කලාවක් විදිහට නම් නිරුවත් නිර්මාණ කිසිම ගැටළුවක් නැහැ
ඔබ ගැන හඳුන්වලා දුන්නොත්?
මගේ නම නිමාෂා සෙව්වන්දි. මගේ පදිංචිය කැළණිය. දැනට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා ඉන්නවා.
මේ වනවිට දායක වෙලා තිබෙන නිර්මාණ ගැන කිව්වොත්?
පන්සිළු මනෝහරගේ 'දේවාශිර්වාදයෙන්', මංජුල පුෂ්පකුමාරගේ 'මගේ හුස්ම අරන්', රංග ප්‍රියශාන්තගේ 'අප්පච්චී', මායා රොද්‍රිගෝගේ 'ඔයා දන්නේ නැද්ද' ඇතුළු මියුසික් වීඩියෝ රැසකටම රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. ඊට අමතරව බ්‍රයිඩ්ල් ෂූට්, ෆොටෝ ෂූට් වලට දායක වෙලා තිබෙනවා. මම ටෙලි නාට්‍යවලට එකතු වෙන්න බලාපොරොත්තුවක් නැහැ.
ඇයි ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න අකමැති?
මෙහෙමයි. මට ගොඩක් වෙලාවට මගේ අධ්‍යාපන කටයුතුත් සමග ඒ වගේ විශාල නිර්මාණවලට වෙලාවක් වෙන් කරගන්න අමාරුයි. මම රංගනය පැත්තෙන් ඉස්සරහට යන්න බලාපොරොත්තුවක් නැහැ.
වෘත්තීමය වශයෙන් කලාවේ නිරත වෙන්න බලාපොරොත්තුවක් නැද්ද?
නැහැ. මගේ ආත්ම තෘප්තිය සඳහා විතරයි මම නිරූපණයේ වැඩ කරන්නේ.
නිරූපණය කියන්නේ පොඩි කාලේ ඉඳලාම තිබුණු හීනයක්ද?
නැහැ. ඇත්තටම මගේ පොඩි කාලේ ඉඳලාම හීනයක් වෙලා තිබුණේ නිවේදිකාවක් වෙන්නයි. ඒත් මට ඒක ඉටු කරගන්න බැරි වුණා.
එතකොට දැන් නිවේදන සිහිනය අත්හැරලාද තියෙන්නේ?
නැහැ. ඒ පිළිබඳව අධ්‍යාපනය හදාරලා එකතු වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.
අද වෙද්දි නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳව දකින්නේ කොහොමද?
හොඳයි. ඕනම ක්ෂේත්‍රයක වැරදි මිනිස්සු ඉන්නවා, හොඳ මිනිස්සු ඉන්නවා. තමන් හරියට මිනිස්සු ආශ්‍රය කරනවා නම් ඕනම ක්ෂේත්‍රයක හොඳින් ඉන්න පුළුවන්. නරක අයට කොහෙත් නරකයි.
නිරූපිකාවක් වුණාම නිරුවත්, අඩ නිරුවත් නිර්මාණවලට දායක විය යුතුමද?
ඒක කලාවක්. කලාවක් විදිහට කරනවා නම් නිරුවත් අඩනිරුවත් නිර්මාණ කිසිම ගැටළුවක් නැහැ. නමුත් මම පෞද්ගලිකවම නිරුවත් අඩනිරුවත් නිර්මාණවලට දායක වෙන්නේ නැහැ.
ජීවිතේ තියෙන ලොකුම බලාපොරොත්තුව මොකද්ද?
මට සැලොන් එකක් ආරම්භ කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා. බොහෝවිට ඒක ලබන වසරේදී ආරම්භ කරන්න හැකි වේවි. නිරූපණ ක්ෂේත්‍රයේ ඉස්සරහටම යනවා. ඒ වැඩ නවත්තන්නේ නැහැ.
උදව් කරපු පිරිස ගැන කිව්වොත්?
මගේ දෙමව්පියෝ ඇතුළු පවුලේ අයව මතක් කරන්න ඕනේ. එතකොට මගේ මුල්ම ෆොටෝෂූට් එක කරපු ඉමේෂ් නුවන්ධික අයියාවත් මතක් කරන්න ඕනේ. උදව් කරපු අය නම් ගොඩක් ඉන්නවා. විශේෂයෙන් මාත් එක්ක වැඩ කරපු ඡායාරූප ශිල්පියෝ, අංග රචනා ශිල්පියෝ, අධ්‍යක්ෂවරු, නිරූපණ ශිල්පියෝ හැම කෙනෙක්ම මට උදව් කරනවා. ඒ හැමෝවම මම මතක් කරනවා.
කැළුම් දේවින්ද