කලින් තිබුණාට වඩා අද මේ කෂේත්‍රයට ලොකු පිළිගැනීමක් තියෙනවා
නිරූපිකාවක් ලෙස ක්ෂේත්රය තුළ දිගු ගමනක් යාමට අපේක්ෂාවෙන් පසුවෙන කෞවුෂි අකිත්මා සමගින් අද අපගේ තරු කතා බහ මෙළෙස එක්වූවාය. නිරූපණ ක්ෂේත්රය තුළ නිතර දකින කොවුෂි රංගනයටද යොමු වීමට දක්වන්න කැමැත්ත කි. ඒ පිළිබඳව ඇය අපිට පැවසුවේ මෙවැනි අදහස් කිහිපයකි
නිරූපණයට යොමු වෙලා දැන් වසරක් විතර වෙනවා. ඇත්තටම ඒක අහඹු සිදුවීමක්. විශේෂයෙන්ම මේ වෙලාවේ මතක් කරන්න ඕනා කසුන් මෙවන්ත, දිල්ෂාන් ජයසේකර, රෝෂන් සාගර වගේම ධණුෂ්ක ෆර්නැන්ඩෝ අයව. මොකද, ඔවුන් තමයි මගේ නිරූපණ ක්ෂේත්රයට එන්න ගොඩක් උදව් කළ අය.
කෞවුෂි දැනට කලා නිර්මාණවලට සම්බන්ධ වෙලා තියෙනවාද?
නිරූපණ ශිල්පිණියක් විදිහට ක්ෂේත්රයට ඇවිල් මම ලොකු කාලයක් නැහැ. ගෙවුණු කාලය තුළ මම වැඩිපුර දායක වුණෞ විලාසිතා නිර්මාණකරණයට. ගීත රූප රචනා, රූපවාහනි වෙළෙඳ දැන්වීම් කියන්නේ වෙනම පැත්තක්. මම ඊට වඩා ආස කරන්නේ නිරූපණ කටයුතුවල යෙදෙන්නේ.
නිරූපණ ක්ෂේත්රය ගැන මොකද හිතෙන්නේ?
සතුටුයි ගොඩක්. මොකද, කලින් තිබුණාට වඩා අද මේ කෂේත්‍රයට ලොකු පිළිගැනීමක් තියෙනවා කියලා හිතෙනවා. ඒ වගේම තමයි හැදෑරීමකින් යුතුව කැමැත්තෙන් මේ ක්ෂේත්රයට සම්බන්ධ වෙනවා නම් ඕනෑම කෙනෙකුට ලොකු වටිනාකමක් මේක තුළ තියෙනවා.
නිරූපිකාවක් විදිහට කෞවුෂිගේ අනාගතය කොහොම වෙයිද?
ඇත්තටම, නිරූපිකාවක් විදිහට මේ ක්ෂේත්රයට සාධාරණයක් කරන්නයි මට අවශ්‍යය කරන්නේ. ඒ වගේම හොඳම හා ජනප්‍රිය නිරූපිකාවක් කියනවාට වඩා මම කැමතියි මම දක්ෂ නිරූපිකාවක් කියලා මාව මේ ක්ෂේත්රය තුළ අඳුන්වනවට.
නිරූපණයට ඔබ සම්බන්ධ නොවුණා නම්?
පොඩි කාලේ ඉඳලා ආසාව තිබුණේ මේ පැත්තට යොමු වෙන්න. එහෙම නොවුණා නම් සමහර විට මම රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට වැඩ කරයි. නිරූපණ ක්ෂේත්රයට ආවට පස්සේ මගේ හිත ගියේ ඒ වෘත්තියට.
නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩ කරන්න ලැබුණ එක?
ගොඩක් සතුටු වෙනවා. මොකද, පොඩි කාලේ ඉඳලා මගේ තිබුණ එක්තරා හිනයක් තමයි ඒ. පොඩි කාලේ ඉඳලා තිබුණ හිනය අද සඵල වෙලා තියෙනවා.
උදව් කළ අය?
නම් වශයෙන් සඳහන් කළොත් ලොකු පිරිසක් ඉන්නවා. ඉතින් ඒ හැම දෙනාවම මේ වෙලාවේ මතක් කරනවා. විශේෂයෙන්ම මගේ පවුලේ අයව. ඊට පස්සේ ක්ෂේත්රයට එන්න මාවත විවර කරලා දුන්න කසුන් මෙවන්ත, දිල්ෂාන් ජයසේකර, රෝෂන් සාගර වගේම ධණුෂ්ක ෆර්නැන්ඩෝ අයව.