කලා ක්ෂේත්‍රය ගැන නම් මට තාම ලොකු ඇත්දැකිමක් නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20201026Suraweera (3)

වර්තමානයේ රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන දුෂ්‍යන්ති සුරවීර කලා ක්ෂේත්‍රයට නවකයෙකි. දැනට ටෙලි නාට්‍ය්‍ය හා ගීත රූප රචනා බොහෝමයකට සිය දායකත්වය සපයා ඇති ඇය ඉදිරියේදී තවත් කලා නිර්මාණ රැසකින් ප්‍රේක්ෂක ඔබට දැකබලා ගත හැකිය. මේ ඇය 'සාරවිට' අප සමග සිය කලා තොරතුරු බබොදාහදාගත් හැටි..

කලා ක්ෂේත්‍රයට ඔබගේ පිවිසිම සිදුවන්නේ කොහොමද?

කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා නම් තවම ලොකු කාලයක් නැහැ මම.

කලාවට සම්බන්ධ වෙන්න ආසාවක් තිබුණාද? නැත්නම් අවස්ථාව ලැබුණේ අහම්බෙන්ද?

මම පුංචි කාලේ ඉඳලම කලාවට ගොඩක් කැමති කෙනෙක්. ඉතින් මම කලාවට සම්බන්ධ වුණේ අහම්බෙන් නෙවෙයි. පොඩි කාලේ ඉඳලම කලාව තුළින් ලොකු ගමනක් යන්න හීන දැකපු කෙනෙක් .

වර්තමාන කලා ක්ෂේත්‍රය ගැන ඔබ දරන අදහස මොන වගේද?

කලා ක්ෂේත්‍රය ගැන නම් ලොකු අත්දැකීමක් නැහැ මට තාම. නමුත්, ලබපු අත්දැකීම් තුළින් මම යමක් ඉගෙන ගත්තා කියලා හිතනවා. ඒ වගේම තවත් මට මේ ක්ෂේත්‍රය තුළ ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා කියලත් හිතෙනවා. මේ ක්ෂේත්‍රය තුළ ඕනැම කෙනෙකුට බුද්ධියෙන් සහ දක්ෂතාවයෙන් යා හැකිනම් ලොකු ගමනක් යන්න පුළුවන්කියලා මම විශ්වාසය කරනවා.

දායක වුණ නිර්මාණ මොනවද?

ලන්සුපතිනියෝ, අඩෝ කියන ටෙලි නාට්‍යයවලට දායක වුණා. ඒ වගේම මියුසික් වීඩියෝ කිහිපයකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ වගේම නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා මේ වෙනකොට. ඒවාට ඉදිරියේදී සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.

කලාකාරිනියකට අද තියෙන පිළිගැනීම කොහොමද?

කලාව කියන්නේ අපේ ජීවිත වලට ලැබුණ ආශිර්වාදයක්. හොඳ කලකාරිනියකට අද වෙනකොට තියෙන සමාජ පිළිගැනීම ගොඩක් හොදයි. සමහර අවස්ථා වල එක් එක් පුද්ගලයින්ගේන් සිදු වල වැරදි නිසා සමස්ත කලාකරුවන් කෙරෙහි යම් අනවබෝධක් මිනිස්සුන් තුළ ගොඩ නැගෙනවා. විශේෂයෙන් සමාජය තුළින් කලාකරිනියකට එල්ල වෙන බලපෑම වැඩි. කලා ගමනෙදි අපිට මේ සියලු අභියෝග වලට මුහුණදීමේ ශක්තිය අපිට තියෙනව නම් හොඳ ගමනක් අපිට යන්න පුළුවන් වෙයි කියල මම හිතනවා.

මේක වෘත්තියද? නැත්නම් වෙනත් වෘත්තිය වැඩ කරනවාද?

වෘත්තිමය වශයෙන් නොවුණත් අධ්‍යාපන කටයුතුත් එක්ක රංගනය වගේම නිරූපණය ක්ෂේත්‍රය තුළත් මම මේ වෙනකොට වැඩ කරනවා.මේ දවස්වල නම් ලංකාවෙ මේ වෙද්දි පැවැත්වන එකම beauty pagent එක දමිත් අංජු මහතා විසින් පවත්වන 2020 Royal king and Qween pagent එකේ අවසන් තරගකාරියන් 15 දෙනා අතරට තේරිලා ඉන්නවා. ඉතින් මම විශ්වාසය කරනවා මේ pagent එක මගේ ජීවිතේ ලොකු හැරවුම් ලක්ෂයක් වෙයි කියලා .

කලාවේ දිගටම රැඳෙන්නද අදහස?

මට පුළුවන් උපරිම කාලයක් මේ ක්ෂේත්‍රය තුළ හොඳ නමක් තියෙන කලාකරිනියක් විදිහට රැදිලා ඉන්න මම උත්සාහ කරනවා.

උදව් කරපු අය?

මට මේ ගමනට උදවු කරපු අය ගොඩක් ඉන්නවා. අධ්‍යක්ෂක පරාක්‍රම ඒකනායක,අධ්‍යක්ෂක අකිල ගරුසිංහ, නිෂ්පාදක කළමණාකරු තුෂාර සම්පත්, සහය අධ්‍යක්ෂක දනුෂ්ක ජයවර්ධන, සහය අධ්‍යක්ෂක කමල් දේශප්‍රිය, ජනිත් ශානක, සැන්ඩො හැරිස්, කලන ගුනසේකර, අමිල දිසානායක, ප්‍රසන්න මහගමගේ, සද්ධාමංගල සූරියබන්ඩාර සර් වගේම චේතනී විජේතුංග මිස් මේ වෙලාවේ මම ආදරයෙන් මතක් කරනවා.ඒ වගේම මගේ අම්මා, තාත්තා හා නංගී ගොඩක් මගේ කලා කටයුතුවලට උදව් කරනවා. ඒ අයත් මේ වෙලාවේදී ආදරයෙන් මතක් කර සිටිනවා.

බුද්ධික සේනාධීර

20201026Suraweera (1) 20201026Suraweera (2)  20201026Suraweera (4)