හැමෝම ලස්සනට ඉන්න ඕනේ කියලයි මට හිතෙන්නේ.
ලස්සන කියන දේ ඇතුලේ තිබිය යුතු ප්‍රධානම දේවල් තමයි පිරිසිදුකම සහ පිළිවෙළ.
කාන්තාවක් ලස්සනට ඉන්න එක වැදගත්ද?
ඔව් ඇත්තටම. කාන්තාවක් කිිවු සැනින්ම අපේ මතකයට එන්නේ ලස්සනයි කියන හැඟීම. ඒ නිසා කාන්තාවක් තමන්ට උපතින්ම ලැබුණු සුන්දරත්වය ආරක්ෂාකරගෙන ජීවත් වීම අත්‍යවශ්‍ය දෙයක්. වර්තමානයේ බොහෝ දෙනෙක් විශ්වාස කරන දෙයක් තමයි ලස්සන කියන්නේ හම සුදු වීමයි. ඇඟ කෙට්ටු වීමයි කියලා. ඒක හරිම මිත්‍යාවක්. ලෝකයේ ඕනෑ තරම් ලස්සන අය ඉන්නවා හම කළු පැහැ අය. ඒ වගේම මහත වුණත් ඇතැම් අය දැක්කාම අපට ඉබේම කියවෙනවා ලස්සනයි කියලා. ඒ නිසා අපි අපට උපතින් ලැබුණ සම ශරීරයේ හැඩය වෙනස් කරන් ලස්සන වෙන්න ගියොත් ඒක හරිම ආටිෆිෂල් වෙයි. ඒවගේම තාවකාලිකයි.
ඔබ අද ෙක්ෂ්ත්රයේ රැුඳී සිටින්නේ රූපය නිසාද?
කොහෙත්ම නෑ. ලස්සනට වඩා මට හිතෙන්නේ ඕනෑම ක්ෂේත්රයක රැුදෙන්න අතවශ්‍යම කරුණ වන්නේ හැකියාව හා කැපවීම.
ලස්සන වෙලා ඉපදෙන්නේ?
ම්... පෙර පින් කරපු නිසා වෙන්න ඇති නේද?
විලාසිතා කරන්න කැමතිද?
ඔව් ගැලපෙන විදිහට විලාසිතා කරනවා. සරල බව චාම් බව වගේම සැහැල්ලූව ගැනත් විලාසිතා තෝරා ගැනීමේදී හිතනවා.
ලෝකයේ දැකපු ලස්සන කාන්තාව
කාලෙන් කාලෙට බොහෝ අය සුන්දරව පේනවා. ඒ නිසා එක්කෙනෙක් කියන්න බැහැ.
බාහිර ලස්සන වගේම ආධ්‍යාත්මිකව ලස්සන වෙන්න මොනවාද කරන්නේ.
මම බෞද්ධ වුණත් පන්සලටත්, පල්ලියටත්, කෝවිලටත් තුනටම යනවා. ආගම ඇදහිම තුළ හිතට දැනෙන සැනසීම වචනයෙන් විස්තර කරන්න බැරි තරම්.
කෙනෙකුගේ ලස්සන අගය කරන්න ඔබට පුළුවන්ද?
ඔව්. අනිවාර්යෙන්ම කෙනෙකුගේ ලස්සන දැකලා නිහතමානීව සතුටු වීමේ හැකියාවක් මට තියෙනවා. ඇතැම් අය වෙනත් අයගේ ලස්සන දැකලා විවේචන කරනවා. ඒකට නම් මම කැමති නැහැ. හැබැයි අනිත් අයගේ අඩුපාඩු හොයන්නේ තමන්ගේ අඩුපාඩු ගොඩක් තියෙන අය කියලයි මට හිතෙන්නේ.
අසුන්තා එදිරිසූරිය