කවුද මචං අර ලොකු සීන් එක කියලා මම යාළුවෙක්ගෙන් ඇහුවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-04-11-ent-130

මාධවී... ඔයාට මිලාන්ව මුලින්ම මුණගැහුණු කාලය මතකද...?

ඔව්... මිලාන්ව මට මුලින්ම මුණගැහුණේ පාටියකදී... හැබැයි ඒක පාටියකටත් වඩා අපි යාළුවෝ ටික දෙනෙක් එකතුවෙලා පොඩි කෑමකට එළියට ගියා. ඒ ගියපු වෙලාවේ මිලානුත් ඒ පාටියට ඇවිත් හිටියා. හැබැයි එතකොට මම මිලාන්ව අඳුරන්නේවත් නැහැ. ඒ නිසා අපි යාළුවෝ හතරපස් දෙනා අතරේ අඳුරන්නේ නැති කෙනෙක් ඇවිත් හිටපු නිසා මට පොඩි චකිතයකුත් තිබුණා. “ඇයි අනේ... මේ අඳුරන්නේ නැති කෙනෙක්ව ගෙනාවේ... කියලා. මම මගේ යාළුවන් එක්ක මගේ අකමැත්තත් ප්‍රකාශ කළා. මම ඉතින් මිලාන් එක්ක වැඩිය කතාබහ කළෙත් නැහැ. ඊළඟට ආයෙත් තවත් දවසක පාටියකදී මට මිලාන්ව මුණගැහුණා.

 

ඒ සාදය ගැන කතා කරන්න කලින්... අපි මිලාන්ගෙන් අහමුද පළමු හමුවීමේදී මාධවී ගැන මොකද හිතුණේ කියලා...?2019-04-11-ent-131

මම ඇත්තම කියන්නද... මම මාධවීව ඒ පාටියේදී දකිද්දීවත් මාධවී කවුද කියලා දැනගෙන හිටියේ නැහැ. මම ලොකුවට ටී.වී. බලන මනුස්සයෙක් නෙමේ. අඩුම ගානේ මාධවී පොඩි කාලේ කරපු “හපන් පැඳුර වැඩසටහනවත් මම බලලා තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා මම මාධවීව දැනගත්තේ ඒ පාටියේදී තමයි. මගේ හොඳම යාළුවා වුණු සංගීත් ඉද්දමල්ගොඩ එක්ක තමයි ඒ පාටියට ගියේ. ඉතින් එදා මාධවීත් ඇවිත් හිටියා. ඒ වෙලාවේ මම සංගීත්ගෙන් “කවුද මචං... අර ලොකු සීන් එකේ ඉන්න කෙනා... කියලා ඇහුවා.

 

මම මාධවී දිහා බලද්දීත් මාධවී මාව දැකලා ඔරවනවා. කිසිම හේතුවක් නැතිව මම දිහා රවලා බලනවා. ඔන්න ඉතින් ඒ වෙලාවේ තමයි මගේ යාළුවා... “ඒ බං ජැක්සන් ඇන්තනීගේ දුව... කියලා කිව්වේ. ඒ වෙනතුරු මට මාධවී කවුද කියලා දැනගෙන හිටියේ නැහැ. 

 

මිලාන්... ඒ පළමු මුණගැසීමෙන් පස්සේ ආයෙමත් තවත් පාටියකදී මාධවීව මුණගැහුණණේ...?

ඔව්... ඊට පස්සේ චන්දීප ජයකොඩිගේ බර්ත් ඩේ එකේදී අපි ආයෙත් මුණගැහුණා. ඒ තමයි අපි හමුවුණ දෙවැනි අවස්ථාව. තවත් වෙඩින් එකකට ගිහින් මාධවී ටිකක් පරක්කු වෙලා තමයි පාටියට ආවේ. එදා මාධවී හරි ලස්සනට ඇඳලා ක්‍රේල් කොණ්ඩේ හදලා හරි ලස්සනට පාටියට ආවා. මට මාධවී එක්ක කතා කරන්නත් ඕනේ... හැබැයි කතා කරන්නත් මොකක්ද වගේ... කොහොම හරි මාධවී හැමෝම එක්කම කතා කරලා මම ළඟටත් ඇවිත් “හලෝ  කියලා මටත් කතා කළා. 

 

මිලාන්... ඔයාට මාධවීට ආදරය කරන්න... ඇයව බිරිඳ කරගන්න ඇය ළඟ තිබුණු සුවිශේෂිත්වය මොකක්ද...?

මාධවීව බිරිඳ කරගන්න හිතුණ පළවෙනි දේ තමයි මාධවීගේ හිත හොඳයි. හිතේ එකක් තියාගෙන තව දෙයක් කියන කෙනෙක් නෙවෙයි. හිතේ කුණු පැසව පැසව ඉන්නේ නැහැ. හිතේ තියෙන දේ එයා කෙලින්ම කියනවා. එයා ළඟ බොරුව නැහැ. ඒවගේම මාධවීගේ රූපය මගේ හිත ගත්තා. චන්දීපගේ පාටියේදී දැකපු රූපය මගේ හිතට තදින්ම දැනුණා. ඒ රෑපයට මම ආස කළා. එදා මට “මාර ලස්සනයිනේ මේ කෙල්ල කියලා හිතුණා. ඊට පස්සේ එයා එක්ක කතා කරද්දී හිතේ තිබුණු කැමැත්ත ආදරයක් වුණා.

 

චන්දීපගේ පාටිය දවසේ මාධවීව බස්සවන්න මිලාන් ගියේ ඇයි...?

ඒ ඉතින් ආසාවටනේ... එදා පාටිය ඉවරවෙලා මාධවී ගෙදර ගියේ තනියම කාර් එකෙයි. ඉතින් මාත් කාර් එකේ තවත් යාළුවෙකුත් එක්ක මෙයාගේ පිටිපස්සෙන් ගියා. මුලදී මම එන්නම් කියද්දී මාධවී “නෑ... නෑ... ඔයා එන්න ඕනේ නැහැ... මට යන්න පුළුවන්... කියලා කිව්වා. “නෑ කමක් නැහැ... කෙල්ලෙක් තනිපන්ගලමේ යන්න හොඳ නැහැනේ... කියලා මාත් මෙයාගේ කාර් එක පිටිපස්සෙන්ම මාධවීගේ ගේ ළඟටම ගියා. එයා වත්තට කාර් එක දැම්මට පස්සේ ආයෙත් වාහනය හරවාගෙන අපේ ගෙදර ආවා.

 

මාධවී... උදව්වට ආපු කෙනාට “ස්තූතියි කියලවත් කිව්වේ නැද්ද...?

ඒ වෙලාවේ නම් කිව්වේ නැහැ... හැබැයි මෙයා ගෙදර ගියාද කියලත් බලන්න මෙයාගේ නම්බර් එකවත් මම ළඟ තිබුණේ නැහැ. ඒ නිසා මම පහුවදා උදේන්ම මගේ යාළුවාගෙන් නම්බර් එක ඉල්ලා ගත්තා. අඩුම ගානේ මට මිලාන්ගේ නමවත් මතකයේ තිබුණේ නැහැ. ඒ නිසා සංගීත්ට කෝල් කරලා “සංගීත් අර ඔයාගේ යාළුවා කවුද? කියලා මම සංගීත්ගෙන් නම්බර් එක ඉල්ලා ගත්තා. සංගීත් මට නම්බර් එක දෙනවාත් එක්කම මිලාන්ට “මාධවීට නම්බර් එක දුන්නා... කියලා මැසේජ් එකක් දාලා තිබුණා.

 

නම්බර් එක ලැබුණු සැනින් මාධවී මිලාන්ට කෝල් කළාද...?

නැහැ... මම මුලින්ම මිලාන්ට “ඒයි මඟ මලේ නෑ නේද... කියලා මැසේජ් එකක් දැම්මා. ඒ වෙලාවේ මිලාන් නිදාගෙන ඉඳලා තියෙන්නේ. මම නම දැම්මෙත් නැහැ. මිලාන් ගාව මගේ නම්බර් එකත් නැහැනේ. ඒ නිසා නිදිමතේ මිලාන් ඒ මැසේජ් එක කියවලා තියෙන්නේ “මගේ මාලේ නැහැනේ... කියලයි. ඊට පස්සේ මිලාන් “මොන මාලේද කියලා මට මැසේජ් එකක් එවලා තිබුණා. මම ආයෙත් “මාලේ නෙමේ මම මාධවී මඟ මැරුණේ නැහැනේද...?* කියලා ආයේ මැසේජ් එකක් යැව්වා... එදා ඉඳන් ඉතින් අපි කතා කරන්න පටන් ගත්තා.

 

ඒ කතා කිරිල්ල ගියපු දුරක් නේද මාධවී...?

අනේ ඔව්... කොච්චර මිලාන් මට කතා කරනවාද කියනවා නම් සමහර වෙලාවට ඒක මට ඇණයක් වෙන තරමටම වදයක් වුණා. එයා මට දිගටම ෆෝන් කරන්න පටන් ගත්තා. ඇත්තටම කියනවා නම් මිලාන් මට කෝල් කරනවාට මම හරි ආසයි. සමහර දවස්වලට මෙයා කතා කරනකම් මම බලාගෙන ඉන්නවා. හැබැයි කතා කරද්දී බනිනවා. ඒත් මිලාන් දිගටම මට කතා කළා. හැබැයි එක දවසක් මෙයාගේ යාළුවා මට පොඩි බොරුවකුත් කිව්වා. යාළුවා එක්ක මිලාන් “බලන්නකෝ මචං මට මාධවී බනිනවා. කියලත් කිව්වලු.

 

ඇත්තද මිලාන් එහෙම කතාවක් යාළුවා එක්ක කිව්වද...?

ඔව්... ඒකට එක හේතුවක් තියෙනවා. එක දවසක් මට කතා කරද්දී මාධවී වාහනය ඩ්‍රයිව් කරමින් හිටියේ. මම ෆෝන් කරද්දීම මාධවී ඒක දිහා බලන්න යද්දීම එකපාරටම වාහනය පොඩ්ඩක් හැප්පුණා. “ඔයාගේ ෆෝන් එක ආන්සර් කරන්න ගිහින් මගේ වාහනයටත් ඩැමේජ්... කියලා මට බැනලා ෆෝන් එක තිබ්බා. ඇත්තටම ඒ වෙලාවේ මට මාර අප්සෙට්. මම යාළුවන්ටත් කෝල් කරලා ඒ ගැන කිව්වා.

 

මුලින්ම “ආදරෙයි කිව්වේ මිලාන්ද... මාධවීද...?

(මේ ප්‍රශ්නය මම ඇහුවාම නම් දෙන්නම හිනා වුණා... එතනත් හරි අපූරු කතාවක් තියෙනවා. හැබැයි ඒ වැඩි විස්තරේ මම නොකියා ඉන්නනම්. හැම රසවත් කතාවක්ම කියන එකත් හරි නැහැනේ. මුලින්ම ආදරේ කියලා තියෙන්නේ මිලාන්. හැබැයි මාධවීත් ඒ වචනය එනතුරු බලාගෙන ඉඳලානම් තියෙනවා.) ඒකත් මිලාන් මට කිව්වේ පාටියකදී... මිලාන් මට කිව්වේ “මම ඔයාට පට්ට ආදරේයි... කියලයි.

 

මාධවී... මිලාන් ඔයාට මුලින්ම දීපු තෑග්ග මතකද...?

ඔව්... මතකයි... මිලාන් මට ලිප්ස්ටික් එකකුයි, සපත්තු දෙකකුයි දුන්නා. එතකොට අපි යාළුයි කියලා කියලා තිබුණේ නැහැ. හැබැයි හිත්වලින් ආදරේ කරන්න පටන් අරගෙනයි තිබුණේ. මම ගාන ලිප්ස්ටික් එක ලස්සනයි කියලා මිලාන් මට කියලා තිබුණා. ඉතින් ඒ වර්ගයේම ලස්සනම ලස්සන ලිප්ස්ටික් එකකුයි, සපත්තු දෙකකුයි මිලාන් මට ගෙනත් දුන්නා. මාත් ඉතින් ඒකත් දාලා “මෙන්න මම ඒ සපත්තු දෙක දැම්මා කියලා ෆොටෝ එකතුත් අරගෙන එයාට ඒක යැව්වා.

 

මිලාන්ට මතකද මාධවී මුලින්ම දීපූ තෑග්ග...?

ඔව්... මාධවී මට ෂර්ට් දීලා තියෙනවා. හැබැයි වැලැන්ටයින් දිනයට මිලාන් මට “Blue-Tooth Speaker” එකක් තෑගි කළා. ඒකට මම මාර ආසයි...

 

මාධවීට කේන්ති යනවාද...?

ඔන්න ඉතින් ඒ ප්‍රශ්නය ඇහුවාහම නම් දෙන්නටම හිනා ගියා... 

ඔව්... කේන්ති නම් යනවා... මාධවීට කේන්ති යන වෙලාවට මම වැරැද්දක් කරලා නැත්නම් මාත් ඉතින් පොඩ්ඩක් ඒ ගැන කියවනවා. හැබැයි මගේ අතින් වැරැද්දක් වෙලා තියෙනවා නම් මම චුට්ටක් සද්ද නැතිව ඉන්නවා. හැබැයි ඉක්මනට ඒ කේන්තිය නිවෙනවා. කේන්තිය හිතේ තියාගෙන ඉන්නේනම් නැහැ.

 

මිලාන්ට කේන්ති යනවාද මාධවී...?

එහෙම ලොකුවට කේන්ති යන්නේ නම් නැහැ... එයාට හැමදේම පිළිවෙළට තියන්න ඕනේ. එයා පිළිවෙළට හරි ආසයි. අපි හිතන්නවත් නැති මට්ටමට එයා ඒ ගැන හිතනවා. මොකක් හරි ගත්තු බඩුවක් ආයෙත් තියද්දී ඒ විදිහටම තියන්න ඕනේ. ඒ වගේ පිළිවෙළක් එයා බලාපොරොත්තු වෙනවා...

 

මාධවීගේ විලාසිතා ගැන මිලාන්ට මොකද හිතෙන්නේ...?

මාධවී කරන විලාසිතා ගන්තොත් එයා එක දේකට කොටුවෙන විලාසිතා කරන කෙනෙක් නෙමේ. එයාට ගැලපෙන විලාසිතා මොනවද කියලා එයා දන්නවා. අලුත් විලාසිතාවන් ආවත් එයා ඒක එයාට ගැලපෙනවාද කියලා මුලින්ම බලනවා. මෙයා මගෙනුත් ඒ ගැන අහනවා.

 

ඔන්න ඒ වෙලාවේ මාධවීත් ඒ කතාවට එකතු වුණා.

මෙයා මට හරි ලස්සන ඇඳුම් ගෙනත් දෙනවා... ඇඳුම් තෝරණ හොඳ ඇහැක් මිලාන්ට තිබෙනවා...

 

මිලාන්... මාධවී එක්ක ගෙවන මේ අලුත් ජීවිතේ ගැන මොකද හිතෙන්නේ...?

අලුත් ජීවිතේ හොඳටම හොඳයි... ජීවිතේ අවබෝධය... අපි දෙන්නටම තිබෙනවා... අපි හැමෝම එකවගේ මිනිස්සු නෙවෙයිනේ. අපි හැමෝගාවම පොඩි පොඩි දුර්වලකම්, වැරදීම් තිබෙනවා... ඇතිවෙනවා... හැබැයි අපි දෙන්නාම ඒ දේවල් අවබෝධ කරගෙනයි ඉන්නේ. මායි මාධවීයි හරි සතුටින් ජීවත් වෙනවා... 

 

  ► Text - Dishani / Pic – Sumudu

 

2019-04-11-ent-129