කලා ක්ෂේත්රරය තුළ තවමත් මා ඉන්නේ මුල් පියවරේ
රංගන ශිල්පිනියක් ලෙස දැනට කලා නිර්මාණ බොහෝමයක දැක ඇති ලක්නිමා උපේන්ද්රිම මේ දිනවල දෙරණ රූපවාහිනියේ විකාශය වෙන ‘මුතුලෙන්දොර’ ටෙලි නාට්යේය තුළද දකින්නට ලැබේ. එහි ඇය ‘සමදරා’ නම් චරිතය නිරූපණය කරනු ලබයි. එමෙන්ම ඉදිරියේදී තවත් කලා නිර්මාණ රැසකින්ම හමුවීමට සූදානමින් සිටින ලක්නිමා සමගින් අද අපි කතා බහා කළේමු.
කලා ක්ෂේත්රායට ඔබගේ පිවිසිම සිදුවන්නේ කොහොමද?
2019 වසරේ මම ‘මිස් ශ්රීස ලංකා’ රූපරාජිණි තරගයට ඉදිරිපත් වුණා. එහිදි ඇතිවුණ හඳුනාගැනීමක් හරහා තමයි මම කලාවට පිවිසුණේ.
නිළියක් වෙන හීනයක් ඔබට තිබුණේ නැ ඒ කියන්නේ?
තිබුණා. පාසල් අධ්යාරපනය ලබන කාලේ ඉඳලා ලොකු හීනයක් තිබුණා කලාවට සම්බන්ධ වෙන්න. විශේෂයෙන්ම රංගන ශිල්පිනියක් විදිහට වැඩ කරන්න. කොහොම හරි අහම්බෙන් මට මේ ක්ෂේත්‍ර යට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.
කලා ක්ෂේත්ර්ය ගැන ඔබගේ අදහස?
ගොඩක හොඳ ක්ෂේත්රයක් විදිහට මම කලා ක්ෂේත්‍ර ය දකිනවා. නමුත්, මේ ක්ෂේත්රිය තුළ රැඳිලා ඉන්න දක්ෂතාවය විතරක් මදි. වාසනාවත් තියෙන්න ඕනා කියලායි මම හිතන්නේ.
ලක්නිමා දැනට දායක වුණ නිර්මාණ මොනවද?
මුලින්ම මම රංගන ශිල්පිනියක් විදිහට වැඩ කළේ තිශූල තඹවිට අයියාගේ ‘මඩොල් කැලේ වීරයෝ’ කියන ටෙලි නාට්‍ය යේ. ඊට පස්සේ දෙරණ රූපවාහිනියේ විකාශය වුණ ‘කන්තෝරු මෝරු’ ටෙලි නාට්යටයට සම්බන්ධ වුණා. ඔය අතරේ පෝ දින දෙරණ නාලිකාවේ විකාශය වුණ ටෙලි සිනමා නිර්මාණයකටත් මම දායක වුණා. නමුත්, රංගන ශිල්පිනියක් විදිහට මගේ ජීවිතයේ ලොකු වෙනසක් සිදුවුණේ මේ දිනවල විකාශය වෙන ‘මුතුලෙන්දොර’ ටෙලි නාට්යියේ ‘සමදරා’ කියන චරිතයට දායක වෙන්න ලැබීමත් සමග. ඒ වගේම ස්වර්ණවාහිනියේ විකාශය වෙන ‘හදවතේ කතව’ ටෙලි නාට්‍ය ය තුළත් මාව දැන් දකින්න පුළුවන්. ඉදිරියේදී තවත් මා දායක වුණ ටෙලි නාට්‍යයයක් විකාශය වෙන්න තියෙනවා ‘කළු දළ රළ’ කියලා.
වෙනත් කලා කටයුතුවලට සම්බන්ධ වෙලා නැද්ද?
දෙරණ ලිට්ල් ස්ටාර් තරුවක් වුණ මවිෂා සන්සදිගේ ගීත රූප රචනාවකට මම පෙනී හිටියා. ඊට අමතරව ‘එයාර්ටෙල්’, ‘ඩී.එස්.අයි’ ඇතුළු රූපවාහිනි වෙළෙඳ දැන්වීම් කිහිපයකටම සම්බන්ධ වෙලා තියෙනවා.
රංගන ශිල්පිනියකට අද සමාජය තුළ පිළිගැනීමක් තියෙනවාද?
අපි හරි දේවල් සමාජයට දුන්නාම අනිවාර්යයෙන්ම අපිට හොඳ පිළිගැනීමක් තියෙනවා.
මේක ඔබගේ වෘත්තියද?
දැනට මම වෙනත් රැකියාවක් කරන්නේ නැහැ. හැබැයි මම රඟපාන එකත් වෘත්තියක් විදිහට කරන්නේ නැහැ. ඇත්තටම මම කලාවට ගොඩක් ආදරය කරන කෙනෙක්. ඒ නිසා මම මේකට සම්බන්ධ වෙලා ආසාවෙන් වැඩ කරනවා.
ඒ කියන්නේ කලාව තුළ දිගටම රැඳෙන්න අදහසක් තියෙනවා?
ඔව්, ලොකු ආසාවක් තියෙනවා කලාව තුළ ලොකු ගමනක් යන්න. තවමත් මා ඉන්නේ මෙහි මුල් පියවරේ. යන්න තියෙන ගමන ගොඩක් දුරයි මට මේ කලාව තුළ.
උදව් කරපු අයත් මතක් කරමු?
සහය අධ්‍යක්ෂක තරිඳු ඉලංගකෝන් තමයි මාව කලාවට සම්බන්ධ කළේ. ඒ වගේම සුරංග සතරසිංහ මහතා මට මේ කලාව තුළ යම් ගමනක් එන්න විශාල අතදීමක් කළා. ඔහු ගොඩක් දේවල් මට කියලා දුන්නා. කලාව ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තේ ඔහුගෙන් කිව්වොත් මා නිවැරදියි.
බුද්ධික සේනාධීර