කලාව විනාශ කරන කොටසක් ඉන්නවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-08-27-ent-102

නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රයට එක්වූ ගයාත්‍රි කාංචනමාලී මේ වනවිට රංගන ශිල්පිනියක් ලෙසද කටයුතු කරමින් සිටියි. මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයකම දකින ගයාත්‍රි, හර්ෂ උඩකන්ද විසින් අධ්‍යක්ෂනය කළ ‘කොළඹ සන්නිය රිටන්ස්’ චිත්‍රපටය හරහා ලාංකේය සිනමාවටද එක්වීමට සූදානමින් සිටියි. මේ ඒ පිළිබඳව ගයාත්‍රි ‘සාරවිට’ අපිට මෙසේ අදහස් දැක්වීය.

 

මේ දිනවල අලුත් ටෙලියක ඔබ වැඩ කරනවා?2018-08-27-ent-105

ඔව්, නිරෝෂන් ඉල්ලප්පේරුම අයියා කරන ‘ධාරණි’ කියන ටෙලි නාට්‍යයක.

 

පසුගිය දිනවල ඔබව අපි ටෙලි නිර්මාණවල නිතර දැක්කා?

ඔව්, ‘සංසාරා’, ‘මිල්ලෑව වලව්ව’, ‘පිනි’ හා ‘අහස් මාලිගා’ කියන ටෙලි නාට්‍යයවල. කොහොම නමුත්, ඒවායේ මං රඟපෑවේ ඉතා සුළු චරිත.

 

රියලටි වැඩසටහනක් ගයාත්‍රි ඉන්නවා?

ඔව්, ‘හිරු’ නාලිකාවේ යන ‘තාත්වික’ කියලා රියලටි වැඩසටහනකට දායක වෙනවා. නැවතත් එිහ වැඩ කටයුතු ආරම්භ වෙන්නේ ලබන මාසේදී.

 

චිත්‍රපටයකුත් එන්න තියෙනවා?

‘කොළඹ සන්නිය රිටන්ස්’ කියලා. එහි මා නිරූපණය කරන්නේ ගීත කුමාරසිංහ මහත්මිය කළින් ‘කොළම සන්නිය’ චිත්‍රපටයේ රඟපෑ චරිතය. මෙහි මා සමගින් සරත් කොතලාවල, සැනට් දික්කුඹුර, රජිත හිරාන්, මේනක මධුවන්ති, කුමුදු අධිකාරි රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ හර්ෂ උඩකන්ද අයියා.

 

පුංචි කාලේ හීනේ වුණේ?

බැංකු කළමණකාරිණියක් වෙන්න. ඒ වගේම නිළියක් වෙන්නත් කැමැත්තක් තිබුණා මතක ඇති කාලේ ඉඳලාම. දැන් ආසයි ව්‍යාපාරයක් කරන්නත්.

 

කාන්තාවක්ට කලා ක්ෂේත්‍රය ගැළපෙනවාද?

එහෙම කියන්නේ කොහොමද? තමන්ගේ තත්ත්වේ තියාගෙන තමන්ගේ පාඩුවේ වැඩ කරගත්තොත් මේ ක්ෂේත්‍රය ඕනෑම කෙනෙකුට ගැළපෙනවා.

 

ගොඩක් අය අද කෙටි මාර්ගවලින් ඉදිරියට එනවා?

ඔව්, ඉතින් ඒක ඒ අයගේ කැමැත්ත. නමුත්, ප්‍රමිතියක් නැහැ.

 

අයුතු යෝජනා ඇවිල්ලා නැද්ද?

එකක් දෙකෙක් නෙවෙයි ගොඩක් ඇවිල්ලා තියෙනවා.

 

ඒවාගේ දේවල් නිසා මේ ක්ෂේත්‍රයට ආපු එක අපරාදයක් කියලා හිතෙන්නේ නැද්ද?

හිතෙන වාර ගනන් අසීමිතයි. ගොඩක් කලකිරිමෙන් මේ ක්ෂේත්‍රය ගැන හිතන්නේ. කලාව විනාශ කරන කොටසක් ඉන්නවා මේ ක්ෂේත්‍රය තුළ.

 

2018-08-27-ent-100 2018-08-27-ent-101  2018-08-27-ent-103 2018-08-27-ent-104  2018-08-27-ent-106 2018-08-27-ent-107