කරන දේ හොඳ විදිහට හරියාකාරව කළොත් බැණුම් අහන්න වෙන්නෙ නෑ
නිරූපණය ක්ෂේත්රයට ඇය නවකයෙකි. ඇය නමින් ඉෂු සරන්යා වෙයි. ඇයගේ සිහිනය වන්නේ නිරූපණ ක්ෂේත්රය තුළ හරියාකාරව ඉදිරියක් ගොඩ නගා ගැනීමයි. මේ ඇය ‘සාරවිට’ සමග එකතු වූ මොහොතකි.
මුලින්ම ඔයා ගැන කිව්වොත්?
මගේ නම ඉෂූ සරන්යා. Freelance Model කෙනෙක් විදිහට තමයි.
කොයි කාලේද නිරූපණයට එකතු වෙන්නේ?
මං දැන නිරූපණට ඇවිත් මාස 4ක් විතර වෙනවා.
ඇයි නිරූපණයට එන්නේ?
විශේෂ හේතුවක් නැහැ. මේ දේ ගැන ආසාවක් තිබුණා. ඉතිං ඒකයි.
ගෙදරින් කැමැත්ත දුන්නද?
ඔව්, මං මේ දේ කරන්න කලින් ගෙදරින් මුලින්ම ඇහැව්වා. එයාලා කැමති වුණා මේ දේ කරනවට.
නිරූපණය ගැන හදාරනවාද?
ඔව් මම හදාරලා තියෙනවා.
කොහොමද එහි අත්දැකීම්?
ගොඩක් හොඳයි. අපිට මේ දේවල් ගැන ගොඩක් ඉගෙන ගන්න තියෙනවා.
ක්ෂේත්රය ගැන මොකද හිතෙන්නේ?
හොඳයි මං වරදක් දකින්නේ නැහැ. හැබැයි මේ දේවල් හරියට නොදැන කරන අය නිසා සමහර අයට මේ දේවල් ගැන වැරදි ආකල්පයක් තියෙන්නේ.
ඒ තියෙන වැරදි ආකල්පය නිසා බයක් නැද්ද?
නෑ. අපි හරි විදිහට හරි දේ කරනවා නම් ඒ දේවල් ගැන බය වෙන්නේ ඕනේ නැහැ
රඟපාන්න කැමති නැද්ද?
ඔව් රංගනයට කැමැත්තක් තියෙනවා.
ආරාධනා එහෙම ලැබුණෙ නැද්ද?
තාම නම් ලැබිලා නැහැ.
දැනට නිරූපණය පැත්තෙන වැඩ සඳහා දායක වුණේ නැද්ද?
නිරූපණ පැත්තෙන් මං ෆොටෝ ෂූට් කරලා තියෙනවා.
ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?
ලොකු බලාපොරොත්තු නෑ. කරන දේ හොඳ විදිහට හරියාකාරව කරන්න තමයි බලාපොරොත්තුව.
අවසාන වශයෙන් කිව්වොත් මේ ක්ෂේත්රයට එන්න අතහිත දුන් අය ඉන්නවාද මතක් කරන්න?
ඔව්, මගේ අම්මා තාත්තා තමයි
Dilan Chryshantha