කලාවට යොමු වීම මා ගත්තු හොඳ තිරණයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-03-15-ent-125

වෘත්තියෙන් ගුරුවරියක් ලෙස කටයුතු කරන තිරාණ්‍යා අකාෂි මේ වනවිට නිරූපණ කටයුතු සඳහාද සම්බන්ධ වී සිටියි. දැනට ගීත රූප රචනාවක් සඳහාද සිය දායකත්වය ලබාදී ඇති ඇය මේ දිනවල ජනප්‍රිය ‘දෙවැනි ඉනිම’ ටෙලි නාට්‍යය තුළින්ද ඉදිරියේදී ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණීමට සූදානමින් සිටියි.

 

නිරූපිකාවක්ද? රංගන ශිල්පිණියක්ද?2018-03-15-ent-126

දැනට නම් නිරූපිකාවක් විදිහට කටයුතු කරනවා. එත්, ඉදිරියේදී රංගනය පැත්තට යොමු වෙන්න සූදානමින් ඉන්නවා.

 

ක්ෂේත්‍රයට ආවේ ඔබ මෑතකදී?

ඔව්, මාස තුනක් විතර ඇති නිරූපිකාවක් විදිහට කටයුතු කරන්න පටන් අරගෙන. නිරංජලා ලියනගේ අක්කාගේ මඟ පෙන්වීම මත තමයි නිරූපණ ක්ෂේත්‍රයට ආවේ.

 

වැඩ කරලාත් ඇත්තේ එහෙනම් ගොඩක් අඩුවෙන්?

ඔව්, ගීත රූපරචනාවක් සඳහා රංගනයෙන් දායක වෙලා තියෙනවා. ගීත රූපචානවට සම්බන්ධ වුණේ ජගත් කරුණාජිව අයියා. එහි මා සංගීත සතරසිංහ සමගින් රංගනයේ දායක වෙනවා. ගොඩක්ම කරලා තියෙන්නේ මනාලියක් විදිහට ඇඳලා ඡායාරූපවලට පෙනි හිටපු එක තමයි.

 

රඟපාන්න අදහසක් නැද්ද?

මේ දවස්වල ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන ‘දෙවැනි ඉනිම’ සඳහා සම්බන්ධ වෙන්න ආරාධනාවක් දැනට ලැබිලා තියෙනවා.

 

පුංචි කාලේ හීනේ උනේ?

නිතීඥවරියක් වෙන්න. කාලයත් එක්කම ඒ හිනේ සඵල කරගන්න බැරිවුණා. දැන්මම ඉංග්‍රීසි ගුරුවරියක් විදිහට වැඩ කරනවා.

 

කලාව පැත්තට සම්බන්ධ වෙන්න ලැබිම ගැන තිරණ්‍යාගේ අදහස?

මේක මම විනෝදයට කරන දෙයක්. මුලීකත්වට දෙන්නේ මගේ ගුරු වෘත්තියට. නමුත්, කාලව පැත්තට යොමු වෙන්න ලැබීම ගැන තියෙන්නේ ලොකු සතුටුක්. ඒ වගේම ඒක මම ගත්තු හොඳ තිරණයක් කියලත් හිතනවා.

 

ලැබෙන නිර්මාණ තෝරා බේරාගෙන කරනවා?

ඔව්, අනිවාර්යයෙන්ම තෝරා ගැනීමක් කරනව. කවුද කරන්නේ. මොකක්ද මට කරන්න තියෙන්නේ වගේ දේවල් ගැන ගොඩක් දුරට හිතනවා. මගේ අදහස්වලට හා සිමාවලට ගැළපෙනවා නම් අනිවාර්යයෙන්මහ වැඩ භාරගන්නවා. රැල්ලට යන්නවත් තරගයක්වත් මට නැහැ.

 

උදව් කරපු අය?

නම් වශයෙන් කිව්වොත් ගොඩක් කට්ටිය ඉන්නවා. මේ අයගේ නම් නම් නොකිය බැහැ. මුලින්ම ක්ෂේත්‍රයට එන්න අතදීපු නිරංජලා ලියනගේ, දමිතු රූපසිංහ, ඔෂාන් බණ්ඩාර, ලක්ෂාන් දර්ශන, ඉෂාන් හා දර්ශන දෙන්නා, නිරංජලා විජේකෝන් අක්කා, නිරුක්ෂාන් ඒකනායක අයියා හා මගේ පවුල අය.

 

ඡායාරූප - සජීව ලක්ෂාන්

 

  2018-03-15-ent-127 2018-03-15-ent-128