කලා ක්‍ෂේත්‍රයෙහි all rounder කෙනෙක් වෙන්න ආසයි
නිරූපණයට එක්වූ අලුත්ම තාරකාවිය පූජා පෙරේරායි. ඇය රංගනයට මෙන්ම නිරූපණයට එක ලෙස දස්කම් දක්වන අතර, චිත්‍රපට හඬ කැවීම් ශිල්පිනියක ලෙසද කටයුතු කරයි. ඇගේ කලා කටයුතු හා ඉදිරි බලාපොරොත්තු සම්බන්ධයෙන් පැවසීමට ‘සාරවිට’ සමග එක්කාසුවූ මොහොතකි මේ.
ඔයා ගැන පුංචි හැඳින්වීමක් කරන්න.
මගෙ නම පූජා පෙරේරා. වයස 21 යි. මම දැනට මෝස්තර නිරූපණයට හා රංගනයට කටයුතුවල නිරතවන ක්ෂේත්‍රයට අලුත් කෙනෙක්.
ඔබ මේ ක්ෂේත්‍රයන්ට එකතු වෙන්නෙ කොයි කාලෙ වගේද?
දැනට මාස 5ක් වගේ ඇති. හැබැයි ඒ කාලය ඇතුළත field එකේ තෘප්තිමත් වෙන්න පුළුවන් විදියෙ වැඩ ටිකක් කළා. ඒ කියන්නෙ music videos, paper covers, ඉස්සරහට එන්න තියන film එකක ඩබින් වගේ දේවල් කළා. ඒත් යන්න තව ලොකු ගමනක් තියෙනවා.
ඔබ වෙනත් රැකියාවක යෙදෙන ගමන්ද මේ සඳහා යොමුවෙලා තියෙන්නෙ?
මම ඉස්සර රැකියාවක් කළා. මම ටෙලි මාර්කටින් කළේ. හැබැයි දැන්නම් ඒකෙන් ඉවත්වෙලා තියෙන්නෙ. මොකද FULL TIME ACTING AND MODELING කරන්න ඕනෙ නිසා.
ඔබ හිතන් ඉන්නෙ වෘත්තිය වශයෙන් ඒ පැත්තෙන් ඉදිරියට යන්නද?
ඔව්, වෘත්තිය වශයෙන් රංගන ශිල්පිනියක් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.
මේ සඳහා කාලයක් ගිහින් එකතු වෙන්න හිතුවෙ ඇයි?
ඒක අහම්බෙන් වුණ දෙයක්. මෙහෙමයි දැන් ඒක FB එකේ දාලා තියන මගෙ ෆොටෝ දැකලා 2016 දෙසැම්බර් වගේ Photographer කෙනෙක් මට කථා කළා photo shoot එකක් කරමු කියලා. ඊට පස්සෙ ඒ shoot එකෙන් පස්සෙ තමයි මට ෆීල්ඩ් එකට එන්න් ආසාවක් හා උනන්දුවක් ඇති වුණේ. ඔය අතරේ තමයි හරි creation ආයතනයෙන් කරපු music videosවලට දායක වෙන්න ලැබුණෙ. ඉතින් දැනට music videos 3කට පමණ දායක වෙලා තියනවා. දැන් ඒ පැත්තෙන් ඉදිරියට යන්න කැමති.
ක්ෂේත්‍රය පිළිබඳව ඔබට මොකද හිතෙන්නේ?
මෙහෙමයි ඒ ගැන කථා කරන්න තරම් මට ලොකු අත්දැකීමක් නැහැ. හරි විදියට නම කැත කරගන්නෙ නැතුව දුර ගමනක් යන්න ඕනෙ.
නම කැත කරගන්නවා කියන්නෙ? මේ ක්ෂේත්‍රය තුළ ඒ වගේ දේවල් වෙනවාද?
මට ලැබෙන ආරංචිවලින් හා මගෙ යාළුවන්ට වෙලා තියන දේවල්වලින් මම දැකලා තියන දේවල්වලින් ඔය gossip හරහා, ඒ කියන්නෙ තමන්ගෙ ප්‍රතිරූපය තමන්ම තමයි නැති කරගන්නෙ. ඒ කියන්නෙ තැනකට ගියාම හරියට හැසිරෙන්න ඕනෙ විදිය, ඒ හැමදේම බලපානවා සහ වැඩක් කරගන්න ඔනෙ කියලා තව කෙනෙකුට පන්දම් අල්ලගෙන ඉඳලාවත් director එක්ක ඉඳලාවත් එහෙම කරගන්න වැඩවලින් කිසිම වැඩක් නැහැ. තමන් talent එකෙන් තමයි ඉස්සරහට යන්න ඕනෙ.
ඔබ හිතන විදියට නිරූපණයට හා රංගනයට ලස්සන හා වාසනාව බලපාන්නෙ නැද්ද?
අනිවාර්යයෙන්ම බලපානවා. මොකද අපි කාට හරි පන්දම් අල්ලගෙන හරි director එක්ක ඉඳලා හරි ඉස්සරහට ගියොත් ඒක ටික කාලයයි. ඒක එක වැඩකට දෙකකට වෙන්න පුළුවන් ඊට පස්සෙ අපට talent එකක් නැත්නම් කීයටවත් ඉස්සරහට යන්න බෑ. අනිවාර්යයෙන්ම ලස්සන හා වාසනාව තියෙන්නම ඕනෙ.
හැකියාව උපතින්ම එන්නෙ නැහැ ඉගෙනගන්න ඕනෙ මේ දේවල් ගැන මොකද හිතන්නෙ?
ඔව් අනිවාර්යයෙන්ම ගොඩක් මම රංගනය පැත්තෙන් ඉදිරියට යන්න ආසාවෙන් ඉන්නවා. ඒ නිසා අනිවාර්යයෙන්ම හැදෑරීමක් කරන්න සූදානමින් ඉන්නවා.
දැනට දායකවෙලා තියන වැඩකටයුතු මොනවාද?
දැනට මම music videos 3 කට පමණ රංගනයෙන් දායක වෙලා තියෙනවා. ‘හරි creation’ ආයතනයේ. උදේනි කෝට්ටේගොඩ කියලා අලුත් ගායිකාවකගේ ‘හිත හදාගන්න’ කියන ගීතයට ඒ වගේ වැඩ දෙකක් පමණ ඉදිරියට එන්න තියෙනවා. ඊට අමතරව paper covers කරලා තියෙනවා. ඒ වගේම අලුතින් එන්න තියන Movie එකක ඩබින්වලටත් සහභාගීවෙලා තියෙනවා.
මේ ක්ෂේත්‍රයන් තුළ හඬකැවීමේ ශිල්පිනියක් විදියටත් කටයුතු කරනවාද?
කලාව කිව්වාම මෝස්තර නිරූපණය රංගනය නර්තනය ඩබින් ගායනය මේ හැමදේම තියෙන all rounder කෙනෙක් වෙන්නයි මට ඕනෙ. ඉතින් අපි බලමු.
අද නවක ශිල්පිනියන් ගොඩක් ඉන්න නිසා වෘත්තිය වශයෙන් යැපෙන්න මේ මාර්ගය ප්‍රමාණවත් කියලා ඔයා හිතනවාද?
මෙහමෙයි දක්ෂතාවය හා වාසනාව තියෙනවානම් අනිවාර්යයෙන්ම පුළුවන්. හැබැයි මම කැමති වෘත්තිය රංගන ශිල්පිනියක් වෙන්න. ඒ වගේම මට මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්නත් ආසාවක් තියනවා. බලමු අපි ඉස්සරහට.
අවසාන වශයෙන් අපට කියන්න ඔබේ ඉදිරි කටයුතු හා බලාපොරොත්තු?
මුලින්ම කියන්න ඕනෙ මම කැමතියි මෝස්තර හා රංගන ශිල්පිනියක් විදියට ඉදිරියට යන්න. දවසක දක්ෂතම නිළිය කියන සම්මානය ගන්නවා කියන අධිෂ්ඨානය තියෙනවා. ඉතින් එතැනට යන්න උපරිම මහන්සි වෙනවා හා කැපකිරීම් කරනවා. ඒ වගේම TV presenting පැත්තටත් ගොඩක් ආසයි අපි බලමු ඉස්සරහට.
ඔබට උදවු කරපු අය මතක් කරන්න.
ඉස්සරලම අම්මයි තාත්තයි මතක් කරන්න ඕනෙ. මොන වැඩේ තිබ්බත් මට shoot එකක්නම් අපේ අම්මා එනවා. ඒ වගේම ෆීල්ඩ් එකට එන්න මුලින්ම උදවු කරපු ජානක අයියාට ගොඩක් ස්තූතියි. ඒ වගේ තමයි හරි creation ආයතනයේ ඇන්ටන් අයියා හා වචනෙකින් හරි උදවු කරපු මගෙ යාළුවො නෑදෑයො හැමෝටම ගොඩක් ස්තූතිවන්ත වෙනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - දිෂ්ණ ධර්මරත්න