කලාවට කැමති අක්කයි නංගියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘අනගි’ වෙළෙඳ දැන්වීම් තුළින් අතිශය ජනප්‍රිත්වයට පත් ටනාෂා සතරසිංහ මේ වනවිට සිනමා නිළියක ලෙස කටයුතු කරන්නීය. නිරූපිකාවක මෙන්ම රංගන ශිල්පිනියක ලෙසද කටයුතු කරන තනාෂාගේ කුලුඳුල් සිනමා රංගනය ‘රන් දේදුන්න’ චිත්‍රපටය හරහා දැකගැනීමට හැකිවිය. මේ දිනවල ඇයගේ පවුලෙන් තවත් කෙනෙකු කලාවට එකතු වී තිබේ. ඒ ඇයගේ නැඟණිය වන විෂිනි සතරසිංහය.

20170119Tanasha_1ටනාෂා මේ දවස්වල මොකද වෙන්නේ?

සුපුරුදු විදියට නිරූපණ කටයුතු කරගෙන යනවා.

 

ඔබ දායක වුණ චිත්‍රපටයක් ප්‍රදර්ශනය වුණා. ලැබෙන ප්‍රතිචාර කොහොමද?

එය මගේ පළමු චිත්‍රපටය. ඒ සඳහා ලැබුණ ප්‍රතිචාර ගොඩක් හොඳයි. බොහෝ අයගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉන්පසුව මම ‘බඹර වසන්තය’ කියලා චිත්‍රපටයකට දායක වුණා, චන්න පෙරේරා සමග තමයි එහි රඟපෑවෙ. තවත් චිත්‍රපටයක් කළා, ඒ චන්න පෙරේරා අයියගෙම ‘පුංචි වීරයෝ’ චිත්‍රපටයෙ. ඒ චිත්‍රපට දෙකම මේ අවුරුද්දෙ ප්‍රචාරය වේවි.

 

නිරූපණ ක්ෂේත්‍රයේ සිටි ඔබ සිනමාවේ පෙම්වතියක් වෙලා. ඒ ගැන මොකද හිතෙන්නේ?

එහිදී ලොකු අභියෝගත් තියෙනවා. අපට හමුවෙන හැම රංගන ශිල්පියෙක්ම එක වගේ නෙවෙයි. Script එකේ තියෙන විදියට චරිතත් එකිනෙකට වෙනස්. රොෂාන් අයියත් එක්ක ‘රන් දේදුන්නක්’ චිත්‍රපට‘යෙ රඟපෑවෙ බය නැතිව අභියෝවලට මුහුණදෙන චරිතයක්.

එහෙත් ‘බඹර වසන්තය’ චිත්‍රපට‘යේ ධනවත් පවුලක අහිංසක දියණියක්ගෙ චරිතයක් තමයි මම රඟපෑවෙ.

 

මේ වනවිට ඔබේ සහෝදරියත් දැන් කතාබහට ලක්වෙන චරිතයක් වෙලා. ඒ ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම ගොඩක් සතුටුයි. අපි ඒ සිංදුව කළේ නංගිගෙ උපන්දිනයට. ඒ ගීතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

 

නංගිගෙ උපන්දිනයට සිංදුවක් කරන්න හිතුවේ ඇයි?

එයා පුංචිකාලෙ ඉඳන්ම ගිටාර් එක ප්ලේ කරකර සිංදු කියනවා. එයා නිවුන්නු. අනිත් නංගිට වෙනම තෑග්ගක් දුන්නා. අම්මා හිතුවා මෙයාට දෙන්න පුළුවන් හොඳම තෑග්ග ගීතයක් කියලා.

20170119Tanasha_2
ඔයාලා දුන්න මේ තෑග්ගෙන් නංගි සතුටු වුණාද?

එයා මුලදි ටිකක් අදිමදි කළා. මොකද පළවැනි වතාවට පිටකෙනෙක් ඉස්සරහා  සිංදු කියන්න යන නිසා. සත්සර අයියා සහ අමිත් අයියා තමයි එයට උදව් කළේ.

 

ඔයාගේ ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

කරන දේ හරිවිදියට කරලා ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව වෙන්නේ.

 

Dilan Chryshantha / Pix - Chanuka Kulasekara