කවුරු මොන දේ කළත්, කිව්වත් කිසි කෙනෙක්ට මාව නවත්වන්න බැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-07-08-ent-677

නිරූපණ ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන චරිතයක් වන ඇය මේ වනවිට සිනමා ක්ෂේත්‍රය තුළද සිය හැකියාවන් ප්‍රකට කරමින් සිටී. මේ දිනවල තිරගත වෙමින් පවතින %ගෝරි^ චිත්‍රපටයේද ප්‍රධාන රංගනයෙන් දායක වී ඇති ඇයට විවේචන මෙන්ම යහපත් ප්‍රතිචාරද හිමිවෙමින් ඇතැයි පවසයි. මෙම චිත්‍රපටය පිළිබඳව සහ ඇයගේ රංගන කටයුතු පිළිබඳව කතාබහ කිරීමට අද තරු කතාබහට එක්වන්නේ ටීනා ශනෙල්.

 

ගෝරි මොකද වුණේ?2019-07-08-ent-678

%ගෝරි^ චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර නම් හොඳයි. චිත්‍රපටය හොඳට යනවා කියල ආරංචි තියෙනවා. රටේ පසුගියදා ඇතිවුණු තත්ත්වෙ එක්ක මිනිස්සු මෙහෙම චිත්‍රපටයක් බලන්න එනවා කියන එකත් හොඳ කාරණාවක්. මං හිතනවා මිනිස්සුන්ගේ ජීවිත නැවත යථා තත්ත්වයට ඇවිල්ලා කියලා. ප්‍රතිචාර හොඳයි වගේම බනින පිරිසකුත් ඉන්නවා. චිත්‍රපටයක් ගත්තාම හොඳ ප්‍රතිචාර වගේම නරක ප්‍රතිචාරත් තියෙන්න ඕනෙ. සමහර මිනිස්සුන්ට කොච්චර හොඳ දේවල් කළත් හරියන්නෙ නැහැ.

 

%ගෝරි^ කොපියක් කියල චෝදනා කරනවා නේද?

%ගෝරි^ චිත්‍රපටය කොපියක් වුණත් සම්පූර්ණ කොපියක් නෙමෙයි. අධ්‍යක්ෂණය කරපු හර්ෂ උඩකන්ද එම චිත්‍රපටය ගොඩක් ලස්සනට නිර්මාණය කරල තියෙනවා.

 

මෙහි ඔබේ රංගනය ගැන ඔබ තෘප්තිමත්ද?

ප්‍රධාන නිළියන් දෙන්නගෙන් එක්කෙනෙක් තමයි මම. මට පුළුවන් උපරිමයෙන්ම කරලා තියෙනවා. මට වෙනම සිංදුවක් තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා. නමුත් චිත්‍රපටය ගැන මම තෘප්තිමත්. කොපියක් වුණත් මේක ලංකාවේ පිරිසට බලන්න පුළුවන් චිත්‍රපටයක්.

 

දැන් නිරූපණ වැඩකටයුතු කොහොමද?

මම සුපුරුදු ලෙසම නිරූපණ වැඩකටයුතු කරගෙන යනවා. හැබැයි වැඩි අවධානයක් දීල තියෙන්නේ චිත්‍රපට සඳහා. තව චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිල තියෙනවා. මේ දවස්වල සියත නාළිකාවේ මම රංගනයෙන් දායක වන %ඉත්තෝ^ ටෙලිනාට්‍යය විකාශය වෙනවා. ඒ ටෙලිනාට්‍යය තුළ චිත්‍රපටවල ඉන්න අය තමයි ගොඩක් ඉන්නේ. හැමෝටම ඒ නාට්‍යයත් නරඹන්න කියලා ආරාධනා කරනවා.

 

වර්තමානයේ නිරූපණ ක්ෂේත්‍රයට මොකද වෙලා තියෙන්නේ?

නිරූපණයට අලුතෙන් එන අය බලන්නේ මොනව හරි පොඩි දෙයක් කරලා ජනප්‍රිය වෙන්නයි. යම්කිසි වැඩක් කරලා, කැපකිරීමක් කරලා මහන්සියෙන් එන්න බලන්නේ නැහැ. ගොසිප් එකක් හරි හදාගෙන ඉස්සරහට යන්න තමයි බලන්නේ. ලංකාවේ දැන් තියෙන පැජන්ට්වලට එන ගොඩක් අය රැවටෙනවා. කිසිම ප්‍රමිතියක් නැති දේවල් වලින් ඉදිරියට ඇවිත් ඔවුන්ගේ ජීවිත විනාශ කර ගන්නවා. මේ ක්ෂේත්‍රයට එනවා නම් මේ පිළිබඳව හොයල බලලා එනවා නම් හොඳයි කියලා මම කියනවා. නැත්නම් ආවා වගේම දවසින් දෙකෙන් යන්න වෙනවා. මේකෙ රැඳිලා ඉන්න අමාරුයි. දැන් නිරූපණ ක්ෂේත්‍රය ඉස්සරට වඩා සෑහෙන්න විනාශයට යනවා කියල නම් පේනවා. ඒක හේතුව මොකක්ද කියල තේරෙන්නෙ නැහැ.

 

ක්ෂේත්‍රය ආපු එක ගැන කලකිරිලද ඉන්නේ?

නැහැ. මම ආපු කාලය එක්ක බලද්දි අද ඉන්න තත්ත්වය ගැන මම සතුටුයි. අද වෙද්දි මේ ක්ෂේත්‍රය තුළ ගොඩක් ආදරය කරන පිරිසක් මට එකතු වෙලා ඉන්නවා. මම විසින්ම යම්කිසි ප්‍රේක්ෂකයන් පිරිසක් හදාගෙන ඉන්නවා.

 

ඔබට ලැබිලා තියෙන දේවල් ගැන මොකද හිතෙන්නෙ?

ඇත්තටම තෘප්තිමත්. මම හිතනවා මට මීටත් වඩා ඉස්සරහට යන්න තිබ්බා කියලා. නමුත් මගේ ගමන හෙමින්. චිත්‍රපට වගේ ගොඩක් තැන්වලින් මාව කැපෙන අවස්ථාව තියෙනවා. මං දන්නෙ නැහැ හේතුව මොකක්ද කියලා. වැඩ එනවා. සමහර අවස්ථාවන් වලදී ගැහැණුන්ගේ ඊරිසියාව මත ඒ අවස්ථාවන් නැතිවෙන වෙලාවන් තියෙනවා. අපි අපේ ගමන හරියාකාරව, සාර්ථකව යන නිසා ගොඩක් ඊරිසියා කරන කට්ටිය ඉන්නවා. ඒක මට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි.

 

මේ කාරණා නිසා ක්ෂේත්‍රය අත්හරින්න හිතිල නැද්ද?

හිතෙන අවස්ථාවල් ගොඩක් තියෙනවා. ඇයි මිනිස්සු මේ වගේ දේවල් කරන්නේ. මමත් ගැහැනියක්. නමුත් ගැහැණු පාර්ශ්වයෙන්ම මේ දේවල් කරන්නේ ඇයි කියන එක මට ලොකු ගැටලුවක්. නිරූපණයේ ඉඳලා රංගනයට ආපු මට ඒ දේවල් සෑහෙන්න දැනිලා සහ වෙලා තියෙනවා. කවුරු මොන දේ කළත්, කිව්වත් කිසි කෙනෙක්ට මාව නවත්වන්න බැහැ. මම ඒ දේවල් ශක්තියක් කරගෙන ඉදිරියට යන එකයි කරන්නේ. තමාගේ ආගම දහම අදහගෙන හරි විදිහට හිටියොත් මොන කෙනා මොන දේ කළත් තමන්ට ලැබෙන්න තියෙන දේවල් ලැබෙනවා කියන බලාපොරොත්තුව මට තියෙනවා.

 

ලොකුම බලාපොරොත්තුව මොකක්ද?

ලොකු බලාපොරොත්තු නැහැ. නමුත් චිත්‍රපට වලින් ඉදිරියට යන්න සහ වෙන රටකට ගිහිල්ලා චිත්‍රපට වලට සහභාගී වෙන්න කැමතියි. ලංකාවට දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මම ආසයි මගේ රටේ දේවල් ලැබෙනවට. මට ගැළපෙන දේවල් වලින් අපේ කලාව වෙනුවෙන් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

 

Dilan Chryshantha 

 

2019-07-08-ent-671 2019-07-08-ent-672 2019-07-08-ent-673 2019-07-08-ent-674 2019-07-08-ent-675 2019-07-08-ent-676