කලා ක්ෂේත්‍රය කියන්නේ හරි සූන්දර තැනක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200709-99

"ජීවිතේ ඇතිතුරා" ටෙලි නාට්‍යයේ "හිමිදිරි" ලෙස ඔබේ ආදරය දිනාගත් සංජනා ගමාරාච්චි සමගින් අද "සාරවිට" අපි කතා බහා කළේමු. මේ දිනවල ටෙලි නාට්‍යය කිහිපයකින්ම දකින සංජනා නිරත්රයෙන්ම කලා ක්ෂේත්‍රය තුළ කතා බහට ලක්වන යොවුන් රංගන ශිල්පිනියකි. මේ සංජනා අප ඇසු ප්‍රශ්න වල දැක්වූ ප්‍රතිචාරයන්..ENT-20200709-100

 

සංජනා කියන්නේ අවුරුදු කුමරියක්?

ඔව් මම අවුරුදු කුමාරියක්. මුලින්ම මම අවුරුදු කුමරිය තරගයකට ඉදිරිපත් වුණේ 2018 වසරේ. ඒ %හිරු අවුරුදු^ කුමරිය තරගයට. එහි මට අවසන් දහ දෙනා අතරට එන්න අවස්ථාව ලැබුණා. නමුත්, මම අවුරුදු කුමරියක් ලෙස ජයග්‍රහණයක් ලබාගත්තේ පසුගිය වසරේ තිබුණ %දෙරණ අවුරුදු^ කුමරිය තරගයෙන්. එහි මම තුන්වැනියා වුණා.

 

කලා ක්ෂේත්‍රයට ඔබ පිවිසුණේ මේ ජයග්‍රහණ හරහාද?

ඔව් %අවුරුදු කුමරිය^ ලෙස ඉදිරිපත් වුණාට පස්සේ තමයි මම කලාවට පිවිසුණේ. 2018 වසරේ %හිරු අවුරුදු^ කුමරිය තරගයෙන් මම ජයග්‍රහණයක් ලබා නොගත්තාට බොහෝ දෙනෙකු මාව අඳුන ගත්තා. ඒ තරගය අවසන් වුණාම මට ගොඩක් ආරාධනා ලැබුණා රූපවාහිනි වෙළෙඳ දැන්වීම්වලට පෙනී ඉන්න. වෙළෙඳ දැන්වීම්වල පෙනී ඉන්නවා දැකලා තමයි මට ආරාධනා ලැබුණේ රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරන්න.

 

නාලිකාව "අවුරුදු කුමරියක්" වීම රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරන්න අපහසුවක් නේද?

නාලිකාවලින් මොකක් හරි කරන කොට ගිවිසුම් තියෙනවා. නමුත්, මට නම් එහෙම ගිවිසුමක් නැහැ. හිරු එකේ අවුරුදු කුමරිය තරගයට සහභාගි වුණා. දෙරණේ %අවුරුදු කුමරිය^ තරගයේ තුන්වැනි ස්ථානය ලබාගත්තා. හැබැයි රංගන ශිල්පිනියක් විදිහට මාව අඳුන ගත්තේ ස්වාධින රූපවාහිනි නාලිකාව හරහා.

 

මුලින්ම ප්‍රේක්ෂකයෝ ඔබව දුටු නිර්මාණය මතකද?

ඔව්, මුලින්ම මම රංගන ශිල්පිනියක් විදිහට ප්‍රේක්ෂකයින් හමුවට ගියේ ස්වාධින රූපවාහිනි නාලිකාවේ විකාශය වුණ %ජීවිතේ ඇතිතුරා^ ටෙලි නාට්‍යයේ %හිමිදිරි^ කියන චරිතය හරහා. මේ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළේ ශාන්ත සොයිසා මහත්මයා. %හිමිදිරි^ කියන චරිතයට තෝරගන්න තිබුණ තිර පරික්ෂණයට ගැණු ළමුන් 200ක් විතර සහභාගි වෙලා හිටියා. ඒ අතරින් තමයි මට මේ චරිතය ලැබුණේ. මම දවස් තුනක් විතර ගියා මේ පරික්ෂණවලට. තුන්වැනි දවසේ තමයි අධ්‍යක්ෂකතුමා කිව්වේ මාව මේ චරිතයට තෝරා ගත්තා කියලා.

 

පළමු රංගනයට ලැබුණ රසික ප්‍රතිචාර හොඳද?

ඉතාමත් හොඳයි. දැනට මේ ටෙලි නාට්‍යය විකාශය වෙලා අවසන් වුණත් අදටත් %හිමිදිරි^ කියන චරිතයට ලැබෙන ප්‍රතිචාර ඉහළයි. මේ අවස්ථාව දුන්න ශාන්ත සොයිසා මහත්මයා, මහේෂ් රත්සර අයියා වගේම මා සමග මෙම ටෙලි නාට්‍යයේ රඟපෑ ශ්‍රීයන්ත මෙන්ඩිස් මහත්මයා, පැතුම් රුක්ෂාන් අයියා මේ හැමෝටම ගොඩක් ස්තුති කරනවා.

 

නවකයෙක් විදිහට කලා ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

කලා ක්ෂේත්‍රය කියන්නේ හරි සූන්දර තැනක්. හරි විදිහට ඉඳලා හරි දේවල් කළොත් කලා ක්ෂේත්‍රය තුළ හොඳ ගමනක් යන්න පුළුවන් කියල මම විශ්වාස කරනවා. නවකයෙක් නොමෙයි ප්‍රවිණයෙකුට වුණත් කලාව කියන තැන ගොඩක් සූන්දරව දකින්න පුළුවන්.

 

අවුරුදු කුමරියක් වුණ පළියට ඔබට රඟපාන්න පුළුවන්ද?

අවුරුදු කුමරියක් වුණා කියලා රඟපාන්න පුළුවන් කියන මතයේ මම ඉන්නේ නැහැ. මොකද, කලාව කියන්නේ අද පටන් අරගෙන හෙට ඉගෙන ගෙන ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ ක්ෂේත්‍රය තුළ හැමදාම ඉගෙන ගන්න දේවල් තියෙනවා. නමුත්, මොකක්දෝ වාසනාවකට මගේ ඇඟේ රංගනය කියන දේ තියෙනවා කියලා මට හිතෙනවා. ඒකට හේතුව විදිහට මම දකින්නේ මම කරපු පළමු රංගනයට ලැබුණ රසික ප්‍රතිචාර ඉතාම ඉහළ නිසා. ඒ වගේම දැනට මම ටෙලි නාට්‍යය කිහිපයක වැඩ කරලා තියෙනවා. ඉතින් මට රඟපාන්න බැරිනම් මාව ඒ දේවල් වලට තෝර ගන්නේ නැහැනේ.

 

බුද්ධික සේනාධීර

ඡායාරූප - දුලීත ශ්‍රීනාත්

 

ENT-20200709-98