ඕනෑම දෙයක හොඳ පැත්තක් සහ නරක පැත්තක් තියෙනවා
කුඩා කල සිටම වෙළඳ දැන්වීම්, ටෙලි නාට්‍ය ඔස්සේ ක්ෂේත්රයට පැමිණි හංසි මේ වනවිට නාට්‍ය හා රංග කලා උපාධියක් හදාරන ශිෂ්‍යාවක්. ඇයව බොහෝ දෙනා හඳුනන්නේ සිරස ෆිල්ම් ස්ටාර් රියැලිටි වැඩසටහනේ තරඟකාරිනියක් වූ නිසා. කවදාහෝ හොඳම හෝ ජනප්‍රියතම සම්මානයක් දිනාගැනීමේ සිහිනය හංසිට තිබෙනවා. ඉතින් හංසිට සාරවිට කතාබහෙන් අපි ඉඩක් වෙන් කර දෙන්නට හිතුවා.
මගේ නම හංසි දෙවිමිණි. මගේ පදිංචිය දෙමටගොඩ. මගේ පවුලේ ඉන්නේ මමයි අම්මයි තාත්තයි අයියයි. මම දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ නාට්‍ය හා රංග කලා විශේෂ උපාධියක් හදාරමින් ඉන්නවා.
කලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?
ඇත්තටම මම ෆීල්ඩ් එකට සම්බන්ධ වෙන්නේ 2009 වසරේදීයි. ඒ මැක්ස් නාලිකාවේ නිවේදිකාවක් ලෙසින්. ඊටපස්සේ ස්වාධීන රූපවාහිනියේ දේදුණු හැන්දාව ළමා වැඩසටහන ඉදිරිපත් කරනවා. සාමාන්‍ය පෙළ කාලයේදී කලාවෙන් ඈත් වෙලා උසස් පෙළින් පසුව නැවතත් කලාවට එකතු වෙනවා. පසුව මම සිරස ෆිල්ම් ස්ටාර් තරඟයට ඉදිරිපත් වෙනවා. විදිහට තමයි ක්ෂේත්රයට එකතු වෙන්නේ.
ෆිල්ම් ස්ටාර් අත්දැකීම් ගැන කිව්වොත්?
ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අතරින් සිරස ෆිල්ම් ස්ටාර් තරඟාවලියේ මම අවසන් දහසය දෙනා අතරට පැමිණෙනවා. හොඳ අත්දැකීම් ගොඩක් ෆිල්ම් ස්ටාර් හරහා ලැබුණා. සිරස ෆිල්ම් ස්ටාර් මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වෙනවා. ෆිල්ම් ස්ටාර්වලින් පසුව මට රංගනයට ආරාධනා රැසක් ලැබුණා.
මේ වෙද්දි දායකවෙලා තිබෙන නිර්මාණ ගැන කිව්වොත්?
ඒ අතරතුර පුංචි කාලේ ඉඳලා වෙළඳ දැන්වීම්වලට සහ ටෙලි නාට්‍යවලට රංගනයෙන් එකතු වෙලා තියෙනවා. මෑතකදි රංගනයෙන් දායක වුණා pimple care කියන වෙළඳ දැන්වීමට. ස්වර්ණවාහිනියේ ඉටිමල්, ඉතිං ඊටපස්සේ, කෝපි කඩේ වැනි ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තියෙනවා. සුපර් සික්ස්, සිහින මායා කියන චිත්‍රපටවලට දායක වෙලා තියෙනවා. එතකොට කිකී ඇප් එක හරහා විකාශය වන කරවනැල්ලේ බොල වෙදා, කාංචනා ටෙලි නාට්‍යවල සහ යූ-ටියුබ් වල වීඩියෝ කිහිපයකට සම්බන්ධ වෙලා තියෙනවා.
ඔබ තරුණ රංගන ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත්රය දකින්නේ කොහොමද?
ඕනෑම දෙයක හොඳ පැත්තක් සහ නරක පැත්තක් තියෙනවා. හොඳ පැත්ත ගැන කිව්වොත් තරුණ අයට අළුත් දේවල් උකහා ගෙන ඉස්සරහට යන්න අවස්ථාව දැන් තියෙනවා. ඒ වගේම දුක පැත්තක් තියෙනවා. ඒ දුක ගොඩක් ගැඹුරුයි. ඒ ගැඹුර නවකයන්ගෙන් ගොඩක් අයට උකහා ගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ෆොටෝ ෂූට් එකක් කරපු පලියට තමන් නළුවෙක්, නිළියක් කියලා හිතන පිරිසක් බිහිවෙන්නේ. මේ විදිහ වරදවා වටහා ගෙන ක්ෂේත්රයට එන අය ගැන ඇත්තටම මම දුක් වෙනවා. තරුණ අපි වුණත් යන්න ඕනේ පියවරෙන් පියවර හරි මාර්ගයේ. ඉගෙනගෙන තමයි ඉස්සරහට යන්න ඕනේ. විශ්වවිද්‍යාලය තුළ මට ඒ අධ්‍යාපනය 100%ක් ලැබෙනවා. නවක රංගන ශිල්පියෙක්ට ක්ෂේත්රය ගැන ඉගෙනගෙන ඉස්සරහට එන්න පුළුවන් නම් ඒ දේ එයාගේ ජීවිතයට ලොකු ආලෝකයක් කියලා මම හිතනවා.
සෝෂල් මීඩියා ඔස්සේ පැමිණෙන ශිල්පිනියන්ගේ පැවැත්මක් නැත්තේ ඇයි?
ඒකේ පැවැත්මක් නැහැ කියන්න බැහැ. ඇත්තෙත් නැහැ. බහුතරයකට පැවැත්මක් නැහැ. කඩේ යන්න තරම් මොඩ්ලර්ස්ලා බිහි වුණාම ඉක්මනින් ජනප්‍රිය වෙන්න දඟලන අයට වැඩි කාලයක් ක්ෂේත්රයේ රැඳෙන්න ලැබෙන්නේ නැහැ.
කලාවට සම්බන්ධ වෙන්න හිතුවේ ඇයි?
මම ආසම ප්රශ්නය තමයි ඔයා ඇහුවේ. පොඩි කාලේ ඉඳලාම ආසාවක් තිබුණා නිවේදිකාවක් වෙන්න. දැන් ඒ ආසාව නම් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. මට ඇත්තටම කලා ක්ෂේත්රයට එන්න ඕන වෙලා තිබ්බේ කවදාහරි දවසක ලංකාවේ හොඳම හෝ ජනප්‍රියම නිළියට හිමි සම්මානයක් දිනාගන්න. චූටි කාලේ ඉඳලම රඟපාන්න ආසාව තිබුණත් මේ විදිහට ටෙලිවිෂන් එක හරහා ජනප්‍රිය වෙයි කියලා හිතුවේ නැහැ. ඒත් දැන් ටෙලි නාට්‍යවල ටික ටික රඟපානවා. ඒක සාර්ථක වෙලා තියෙන නිසා නිළියක් ලෙස කලා ක්ෂේත්රයට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරනවා.
ගෙදරින් ලැබෙන සහය කොහොමද?
ඇත්තටම ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. මුලදි නම් කැමැත්තක් තිබුණේ නැහැ. මම අධ්‍යාපනය පැත්තෙනුත් ලොකු දෙයක් කරලා තියෙන නිසා දැන් නම් ගෙදරින් කැමත්ත තියෙනවා. මගේ සහෝදරයා හැමතිස්සෙම මගේ ළඟ හිටියා. ඒ වගේ අම්මගෙයි තාත්තගෙයි ආශිර්වාදය නිසා අද මම මේ වගේ තැනක ඉන්නවා.
කලාව පැත්තෙන් තියෙන ලොකුම හීනය මොකද්ද?
කවදාහරි දවසක ප්‍රවීණ සහ දක්ෂ ඒ වගේම ජනප්‍රියතම නිළියක් වෙමින් හොඳ නිර්මාණ අතරින් ප්‍රේක්ෂකයන් අතරට යන එක තමයි.
ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?
මේ වෙද්දි විශ්වවිද්‍යාලයේ කටයුතු නිසා පොඩ්ඩක් විතර කලා ක්ෂේත්රයෙන් ඈත් වෙලා ඉන්නේ. නමුත් කවදාවත් කලාව සහ රඟපාන එක අත් හරින්නේ නැහැ. හොඳ නිර්මාණවලට ආරාධනා ලැබුණොත් සහභාගී වෙනවා.
මේ ගමනේදී උදව් කළ පිරිස ගැන කිව්වොත්?
ඇත්තටම ගොඩක් අය මතක් කරන්න ඉන්නවා. මගේ ගෙදර අය, නෑදෑයෝ මට ගොඩක් උදව් කරා. ඒ වගේම පාසැලේ යාළුවෝ, අසල්වාසී අය උදව් කරනවා. එතකොට නිරෝෂන් අයියා, සහෙල ජයමාන්න, රාජා අයියා, දිනේෂ් අයියා මට ගොඩක් උදව් කලා. මම නොදන්න මාව දන්න ගොඩක් අය මට වචනයකින් හරි උදව් කරලා තියෙනවා. ඒ අයටත් මම ස්තූතියි කරනවා.
කැළුම් දේවින්ද