ඕනෑම ක්ෂේත්රයක වැරැදි පැත්තකුත් තියෙනවා
නිරූපණයට දැඩි කැමැත්තක් ඇති මෙම සොඳුරු රුවැත්තිය නමින් චාමිනී සමරකෝන්ය. උපාධි අපේක්ෂිකාවකද වන ඇය ඇගේ කලා කටයුතු පිළිබඳව පැවැසීමට ‘සාරවිට' සමගින් මෙලෙස සම්බන්ධ කරගත්තෙමු.
ඔබ ගැන හැඳින්වීමක් කරන්න?
මම චාමිනී සමරකෝන්. වයස 22යි. දැනට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර අංශයේ බී.ඒ. උපාධිය හදාරනවා. ඊට අමතරව විනෝදාංශයක් විදියට කලාකටයුතු කරගෙන යනවා.
ඔබ කලාකටයුතු විදියට කරන්නේ නිරූපණයද? රංගනයද?
නිරූපණ අංශයට තමයි වැඩි කැමැත්තක් දක්වන්නේ.
මේ දේවල්වලට එකතු වුණේ කොයි කාලයේද?
2014 උසස් පෙළ අවසන් කරනවාත් සමගම නිරූපණයට යොමු වුණා.
මොකක් නිසාද ක්ෂේත්රයට එන්න ආසාවක් හා අවස්ථාවක් ලැබුණේ?
බ්‍රයිඩ්ල් ෂෝ එකකින්. ගොඩක්ම මම බ්‍රයිඩ්ල් තමයි කරන්නේ.
පැෂන් පැත්තට යොමු වෙන්න කැමැත්තක් නැද්ද?
නෑ ඒ පැත්තටත් කැමතියි. මම ගොඩක්ම කැමති බ්‍රයිඩ්ල්.
අවුරුදු 3ක විතර කාලය තුළ ඔබ දායක වෙලා තියන වැඩකටයුතු මොනවාද? කර්මෂල් , මියුසික් වීඩියෝ වලට දායක වෙලා තියනවාද?
නෑ. ඒවට දායක වෙලා නෑ. නිරූපණය පැත්තෙන් ඉදිරියට යන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ.
ඒ පැත්තට යන්න බලාපොරොත්තුවක් නැද්ද?
රංගනය පැත්තට යොමුවෙන්න කලින් ඒ පිළිබඳව හදාරලා ඉන්න ඕනේ. මම ගොඩක්ම ආසා නිරූපණය පැත්තට.
මේක ඔබේ වෘත්තිය විදියට ඔබ තෝරාගන්නවාද?
නෑ. මේ මගේ වෘත්තිය නෙමෙයි මගෙ පොඩිකාලෙ ඉඳන් ආසාවක් තිබුණා නිරූපණය පැත්තට. ඒ නිසා තමයි නිරූපණය පැත්තට යොමුවුණේ.
ඔබ වෘත්තිය විදියට මොකක්ද කරන්න බලාපොරොත්තුවෙන්නේ?
මම පරිපාලන අංශයට තමයි කැමති ඉගෙනීම් පැත්තෙන්.
නිරූපණයට යොමු වෙන්න ගෙදරින් අවසර ලබා දුන්නද?
දැන් තියන සමාජ රටාව අනුව නම් ගෙදරින් අවස්ථාව ලැබෙනවා ගොඩක් අඩුයි. මගෙ ආසාවට එයාලා සහයෝගය දෙනවා.
අද පවතින තත්ත්වය ගැන මොකද හිතන්නේ නිරූපණය පැත්ත ගැන?
ජනප්‍රියතාවය කියන දේ හදාගන්න පුළුවන් ඉක්මනින්. ඉක්මනින් ජනප්‍රිය වෙන්න ඕනේ නෑ. තැනක් තියාගෙන හරි විදියට ගියොත් ඕනෙ කෙනෙකුට ඉස්සරහට යන්න පුළුවන්. මේ ක්ෂේත්‍රෙය් විතරක් නෙවෙයි ඕනෙ තැනක හරි විදියට වැරදි විදියට කට්ටිය ඉන්නවා. තමන් හොඳනම්. තමන්ට යන්න ඔනෙ තැන දන්නවානම් ඉස්සරහට යන්න පුළුවන්.
ඉගෙනීම් කටයුතු එක්ක මේ සඳහා කාලය වෙන්කරගන්න පුළුවන්ද?
දෙකම බැලන්ස් කරගෙන කරගන යනවා.
ඉදිරි බලාපොරොත්තු මොනවාද?
නිරූපණ අංශයෙන් ඉදිරියට යන්න ලොකු බලාපොරොත්තුවක් තියනවා. නිරූපිකාවක් වෙන්න ඒ අතරම අධ්‍යාපන පැත්තෙන් ඉස්සරහට යන්නත් ලොකු බලාපොරොත්තුවක් තියනවා.
මතක් කළයුතු පිරිසක් ඉන්නවාද?
මට ගොඩක් උදවු කළා ධනුෂ්ක ප්‍රසාද්. ඒ වගේම මේ ක්ෂේත්රයට එන්න ගොඩක් උදවු කරපු සුපුන් වීරතුංග අයියත් ඒ දෙන්නට විශේෂයෙන්ම ස්තූති කරන්න ඕනේ. ඊට අමතරව අම්මා තාත්තා මට උදවු කරනවා.