කලාවට තමයි පොඩි කාලේ ඉඳලා මගේ කැමැත්ත තිබුණේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-02-20-ent-61

නිරූපණ ක්ෂේත්‍රයට නවකයෙකු වු කේෂරි වැලිකලගේ අද ‘සාරවිට’ තරු කතා බහට අපි මෙළෙස සම්බන්ධ කරගත්තේමු. ඉතා කෙටි කාලයක් තුළදී නිරූපණ ක්ෂේත්‍රය තුළ කතා බහට ලක්වූ නිරූපිකාවක් වන කේශරි ඉදිරි කාලයේදී කලා නිර්මාණවලට රැසකට එක්වීමට සූදානමින් සිටියි. මේ ඇය සමග කළ කතාබහයි.

 

ඔභ නිරූපිකාවක් වෙන්නේ?2019-02-20-ent-59

ලොකු කාලයක් නම් නැහැ නිරූපණ ක්ෂේත්‍රයට ඇවිල්ලා. ගිය වසරේ මැද වගේ තමයි ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. ‘යංන්ග් බියුට් ඔෆ් ශ්‍රී ලංකා’ කියන පැජන්ට් එකට සහභාගි වෙලා වුණා. ඊට පස්සේ තමයි නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ.

 

පැජන්ට් එක ගැන විස්තර කියමු?

ගිය වසරේ දෙසැම්බර් 4 වැනිදා තමයි මේ පැජන්ට් එක තිබුණේ. ප්‍රසාද් හේවගේ මහත්මයා තමයි මේ පැජන්ට් එක සංවිධානය කරලා තිබුණේ. එහි මම ‘මිස් පොටෝජනික්’ විදිහට තේරුණා.

 

දැනට කේශරි කලා කටයුතු වලට දායක වෙලා තියෙනවා?

නැහැ, මොකද ක්ෂේත්‍රයට ඇවිල්ලා තාම මට වැඩක් කරන්න කාලයක් තිබුණේ නැහැ. ගොඩක් වෙලාවට මම කළේ පැෂන් ෂෝ වලට දායක වුණ එක පමණයි. නමුත්, ඉදිරියේදී මට වැඩ කිහිපයක්ම ඇවිල්ලා තියෙනවා. බෙහෝ දුරට ඒ හරහා මාව ඉදිරියේදි දකින්න පුළුවන් වේවි.

 

නවකයෙක් විදිහට නිරූපන ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම, හොඳ ක්ෂේත්‍රයක් හැටියට මම නිරූපන ක්ෂේත්‍රය දකිනවා. අද වෙන කොට මේ ක්ෂේත්‍රයට ලොකු පිළිගැනිමක් තියෙනවා. ඒ වගේම නිරූපිකාවකට ලොකු වටිනාකමක් ලැබිලා තියෙනවා. හොඳට වැඩ කළොත් ඉදිරියට යන්න පුළුවන් ක්ෂේතයක් මේක.

 

කලාව පැත්තට යොමු වීම ගැන?

ඇත්තටම කලාවට සම්බන්ධ වෙන්න මට ලොකු ආසාවක් තිබුණා. ඒත්, මම කවමදාවකවත් හිතුවේ නැහැ මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබෙයි කියලා, නමුත්, මගේ වාසනාවකට ‘යංන්ග් බියුට් ඔෆ් ශ්‍රී ලංකා’ කියන පැජන්ට් එක හරහා මේ ක්ෂේත්‍රයට මට අහම්බෙන් එකතු වෙන්න අවස්ථාව ලැබුණා. ගොඩක් සතුටුයි ඒ ගැන.

 

මේ ක්ෂේත්‍රයට සම්බන්ධ නොවුණා නම්?

කවුරු වෙයිද කියලා හිතාගන්න බැහැ. පාසල් කාලේ ඉඳලා හැබැයි ගොඩක්ම කැමැත්ත තිබුණේ මගේ කලාවට පැත්තට යොමු වෙන එක තමා.

 

මොනවද ඉලක්ක?

ලොකු කාලයක් නැ මම මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා ඉතින් ලොකු ගමනක් මේ ක්ෂේත්‍රය තුළින් යන්න තමයි බලාපොරොත්තුව‍් වගේම එකක් කියලා නැහැ ගොඩක් ඉලක්ක තියෙනවා මේ ක්ෂේත්‍රය තුළින් මට සපුර ගන්න.

 

උදව් කළ අය?

මම මේ තැන ඉන්නේ මගේ යාළුවන්ගේ උදව්වලින්. ඊට අමතරව මගේ පවුලේ අය නිතරම වගේ මට උදව් කරනවා මගේ වැඩවලට. ඒ හැම දෙනාම මේ වෙලාවෙදී ආදරයෙන් මතක් කරනවා.

 

බුද්ධික සේනාධීර

 

 2019-02-20-ent-60 2019-02-20-ent-58