ඕනෑම තැනක දියුණු වෙන්න හොඳට මහන්සි වෙන්න ඕනේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-13-ent-26

2019 දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ අවසන් 12 දෙනා නියෝජනය කළ තරඟකාරිනියක් තමයි නිත්‍යා කියන්නේ. ඉදිරියේදී නිත්‍යා කලා ක්ෂේත්‍රයට එක්වීමට සූදානමින් සිටිනවා. කලාව තුළින් ඉදිරියට යෑමට බලාපොරොත්තු වන නිත්‍යාව සාරවිට කතාබහට හමු වුණේ මේ විදිහටයි.

 

ඔබ ගැන හඳුන්වා දුන්නොත්?2019-05-13-ent-29

මගේ නම නිත්‍යා දේවින්දි. මගේ පවුලේ ඉන්නේ අම්මයි, මමයි, අයියයි නංගියි. දැනට මම රැකියාවක් සඳහා පුහුණු වෙමින් ඉන්නවා. මම මේ අවුරුද්දේ දෙරණ අවුරුදු කුමරිය තරඟයේ අවසන් දොළොස් දෙනා නියෝජනය කළා.

 

නිර්මාණවලට දායක වී තිබෙනවාද?

තවම නැහැ. මම දෙරණ අවුරුදු කුමරියට තමයි මුලින්ම සම්බන්ධ වුණේ. නිර්මාණවලට ආරාධනාවන් ලැබුණොත් අනිවාර්යෙන්ම රංගනයට සහ නිරූපණයට එක්වෙන්න කැමතියි. මම හිතනවා ඉදිරියේදී ආරාධනා ලැබෙයි කියලා. ඒ වගේම රංගනයට එකතු වෙන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ.

 

දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ අත්දැකීම් කොහොමද?

ගොඩාක් හොඳ අත්දැකීම් රැසක් ලැබුණා. ඒ තරඟාවලියට සහභාගී වුණු තරඟකාරිනියන්ගෙන් මට තමයි අත්දැකීම් අඩුවෙන්ම තිබුණේ. ගොඩක් අය ෆීල්ඩ් එකේ වැඩකරපු අයයි. කවදාවත් මම ඒ වගේ අත්දැකීමක් ලැබිලා නැහැ.

 

අවුරුදු කුමරියට තරඟ කිරීමේදී ගෙදරින් ලැබුණු සහයෝගය කොහොමද?

ඇත්තටම මට වඩා මගේ ගෙදර අයට තමයි උවමනාව තිබුණේ. මට ගෙදර අය ලොකු සහයක් වුණා මේ තරඟාවලියේදී. දැනටත් නිර්මාණයකට ආරාධනාවන් ලැබුණාම ඒ ගැන හොයලා බලනවා.

 

කලාවට එකතු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් විදිහට ඔබ හිතනවාද ක්ෂේත්‍රයෙන් හොඳ ආර්ථික මට්ටමක් ගොඩනගාගන්න පුළුවන් කියලා?

බැරි කමක් නැහැ. කලාව වෘත්තීයක් විදිහට ඉටු කරනවා නම් හොඳ ආර්ථිකයක් ගොඩනගාගන්න හැකියාවක් තිබෙනවා. නමුත් ඕනෑම තැනක දියුණු වෙන්න හොඳට මහන්සි වෙන්න ඕනේ, කැප වෙන්න ඕනේ. කැපකිරීම් කරන්න පුළුවන් නම් මම හිතන්නේ පුළුවන් කියලා.

 

කලාව පැත්තෙන් තිබෙන බලාපොරොත්තු මොනවාද?

හොඳ නිර්මාණ තුළින් කලාවට සම්බන්ධ වෙන එක තමයි තිබෙන ලොකුම බලාපොරොත්තුව.

 

උදව් කළ පිරිසක් ඉන්නවාද?

තරඟය පුරාම මගේ පවුලේ අය මට ගොඩක් ශක්තියක් වුණා. හැමෝම මට ධනාත්මකව හිතන්න පුරුදු කළා. විශේෂයෙන් දෙරණ කාර්ය මණ්ඩලය මතක් කරන්න ඕනේ. මේ වගේ තරඟ සංවිධානය කරලා කෙනෙක්ව තැනකට ගේන්න ඔවුන් මහන්සි වුණා. අපි අවසන් තරඟාකාරිනියන් 24 දෙනාම හරිම එකමුතුවෙන් තමයි වැඩ කළේ. ඉතින් ඒ හැමදෙනාවම ආදරයෙන් මතක් කරනවා.

 

කැළුම් දේවින්ද

 

2019-05-13-ent-25  2019-05-13-ent-27 2019-05-13-ent-28