කල්පනා කරලා වැඩකළොත්, ලොකු ගමනක් යන්න පුළුවන්
අහම්බයෙන් නිරූපණ ක්ෂේත්රයට පැමිණි මේ නව යොවුන් වියේ පසුවන රුවැත්තිය නමින් සොහානා ප්රනාන්දුය. ඇගේ නිරූපණ දිවිය ගැන කතා බහ කරන්නට ඇය ‘සාරවිට’ත් සමග පුංචි කතා බහක නිරතවීය. මේ එහි අවස්ථාවන් කිහිපයකි.
ඔයා ගැන පුංචි හැඳින්වීමක් කරන්න.
මගේ නම සොහානා ප්රනාන්දු. වයස අවුරුදු 18යි. තවම ඉගෙනීම් කටයුතු කරනවා. අම්මයි, මමයි මල්ලියි තමයි පවුලේ ඉන්නේ.
නිරූපණයට යොමුවීම සිද්ධ වෙන්නේ කොහොමද?
ඉමේෂා කියලා මගේ හිතවත් අක්කා කෙනෙකුගේ මාර්ගයෙන් තමයි ඒ දේ සිද්ධවෙන්නේ. එයා තමයි මාව මුලින්ම Event එකකට එක්කන් යන්නේ. ඒ පසුගිය වසරේ පැවැති ‘Sportex 2016’ සඳහා.
ඒ කාලය තුළ ඔබ කළ වැඩකටයුතු මොනවාද?
මගේ ඉගෙනීම් වැඩකටයුතු නිසා එහෙම ලොකු වැඩකොටසක් කළේ නැහැ. Photo shoot කිහිපයකට දායකවුණා. ඉදිරියේදී තවත් වැඩකටයුතු කිහිපයක් සඳහා ආරාධනා ලැබිලා තියෙනවා.
නිරූපණ ක්ෂේත්රයට පිවිසීම අහම්බයක්ද?
ඔව්, ඒක මට තිබුණ හීනයක් නෙවෙයි. අහම්බෙන් සිද්ධවෙච්ච දෙයක්.
ඉගෙනීම් වැටකටයුතුත් එක්ක නිරූපණ කටයුතු සඳහා කාලය වෙන්කරගන්නේ කොහොමද?
මම ඉගෙනීම් කටයුතුවලට තමයි මුල්තැන දෙන්නේ. ඒ නිසා ඒවාට බාධාවක් නොවෙන අයුරින් වැඩකටයුතුවලට දායක වෙනවා.
පවුලේ අයගෙන් ඔබගේ වැඩකටයුතු සඳහා ලැබෙන්නේ මොනවගේ සහයෝගයක්ද?
එයාලා කැමතියි මම ක්ෂේත්රයෙන් ඉස්සරහට යනවානම්. නමුත් නිරූපණ කටයුතු නිසා ඉගෙනීමේ කටයුතු අතපසු කරගන්න එපා කියලා තමයි එයාලා කියන්නේ.
ඔබ වෘත්තීය වශයෙන් තෝරාගන්න කැමති නිරූපණ ක්ෂේත්රයද?
වෘත්තීමය නිරූපිකාවක් වෙන්න තමයි ආසාව තියෙන්නේ.
ඔබේ අනාගත බලාපොරොත්තු හා වැඩකටයුතු මොනවාද?
කලින් කීවා වගේ නිරූපණ ශිල්පිනියක් වීම තමයි බලාපොරොත්තුව. ඊට පෙර ඉගෙනීම් වැඩකටයුතු හොඳින් අවසන් කරලා ඉන්න ඕන.
ක්ෂේත්රය ගැන මොකද හිතෙන්නේ?
කල්පනා කරලා හොඳින් වැඩකළොත් ලොකු ගමනක් යන්න පුළුවන්.
ඔබේ ගමනට උදවුකළ මතක්කළයුතු පිරිසකුත් ඇති. ඒ ගැනත් කියමු නේද?
විශේෂයෙන් ස්තූතිවන්ත වෙන්න ඕන මගේ අම්මට, තාත්තාට සහ මල්ලිට. ඒ ගොල්ලෝ තමයි මගේ ශක්තිය. මාව ක්ෂේත්රයට ගෙනාව ඉමේෂා ප්රනාන්දු අක්කා, Shade Mirror ආයතනයේ ජනරන්ජන පතිරණ සර් ඇතුළු මාත් එක්ක මේ දක්වා හිටපු සහ ඉන්න හැම දෙනාටම ස්තූතිවන්ත වෙනවා.
සටහන - දිනිත් කණිෂ්ක
ඡායාරූප - කවීත් මිලින්ද