ඕනෑම ක්ෂේත්‍රයට හොඳ සහ නරක කියලා දෙපැත්තක් තියෙන්න පුළුවන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-05-22-ent-144

රංගනයට පිවිසීම හීනයක් කරගත් මදුෂානි රුහුණු පුරයෙන් ක්ෂේත්‍රයට පිවිසි නවක නිරූපිකාවක්. පසුගිය දිනක ඇය ‘සාරවිට’ අප සමග පුංචි කතාබහක නිරත වූවා. මේ එහි අවස්ථා කිහිපයකි.

 

මුලින්ම ඔබ ගැන හැඳින්වීමක් කරන්න.

2017-05-22-ent-143මගේ නම මධුෂානි අක්මීමණ. මගේ ගම ගාල්ල. මගේ වයස අවුරුදු 22යි. මම විවාහකයි. මමයි, මගේ මහත්තයයි, අම්මයි, ආච්චියි, මල්ලිලා දෙන්නයි තමයි මගේ පවුලේ ඉන්නේ.

 

නිරූපිකාවක් වීමට පුංචිකාලයේ ඉඳන්ම ආසාවක් තිබුණාද?

ඇත්තටම පුංචිකාලයේ ඉඳන්ම ආසාවක් තියෙන්නේ රංගනයට සම්බන්ධවෙන්න. නිරූපණ ක්ෂේත්‍රයට පැමිණීමට ඒකට ආරම්භයක් කියලා මම හිතෙනවා.

 

කොහොමද ඒ ආරම්භය සිද්ධවෙන්නේ?

ගාල්ලේ රුවන්ති කියලා සැලුන් එකකින් අහම්බෙන් මට කතා කළා Wedding Of Sri Lanka කියන Magazine එකේ Photo Shoot එකකට. එතැනින් තමා නිරූපණ ක්ෂේත්‍රයේ මගේ ගමන ආරම්භ වෙන්නේ. එතැනින් පසු මම ගොඩක් වැඩකළේ ප්‍රභා වාසනා එක්ක.

 

ඔබ ක්ෂේත්‍රයට එකතු වෙලා කොපමණ කාලයක් වෙනවද?

දැන් අවුරුදු 1 ½ක්විතර වෙනවා.

 

එතෙක් මෙතෙක් කාලය තුළ ඔබ දායක වුණ වැඩකටයුතු මොනවාද?

ගොඩක්ම කළේ Bridal Shoots තමයි. Magazine Shootsවලටත් සම්බන්ධ වුණා. ගොඩක්ම ආසාත් Bridal Shootsවලට තමයි. මේ ටික කාලයට සම්බන්ධ වුණ වැඩකටයුතු පිළිබඳ මම සෑහීමකට පත්වෙනවා.

 

අලුතින් ක්ෂේත්‍රයට එක්වෙන ඔබ වගේ අය සඳහා, ප්‍රවීණයන්ගෙන් ලැබෙන්නේ මොනවගේ සහයෝගක්ද?

මෙහෙමයි, අලුතින් ක්ෂේත්‍රයට එද්දී ගොඩක් දේවල් කියලා දෙන සහ සහයෝගයක් ලබාදෙන ගොඩක් අය ඉන්නවා. මම ක්ෂේත්‍රයට නවකයෙක් විදියට ප්‍රවීණයන්ගෙන් මට ලැබෙන සහයෝගය ගැන මම තෘප්තිමත් වෙනවා. ඒ වගේම ක්ෂේත්‍රය තුළ කලකිරීම් ඇතිවෙන අවස්ථාත් නැතුවාම නෙවෙයි.

 

ඒ කියන්නේ දැනටම ක්ෂේත්‍රය එපා වෙලාද?

අනේ නැහැ, ක්ෂේත්‍රය ගැන මට තියෙන ලොකු ආදරයක් වගේම ගෞරවයක්. ඕනෑම ක්ෂේත්‍රයක හොඳ සහ නරක කියලා දෙපැත්තක් තියෙන්න පුළුවන්. ඒ ගැන වටහාගෙන ඉදිරියට යන එකයි විය යුත්තේ.

 

ඔබගේ පවුලේ අයගෙන් මේ සඳහා ලැබෙන සහයෝගය මොනවගේද?

ලොකු සහයෝගයක් ගෙදරින් ලැබෙනවා. මගේ අම්මා තමයි මටත් වඩා මම මේ ක්ෂේත්‍රය තුළ රැඳෙනවාට කැමති. ඒ වගේම මගේ මල්ලිලා දෙන්නාත්, ආච්චිත් ලොකු සහයෝගයක් දෙනවා. මගේ මහත්තයාගේ තේරුම්ගැනීමේ හැකියාව නිසාත් මම නිදහසේ ක්ෂේත්‍රය තුළ වැඩකටයුතු සිදුකරනවා.

 

ඔබේ වෘත්තීය නිරූපණයද?

නැහැ, මම දැනට පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා. නිරූපණය මට වෘත්තීයටත් එහා ගිය දෙයක් කිව්වොත් හරි. මොකද රැකියාව නිසා නිරූපණ ක්ෂේත්‍රයට ප්‍රශ්නයක් නොවෙන්නයි මං නිතරම වගේ වගබලාගන්නේ.

 

ඔබේ ඉදිරි වැඩකටයුතු සහ බලාපොරොත්තු ගැනත් කියන්න.

රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ සඳහා මට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම නිරූපණ ක්ෂේත්‍රය තුළ හොඳ විදියට ඉදිරියට යාම තමයි බලාපොරොත්තුව.

 

ඔබට උදවු කළ මතක් කළ යුතු පිරිසකුත් ඇති, ඒ අයගැනත් කියන්න.

ඔව් අනිවාර්යයෙන්ම, මුලින්ම මතක් කරන්න ඕන පබෝධා වාසනා අක්කිව, එයා නිසා තමයි මම මෙතන ඉන්නෙ කිව්වොත් තමයි මම හරි. ඒ වගේම මගේ පවුලේ අය, මගේ ආදරණීය සැමියා සහ ඔහුගේ පවුලේ අය. මගේ නැන්දාවත් ආදරයෙන් මතක් කරනවා. චතුර රත්නායක අයියාවත් මතක් කළ යුතුයි. ක්ෂේත්‍රය තුළ මට වචනයකින් හරි උදවු කළ කරන කෙනා හරි මට වටිනවා. මගේ ගමන පිටුපස මට උදවුකළ අය බොහොමයි. ඒ හැම දෙනාවම ආදරයෙන් මතක් කරනවා.

 

කතාබහ - දිනිත් කණිෂ්ක

ඡායාරූප - කවීත් මිලින්ද

 

2017-05-22-ent-138 2017-05-22-ent-139 2017-05-22-ent-140 2017-05-22-ent-141 2017-05-22-ent-142